0
දෘඩ තැටි (Hard Drives) වල Bad Sectors ඇති වන්නේ කුමක් නිසාද සහ ඒ වෙනුවෙන් ඔබට කල හැකි වෙන්නේ කුමක්ද ?




Hard Drive එකක තිබෙන "Bad Sector" එකක් කියන්නේ ගබඩා කරන අවකාශය ඇතුලත  ඇති දෝෂ සහිත  කුඩා කොටසක්  ලෙස හඳුන්වන්න  පුළුවන්. එවැනි "Bad Sectors" නිසා දෘඩ තැටිය දෝෂ සහගත අසම්පූර්ණ එකක් බවට පත් වෙනවා. එම Bad Sector එක ඇතුලත් වෙන කොටස කියවීම (Read) සහ ලිවීම (Write) වලට කිසිඳු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.

එම ආකාරයේ "Bad Sectors" පැරණි දෘඩ තැටි වන (Magnetic Hard Drives) වල සහ අද වන විට භාවිතා කරන (Solid-State Drives) දෘඩ තැටි වලද ඇති වීමට හැකියාව තිබෙනවා. එම "Bad Sectors"කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. පලවෙනි එක වෙන්නේ දෘඩ තැටියේ අභ්‍යන්තරයේ ඇතිවුන හානියක් (Physical Damage) නිසා ඇති වෙන "Bad Sectors". එම "Bad Sectors" නැවත  ප්‍රති සංස්කරණය කිරීමට නොහැකි වෙනවා. අනිත් එක තමයි මෘදුකාංග දෝෂ නිසා ඇති වෙන "Bad Sectors.ඒවානම් නැවත  ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාවක් තිබෙනවා.


"Bad Sectors" වර්ග   



ඉහත සඳහන් සඳහන් කර පරිදි දෙආකාරයක "Bad Sectors" තිබෙනවා. ඒවා "Physical" සහ "Logical" ලෙස බෙදා වෙන් කරන්න පුළුවන්. ඒවගේම   "Hard" සහ "Soft" ලෙසත් හඳුන්වන්න පුළුවන්.

"Physical" හෝ "Hard" ලෙස හඳුන්වන  "Bad Sectors" කියන්නේ දෘඩ තැටියේ අභ්‍යන්හාරයේ ඇති වූ හානියක් (Physical Damage) නිසා ගබඩා කරන අවකාශය තුල ඇති වෙන දෝෂ සහිත කුඩා කොටසක් .  දෘඩ තැටියේ head එක එම sector එක මත ස්පර්ශ වෙනවාත් සමගම එම කොටසට හානි වීමක් සිදු වෙනවා. එවගේම තමයි එම sector එක මත දුහුවිලි තැන්පත් වීමෙන්ද  එම sector එක විනාශ වීමට හේතු වෙනවා . එවැනි "Bad Sectors" ක්‍රමයෙන් වර්දනය වී  දෘඩ තැටියේ අභ්‍යන්තරයට දැඩි හානි සිදු වෙනවා. දෘඩ තැටියේ ඇති වෙන එවැනි Sectors කිසි ලෙසකින් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ.

"Logical" හෝ "Soft" ලෙස හඳුන්වන "Bad Sectors" දෘඩ තැටියේ ගබඩා කරන අවකාශයේ ඇති වීම නිසා එම sectors නිවැරදිව ක්‍රියාත්මක නොවීමට හේතු වෙනවා. එම හේතුව නිසා මෙහෙයුම් පද්දතිය(OS) විසින් දෘඩ තැටියේ එම කොටස් වල තිබෙන Data කියවීමට (Read) සහ ලිවීමට (Write) උත්සහ කිරීමේදී මෙහෙයුම් පද්දතිය විසින් දෝෂ පණිවිඩ නිකුත් කරනු ලබනවා. උදා හරණයක් විදියට Error Correcting Code (ECC) කියන දෝෂ පණිවිඩය හඳුන්වන්න පුළුවන්. එවැනි sectors වල තිබෙන data කියවීමට සහ ලවීමට නොහැකි වෙන නිසා එම sectors "Bad Sectors" ලෙස නම් කරනු ලබනවා. නමුත් එම දෝෂයන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාවක් පවතිනවා. දෘඩ තැටිය "Format" කිරීමෙන් වගේම Windows වල තිබෙන "Disk Check Tool" එක මගින් පහසුවෙන්ම එම දෝෂ මග හරවා ගැනීමට පුළුවන්.


"Hard Bad Sectors" හටගන්නා ආකාරය


ඔබගේ දෘඩ තැටිය "Bad Sectors" සමගම කර්මාන්තශාලාවෙන් පැමිණීමට ඉඩ තිබෙනවා. මොකද නුතන දෘඩ තැටි නිෂ්පාදනය කිරීමේ තාක්ෂනය පරිපූර්ණ වූ දෝෂ රහිත එකක් නෙවෙයි. අන්න එම හේතුව නිසා තමයි කලාතුරකින් කර්මාන්තශාලා මගින් දෝෂ සහිත වූ දෘඩ තැටි පිටවීමට ඉඩ තිබෙන්නේ.

