0
මකාදමන ලද Files නැවත ආපසු ලබාගැනීමට (Recover) හැකියාව ඇත්තේ ඇයි, එය ඔබට නැවැත්විය හැකිවෙන්නේ කෙසේද?




ඔබ විසින් යම් කිසි File එකක් "Delete" කිරීමේදී සැබෑවටම එය මැකෙන්නේ නැහැ.  "Recycle Bin" එකෙන් එය ඉවත් කරත් තවදුරටත් එය ඔබගේ දෘඩ තැටියේම  පවතිනවා. එම හේතුව නිසා ඔබට සහ වෙනත් පුද්ගලයෙකුට වුනත් හැකියාව තිබෙනවා ඒවා ආපසු නැවත ලබාගැනීමට.

එම කරුණ පිළිබඳව ඔබ තරමක හෝ සැලකිල්ලක් දක්වන්නේ නොමැතිනම්. වෙනත් පුද්ගලයෙකුට හැකියාව තිබෙනවා ඔබේ අතිශය පෞද්ගලික තොරතුරු ඔබ විසින් මකාදමා තිබුනත් ඒවා නැවත ආපසු ලබා ගැනීමට. අපේ වචනයෙන් කියනවානම් "Recover" කරගැනීමට. ප්‍රධාන වශයෙන්ම මෙය අතිශය වැදගත් කරුණක් වෙනවා ඔබේ පරිගණකය හෝ දත්ත ගබඩා කොට තිබෙන දෘඩ තැටිය ඔබ හැර අනෙකුත් පුද්ගලයනුත් භාවිතා කරනවානම්.


ඔබ විසින් File එකක් මකා දැමීමේදී සැබෑවටම සිදු වෙන්නේ කුමක්ද?


Windows සහ අනෙකුත් මෙහෙයුම් පද්දති විසින්  ඔබේ දෘඩ තැටියේ තිබෙන Files තිබෙන ස්ථානයන්  පිළිබඳව දිගින් දිගටම සටහන් තබා ගනිමින් තමයි සිටින්නේ. සෑම Folder එකක් සහ File එකක් තිබෙන ස්ථානයන් පිළිබඳව දෘඩ තැටියේ සලකුණු වී තිබෙනවා එම හේතුව නිසා Windows මෙහෙයුම් පද්දතියට පැවසීමට හැකියාව තිබෙනවා Files වල Data ආරම්භ වුනු ස්ථානයන් සහ අවසාන වුනු ස්ථානයන් පිළිබඳව.


ඔබ විසින් File එකක් මකාදැමීමෙදී, Windows විසින් ඔබේ දෘඩ තැටියේ එම File එක තිබුන ස්ථානයන් පිළිබඳව තබාගෙන සිටි සලකුණු මකා දමනවා. File System එක මගින් එය දකිනු ලබන්නේ එම file එක තවදුරටත් දෘඩ තැටියේ අඩංගු නොවන බව සහ එම File එක ඉවත් කිරීමෙන් ලැබුන ඉඩ ප්‍රමාණය නිදහස්ව පවතින බවත්ය. 

කොහොම වුනත් මෙහෙයුම් පද්දතිය මගින් ඔබ විසින් ඉහතදී මකා දමනු ලබූ File එක අඩංගු දෘඩ තැටියේ තිබෙන "Sector" එකමතට නැවත අලුත් Files කිහිපයක් එකතු නොකරන තුරු ඔබට හැකියාව තිබෙනවා නැවත එම Files ආපසු ලබා ගැනීමට. "File Recovery Program" එකකට පුළුවන් වෙනවා දෘඩ තැටිය සම්පූර්ණ පරිකශාවකට ලක් කොට එම files නැවත ඔබට ලබා දීමට. එම අදාළ File එක තිබු දෘඩ තැටියේ එම අදාළ "Sector" එක මතට අඩ වශයෙන් හෝ දත්ත කිහිපයක් එකතු වී තිබෙනවානම් "File Recovery Program"එකකට හැකියාව තිබෙන්නේ එම File එකේ තිබෙන දත්ත කොටසක් පමණක් ලබා ගැනීමටයි.




නමුත් ඔබ විසින් මෙහිදී විශේෂයෙන් දැනගතයුතු දෙයක් තිබෙනවා  ඒ තමයි අප විසින් ඉහතදී සඳහන් කරන ලද සියල්ල "Solid State Drives" ගණයට වැටෙන නවීන දෘඩ තැටි සඳහා වලංගු නොවන බව. ඔබ භාවිතා කරන්නේ "TRIM-Enabled" කරපු දෘඩ තැටියක් නම්,ඔබ විසින් Delete කරනු ලබන Files නැවත Recover කිරීමට නොහැකි වෙන පරිදි ක්ෂණිකවම මැකෙනවා. ප්‍රධාන වශයෙන්ම දත්තයන් නැවත එම Flash Cells වලට එකතු කිරීමට නොහැකි වෙනවා. පළමුව කල යුතු වෙන්නේ එම Flash Cells වල දත්තයන් මකා ගෙන සිටීමයි. ඔබේ මෙහෙයුම් පද්දතිය මගින් ක්ෂණිකවම Files මකා දමනු ලබනවා ඉදිරියේදී සිදු කරනු ලබනවා ලිවීමේ ක්‍රියාවලිය  (Write Performance) වේගවත් කරගැනීම සඳහා. ඒ මගින් ක්ෂණිකව File data මකා දමනු ලැබුවේ නොමැති නම්. පළමුව Flash Memory එක මකා  දැමිය යුතු වෙනවා ඉදිරියේදී නැවත දත්තයන් එකතු කිරීමට අවශ්‍ය නම්. එම හේතුව නිසා තමයි "Solid State Drive"වලට දත්තයන් පිටපත් කිරීමේදී තරමක් මන්දගාමී බවක් ඇති වෙන්නේ. 

