0
Windows 8.1 පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ !



ඔක්තෝබර් මස 18 වන දින සිට හැම කෙනෙකුටම Windows 8.1 මෙහෙයුම් පද්දතිය ලබා ගැනීමට පුළුවන් වෙනවා. Windows හී අලුත්ම මෙහෙයුම් පද්දතියට හැම පැත්තක්ම ආවරණය වෙන විදියට  අලුත් අලුත් දෙවල් බොහොමයක් එකතු කොට තිබෙනවා. ඇත්තටම එය විශාල "Upgrade" එකක්.


How to get Windows 8.1

Windows 8 භාවිතා කරන අය සඳහා, Windows 8.1 මෙහෙයුම් පද්දතිය නොමිලේම ලබා ගන්නට පුළුවන් වෙනවා. එය "Free Update" එකක් විදියට Windows Store එකෙන් ලබා ගැනීමට පුළුවන්. ඔබට දැක ගන්නට ලැබේවි "Get Windows 8.1" කියල පණිවිඩයක්, ඔබ එය ක්ලික් කර විට එමගින් ඔබව Windows Store එකට රැගෙන ගොස් Download කිරීමට අවශ්‍ය වෙන උපදෙස් ඔබට ලබා දෙනවා ඇති.





ඒවගේම තමයි ඔබට අවස්තාව තිබෙනවාWindows 8.1 වල "ISO" file එකක් Download කරගෙන, Clean Install එකක් කරගැනීමට ඕනෑම පරිගණකයකට. ඒ සඳහා පළමුව Windows 8 මෙහෙයුම් පද්දතිය ස්තාපිත කර තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ.



Windows 8.1 මෙහෙයුම් පද්දතිය නොමිලේම බාගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න. 


Windows 8.1 Enterprise 32bit 


Windows 8.1 Enterprise 64bit 

ඔබ භාවිතා කරන්නේ Windows 7 හෝ ඊට පෙර නිකුත් වුනු Windows වල සන්සකරණයක් නම්, ඉහත සඳහන් කරන ලද Update එක නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට සිදු වෙනවා Windows 8 වල සම්පූර්ණ පිටපත මිලදී ගැනීම සඳහා වියදම් කරන මුදලට සමානම මුදලක් වියදම් කිරීමට. ඒ මුදල $120 ක් වගේ වෙනවා.  


Improvements for Desktop Users


1. Boot to Desktop

දැන් ඔබට හැකියාව තිබෙනවා කෙලින්ම Desktop එකටම ලොග් වීමට. Tiled Interface එක මග හරිමින්.




2.  Disable Top-Left and Top-Right Hot Corners


ඔබට මතක ඇති Windows 8 වල Screen එකේ දකුණු පස උඩම තිබෙන කෙලවරට සහ වම පෙදෙස උඩම කෙලවරට  Mouse එක අරන් ගිය විට පැමිණෙන "App Switcher සහ Charms Bar"එක. නමුත් දැන් ඔබට පුළුවන් Windows 8.1 වලදී එය Disable කරගැනීමට.




3. The Start Button Returns 

Windows 8.1 විසින් නැවත ඔබ වෙනුවෙන් "Start Button" ගෙන එනු ලබනවා. පෙර පරිදිම එය "Task Bar" එකේ වම් කෙලෙවරෙහි ඔබට දැක ගැනීමට පුළුවන් වෙනවා. ඇත්තටම කියනවානම් "Start Button" එක නැවත පැමිණ නැහැ. මොකද "Start Button" එක ක්ලික් කර විට පැමිණෙන්නේ " Full Screen Modern Interface" එක වෙන නිසා. 



4. Show All Apps By Default  

ඔබට පුළුවන් වෙනවා "Start Screen" එක සහ එහි තිබෙන "Tiles" සියල්ලම සැඟවීමට. ඒ වගේම Windows 8.1 වලට  හැකියාව තිබෙනවා  ඔබ "Start Button' එක ක්ලික් කර විට ඔබ විසින් ස්ථාපිත කරන ලද Apps වල සම්පූර්ණ ලිස්ට් එකක් හැඩගැස්වීමට. එහි තිබෙන එකම වෙනස වෙන්නේ පෙර තිබු "Start Menu" එක දැන් මුළු තීරයේම දිස් වීමයි. 


5. Shut Down or Restart From Start Button  

"Start Button" එක මත Right-Click කර "Shutdown, Restart" සහ අනෙකුත් Power Option සියල්ල පහසුවෙන්ම හැසිරවීමට දැන් ඔබට අවස්තාව තිබෙනවා. Windows 7 වලදී කරා වගේම. 


6. Shared Start Screen and Desktop Backgrounds
Windows 8 වලදී "Start Screen" එක සඳහා "Background Images" කිහිපයකට පමණක් සීමා කර තිබුනා. නමුත් Windows 8.1 වලදී ඔබට ඉඩ ලබා දෙනවා "Desktop Backgrounds" Start Screen එක සඳහා භාවිතා කිරීමට. 

7. Unified Search

"Unified Search" කියන පහසුකම නැවත පැමිණ තිබෙනවා. ඔබට පුළුවන් Type කරමින් ඔබේ Programs, Settings, Files වගේ දේවල් එකම තැනකින් Search කිරීමට. 


Post a Comment

 
Top