(Solid-State Drive) දෘඩ තැටි වල අභ්‍යන්තර කොටස් වල තිබෙන දෝෂ අවසානයේදී එහි තිබෙන Sectors "Bad Sectors" බවට පත් කිරීමට සමත් වෙනවා. එලෙස සෑදෙන "Bad Sectors" (Solid-State Drive) එකක තිබෙන මතකයෙන් වෙන්වී පවතිනවා. එම හේතුව නිසා දෘඩ තැටියේ පවතින ගබඩා කිරීමට හැකි අවකාශය පිරී ගිය පසුව. ඉහත ආකාරයට එකට එකතු වූ "Bad Sectors" මත අප විසින් දත්ත ගබඩා කිරීමට යෑමේදී දෝෂ පණිවිඩ නිකුත් කරනු ලබනවා එම කොටස් වල තිබෙන දත්ත කියවීමට නොහැකි බවට.

 "Traditional Magnetic Hard Drive" දෘඩ තැටියක "Bad Sectors" ඇතිවීමට පුළුවන් "Physical Damage" එකක් නිසා. ඒ වගේම තමයි නිෂ්පාදනය කිරීමේදී ඇති වුන දෝෂයක් නිසා දෘඩ තැටිය  අභ්‍යන්තරයේ තිබෙන කොටස් නිසා දෘඩ තැටිය නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රීය වීමටත් පුළුවන්. හදිසියෙවත් ඔබ අතින් දෘඩ තැටිය බිම වැටුනොත් දෘඩ තැටියේ "Head" එක ලෙස හඳුන්වන කොටස ලොකු තැටිය මත ස්පර්ශ වීම නිසා sector කිහිපයකට හානි සිදු වීමට පුළුවන්. සීල් කර තිබෙන දෘඩ තැටියේ අභ්‍යන්තරයට දුහුවිලි ඇතුළු වුනොත් එම දුහුවිලි වලට හැකියාව තිබෙනවා දෘඩ තැටියට හානි පැමිණවීමට.





"Soft Bad Sectors" හටගන්නා ආකාරය


 "Soft Bad Sectors" ඇති වීමට හේතු වෙන්නේ මෘදුකාංග දෝෂයන්. උදාහරණයක් විදියට දෘඩ තැටිය මද්‍යයේ දත්ත කියවමින් සිටින අතරතුර හදිසියේම පරිගණකයේ බල සැපයුම විසන්ධි වීම නිසා  එම sector එක "Bad Sector" එකක් වීමට අවස්තාවක් තිබෙනවා.  එය සිදු වෙන්නේ එම sector එකේ තිබෙන දත්තයන් Error Correction Code එක සමග නොගැලපීම නිසා.  ඒවගේම තමයි ඔබේ පරිගණකය  අවුල් කරන Virus සහ අනෙකුත් Malware නිසා System Issues වගේම "Bad Sectors"  වල වර්ධනයක්ද ඇති වෙන්න පුළුවන්.


 දත්ත හානිය සහ දෘඩ තැටිය අක්‍රීය වීම




"Bad Sectors" වල නියම ස්වභාවය තමයි දෘඩ තැටිය නිවැරදිව ක්‍රියාත්මක නොවීමට ක්‍රියා කිරීම . ඒවගේම එයට හැකියාවක් තිබෙනවා දෘඩ තැටියේ තිබෙන ඔබේ දත්තයන් විනාශ කරදැමීමට. අන්න එම හේතුව නිසා තමයි  ඔබ විසින්  හැමනිතරම  ඔබේ  දත්තයන් "Backup" කර තබාගත යුතු වෙන්නේ.

එවැනි "Bad Sectors" කිහිපයක් තිබුන පලියට එයින් අදහස් වෙන්නේ නැහැ ඔබේ දෘඩ තැටිය අක්‍රීය වීමට ආසන්නයේ තිබෙන බව. නමුත් එය සිදු වීමට ඉඩ තිබෙනවා. දරුණු ලෙස දෘඩ තැටිය මත "Bad Sectors" වර්දනය වෙමින් පවතිනවානම් ඇත්තටම එය සලකුණක් වෙනවා ඔබේ දෘඩ තැටිය අක්‍රීය වෙන බවට.


  
"Bad Sectors"පරික්ෂාව සහ ප්‍රතිසංස්කරණය කිරීම. 

Windows මෙහෙයුම් පද්දතියට ඇතුලත් කොට තිබෙනවා Tool එකක් දෘඩ තැටියක තිබෙන "Bad Sectors" පරික්ෂා කිරීම සඳහා. එය "chkdsk" ලෙස හඳුන්වනවා.  Windows මගින් හඳුනාගෙන තිබෙන වානම් ඔබේ දෘඩ තැටියේ යම් කිසි දෝෂයක් තිබෙන බවට Windows විසින් ස්වයන්ක්‍රීයවම පරිගණකය ක්‍රියාත්මක වීමේදී එම Tool එක ක්‍රියාත්මක කරවනු ලබනවා. නමුත් ඔබට හැකියාව තිබෙනවා කැමති විටෙක ඔබ විසින්ම එය ක්‍රියාත්මක කිරීමට.



දෘඩ තැටියක "Bad Sectors" ඇති වීම සාමාන්‍ය තත්වයක්. එම නිසා "Bad Sector" එකක් හඳුනාගත් විගස කලබල වීමට හේතුවක් නැහැ. කොහොම වුනත් ඔබ විසින් වැදගත් දත්තයන්   "Backup" කරතබා ගැනීම නුවනට හුරු දෙයක්.  මොකද වේගයෙන් පැතිරීයන "Bad Sectors" නිසා දෘඩ තැටිය අක්‍රීය වීමට පුළුවන්.

Post a Comment

 
Top