0
Wndows වල "A" සහ "B" Drive වලට මොකද වුනේ?


Windows වලදී ඔබට හැකියාව තිබෙනවා පලවෙනි Drive එක  "C" ලෙස නම් කිරීමට. සහ අනෙකත් Drives "D , E, F" ලෙස පිළිවෙලට නම් කිරීමට. ඉන් පසුව ඔබේ "CD Drive" එක "G" ලෙස නම් වෙනවා.ඔබ විසින් වෙනත් "External Storage Device" එකක් පරිගනකයට සවි කොළ හොත් එය "H" ලෙස නම් වෙනවා. නමුත් ඔබ කෙදිනක හෝ සිතුවාද "A" සහ "B" Drive වෙන් කර තිබෙන්නේ කුමකටද කියා?

කෙටියෙන්ම කිව්වොත් "A" සහ "B" Drive කර තිබෙන්නේ "Floppy Drives"වෙනුවෙන් කියලා කියන්න පුළුවන්. 




මීට බොහෝ කාලයකට පෙර IBM පරිගනක සඳහා "Hard Drive"එකක් තිබුනේ නැහැ.එම නිසා පරිගනකය boot කිරීම සඳහා System එකට "Bootable Floppy Drive" එකක් ඇතුල් කල යුතුව තිබුනා. එම Drive එක "A" යනුවෙන් නම් කළා. ඒවගේම Program එකක් Run කිරීමට නම් එහි තිබෙන  "Bootable Floppy Drive"  එක Program Data" ඇතුලත් "Floppy Drive" එකකින්  Replace කල යුතු වෙනවා. එහි ක්‍රියාවලිය වුනේ " Please insert source disk into drive "A", Please insert destination disk into drive into "A", Please insert source disk into drive "A" " යන විදියටයි. 


ඉන් අවුරුදු කිහිපයකට පසුව පරිගනකයට "Floppy Drives" දෙකක් ඇතුලත් කිරීමට හැකියාව තිබුනා. එක "Floppy Disk" එකක් ඇතුලත් කිරීමට අනිත් "Floppy Disk" එක ඉවත් කල යුතු වෙනවා, නමුත් පරිගනකයේ එක වර "Floppy Drives" දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි එක් Drive එකක් "A" ලෙසද අනිත් එක "B" ලෙසද නම් කරනු ලැබුවා.


ඉතින් අන්න එම හේතුව නිසා තමයි "Hard Drive" එක "C" ලෙස පටන් ගනිමින් නම් කිරීමට පෙළඹුනේ. එයට ඉදිරියෙන් තිබෙන "A" සහ "B" letters windows විසින් "Floppy Drives" සඳහා වෙන් කොට තබා තිබෙනවා.


නමුත් ඔබට හැකියාව තිබෙනවා "A" සහ "B" ලෙස drives  නම් කිරීමට. මෙම පහතින් තිබෙන්නේ Microsoft සමාගම විසින් ඒ පිළිබඳව අදහස් දක්වූ  අවස්තාවකදී උපුටා ගනු ලැබූ කොටසක්.


“You can assign the letters C through Z to each drive on your computer. A and B are usually reserved for floppy disk drives, but if your computer does not have floppy disk drives, you can assign A and B to volumes.”

Post a Comment

 
Top