0
USB Recovery Disk එකක් මගින් Windows 8 වල ඉදිරියේදී ඇති විය හැකි ගැටළු සාර්ථකව විසඳා ගනිමු .


Boot කිරීමට හැකියාව ඇති "Windows 8 recovery drive" එකක් මගින් Windows 8 Repair කිරීමට සහ Restore කිරීමට හැකියාව තිබෙනවා. එමගින් ඔබට පුළුවන් වෙනවා Windows 8 වල ඉදිරියේදී ඇති විය හැකි ගැටළු වලට සාර්ථකව මුහුණ දීමට.



පියවර 1  

Windows 8 Start Screen එකෙහි තිබෙන Search box එකෙහි "Recovery" යනුවෙන් Type කර search කරන්න. ඉන්පසුව "settings" කියන එක ක්ලික් කරන්න ඒ යටතේ තිබෙන Search Results දැක ගැනීම සඳහා. මීළඟට "Create a recovery drive" කියන option එක තෝරන්න. 



පියවර 2 

Recovery Drive Tool කියන window එක පැමිණුන පසුව. එහි තිබෙන " Copy the recovery partition from the PC to the recovery drive" කියන Option එක ඉදිරියෙහි තිබෙන Box එකට හරි ලකුණ දැමීම සඳහා එය මත ක්ලික් කරන්න. 


ඔබ විසින් මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා ඒ තමයි ඔබ ඉහත option එක ඉදිරියෙන් තිබුන box එකට ක්ලික් එක දැමීම හේතුවෙන් ඔබේ පරිගණකයේ අන්තර්ගත වී තිබුන "Recovery Partition" එක ඔබේ පෙන් එකට Copy වෙන අතර එය copy වුන පසුව එම "Recovery Partition" එක ඔබේ පරිගණකයේ තවදුරටත් ඇත්තේ නැහැ. ඒවගේම තමයි එම "Recovery Partition"  එක ඔබේ USB Drive එකට copy කරගැනීම සඳහා ඔබ සතුව අවම වශයෙන් 16GB USB Drive  එකක් වත්  තිබිය යුතු වෙනවා. නමුත් එය නැතිව ඔබට මෙය සිදු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ අවම වශයෙන් 256MB USB Drive එකක් පමණයි.

පියවර 3 

පලමුව ඔබ විසින් තහවුරු කරගත යුතු වෙනවා ඔබ මේ සඳහා භාවිතා කරන USB Drive එක හිස් එකක් බවට. ඒවගේම තමයි එම USB Drive එක නිවැරදිව My Computer වල දිස් වෙනවාද යන්න පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. මොකද මෙම ක්‍රියාවලියේදී ඔබේ USB Drive  එකේ තිබෙන සියලුම දත්තයන් ක්ෂණිකව මැකී යන නිසා. එහි වැදගත් දේවල් තිබෙනවානම් ඒවා ඉවත් කරගන්න. ඔබ එම Wizard එකේ අවසානයට පැමිණිය පසුව, "Create" බටන් එක ක්ලික් කර විනාඩි කිහිපයක් සිටිය යුතු වෙනවා එම Drive එක සම්පූර්ණයෙන්ම සෑදී නිම වීමට. 


දැන් ඔබ  "Windows 8 recovery drive" එක සදාගෙන අවසානයි. ඉදිරියේදී Windows 8 වල යමි කිසි ගැටළුවක් ඇති වුනහොත් එය විසඳා ගැනීමට අවශ්‍ය වෙන Refresh, Reset, System Restore, System Image Recovery, Automatic Repair කියන සියලුම Tools ඔබ සතු වෙනවා.  

Post a Comment

 
Top