0
Microsoft විසින් ලගදීම එලි දැක්වීමට නියමිත Windows 8.1 මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කරගැනීම සඳහා ඔබේ Windows 8 පරිගණකය සුදානම් කරගමු.




Windows 8.1 මෙහයුම් පද්දතිය මේ සති අන්තයේ නිකුත් කිරීමට සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා.එය "Free Update" එකක් විදියට  Windows Store එකෙන් ලබා ගැනීමට පුළුවන්.  Windows 8.1 හී අලුත් පහසුකම් කිහිපයක්ම ඇතුලත් කොට තිබෙනවා. කෙලින්ම "Desktop" එකටම boot කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම "Start Button" එකත් නැවත ඇතුලත් කොට තිබෙනවා. 


එම update එක තරමක් විශාල ප්‍රමානයකින්  යුක්ත වෙන නිසා එය පහසුවෙන්ම කරගැනීමට හැකි වෙන පරිදි ඔබේ Windows 8 මෙහෙයුම් පද්දතියෙන් යුතු පරිගනකය යම් කාලයක් ගෙන ඒ සඳහා සුදානම් කරගත යුතු වෙනවා. ඒ සඳහා මෙම පහත තිබෙන පියවරවල් කිහිපය අනුගමනය කිරීමෙන් පසුව Windows 8.1 Update එක ඔබට ඉතාමත් නිවැරදිව කිසිඳු අපහසුවකින් තොරව සුමටව කරගැනීමට පුළුවන්  වෙනවා කියන එක සහතික කොට පැවසීමට පුළුවන්.

Back up your personal data


පළමුව ඔබේ වටිනා තොරතුරු Backup කරගතයුතු වෙනවා Update කිරීමට ප්‍රථම. මොකද අහම්බෙන් හරි ඔබේ Files වලට යම් කිසි හානියක් සිදු වුනොත් ඒ සඳහා මුහුණ දීමට. එසේ Files මැකී යාමට කිසිඳු හේතුවක්  ඇත්තේ නැහැ. අනිසි ලෙස බියක් ඇති කරගන්න එපා. කොහොම උනත් ඔබ backup එකක් ලබා ගෙන තිබීම වටිනවා. 

Create a system image 

දැන් ඔබේ පෞද්ගලික වටිනා තොරතුරු ආරක්ෂිතයි. මොකද ඔබ විසින් ඒවා වල backup එකක් ලබා ගෙන තිබෙන නිසා. දැන් ඔබ විසින් කරගත යුතු වෙන්නේ ඔබේ System එකට බරපතල හානියක් සිදු වුනොත් නැවත එය recover කරගැනීම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමයි. එවැනි විශාල හානියකික් සිදු වුනොත් එය නැවත recover කරගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි System Image එකක් සදා ගෙන තිබීම.

එය කරගැනීම සඳහා අපවිසින් මින් පෙර ලිපියකින් ඔබව දැනුවත් කරනු ලැබුවා. එය කියවීමට පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.




Check for updated Windows 8.1 drivers

ඔබේ පරිගනකයට සම්බන්ධ කොට තිබෙන Hardware වලට අලුත් drivers අවශ්‍ය වෙනවා Windows 8.1 හීදී ඉතාමත් හොදින් නිවැරදිව ක්‍රියාත්මක වීමට. ඔබේ පරිගනකය නිෂ්පාදනය කල ආයතනය විසින් අලුත් drivers පිළිබඳව පරික්ෂා කිරීම සඳහා හැකියාව තිබෙන tool එකක් install කර තිබෙනවා වෙන්න පුළුවන් පරිගනකයට. එවැනි tool එකක්  install කර නොමැතිනම් ඒ සඳහා ඔබ ඔබේ පරිගනකය නිෂ්පාදනය කරනු ලැබූ  ආයතනයේ නිල වෙබ් අඩවියට ගොස් අලුත් drivers පිළිබඳව සොයා බැලිය යුතු වෙනවා. 


ඒ ආකාරයට ඔබේ පරිගනකය සුදානම් කරගත් පසුව. Windows 8.1 Free Update එකක් විදියට "Windows Store" එකෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්. ඒ සඳහා ඔබට අඩුම තරමේ සතියක්වත් සිටීමට සිදු වෙනවා.

මෙහිදී අප විසින් ඔබට ඉහතදී දක්වනු ලැබූ පියවරවල් කිහිපය සිදු කිරීම අන්වාර්ය නොවේ, එසේ සදහන් කරනු ලැබුවේ හදිසි අවස්ථාවකට ඔබට මුහුණ දීමට සිදු වුන හොත් ඒ සඳහා මුහුණ දීමටයි.


Post a Comment

 
Top