 
 

 මකා දමනු ලැබූ Files නැවත ආපසු ලබා ගැනීම


ඔබේ අතින් හදිසියේම වැදගත් File එකක් හෝ කිහිපයක් Delete වුනාද?  නැවත එය ආපසු ලබා ගැනීමට අවශ්‍යද? එසේනම් ඔබ විසින් සිහියේ තබා ගත කරුණු කිහිපයක් තිබෙනවා.

1. ඔබ විසන් එම Files හැකි පමණ ඉක්මනින් Recover කර යුතු වෙනවා. Windows විසින් එම අදාළ ස්ථානයන්ට නැවත අලුතෙන් Files පිටපත් කර තිබුනොත් එය නැවත ලබා ගැනීමට හා සහමුලින්ම ඉවත්වීමට හැකියාවක් තිබෙන නිසා. ඔබට දැනගැනීමට අවශ්‍යනම් එම File එක නැවත Recover කරගැනීමට පුලුවන්ද කියා ඔබ විසින් වහාම කල යුතු වෙන්නේ Recover කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමයි.

2. ඔබ විසින් උත්සහ කල යුතු වෙනවා දෘඩ තැටිය අවම වශයෙන් භාවිතා කිරීමට. Delete කරපු File එකක් නැවත Recover කරගැනීමට තිබෙන හොඳම ක්‍රමය තමයි File එකක් Delete වුන ගමන්ම පරිගණකයේ බල සැපයුම විසන්ධි කොට දමා  එම දෘඩ තැටිය වෙන පරිගණකයකට සම්භන්ධ කොට අනිත් දෘඩ තැටියෙන් මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වීමට ඉඩ හැර වහාම Recovery මෘදුකාංගයක් මගින් ඔබේ දෘඩ තැටිය පරික්ෂාවට ලක් කිරීම. ඔබ උත්සහ කරනවානම් File එක delete වුන දෘඩ තැටියටම නැවත Recovery මෘදුකාංගය Install කිරීමට එමගින් එම delete වුන file එක overwrite වීමට ඉඩ තිබෙනවා. එවැනි ආකාරයක Installation ක්රියාවලියකදී සහ දෘඩ තැටිය සාමාන්‍ය ලෙස භාවිතා කිරීමකදී එම ඔබ recover කිරීමට බලාපොරොත්තු වෙන File එක කිසි දිනෙක ලබා ගැනීමට නොහැකි වෙන පරිදි overwriteවීමටඉඩ තිබෙනවා.

Windows මෙහෙයුම් පද්දතිය සතුව එහිම් අන්තර්ගත කරන ලද Recovery Software එකක් ඇත්තේ නැහැ. නමුත් ඔබට අන්තර්ජාලයෙන් බාගත කරගැනීමට හැකියාව තිබෙනවා ඕන තරම් එවැනි මෘදුකාංග. එවැනි නොමිලේම ලබා ගනේමට පුළුවන් වඩාත් හොඳ මෘදුකාංගයක් තමයි "Recua" කියන්නේ. එමගින් ඔබට හැකියාව තිබෙනවා Delete වුන files නැවත ආපසු ලබා ගැනීමට.


එම Recua මෘදුකාංගය බාගැනීමට මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.
 

Delete කරන ලද Files නැවත Recover කිරීමට නොහැකි වෙන ලෙස සම්පූර්ණයෙන්ම මකාදමමු. 

 ඔබේ රහස් පිටට එළි කල යුතු නැතැයි කියා ඔබ සිතනවානම්. උදාහරණයක් විදියට අතිශය පුද්ගලික Files වෙන කෙනෙකු සතු නොවිය යුතුයි කියා. එසේනම් ඔබේ පරිගණකය හෝ දෘඩ තැටිය වෙනත් කෙනෙකු අතට පත් කිරීමේදී ඔබ එයින් delete කරන ලද Files නැවත කිසිලෙසක ආපසු ලබා ගැනීමට නොහැකි ලෙස මකා දැමිය යුතු වෙනවා නේද?

එය නිවැරදිව සිදු කරගන්න ආකාරය පිළිබඳව අප විසින් මින් ඉහතදී ලිපියක් මගින් ඔබ දැනුවත් කරා ඔබට මතක ඇති. එම ලිපිය නැවත කියවීමට මෙම පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.




 දැන් ඔබ දැනුවත් වෙන්න ඇති කියා සිතනවා ඔබ විසින් Delete කරන ලද Files නැවත ආපසු ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ ඇයිද කියන කරුණ පිළිබඳව. එසේනම් එය තමයි අප ලබන එකම සතුට. ඉදිරියටත් මෙවැනි ලිපි ලියන්න ඔබගේ ප්‍රතිචාරය ගොඩක් වටිනවා. එම නිසා ඔබගේ ප්‍රතිචාරය Comment එකක්මගින් දැක්වීමට තරම් කාරුණික වෙන්න.

Post a Comment

 
Top