3
ඔබේ Android දුරකතනයෙන් සිංහල උපසිරසි සමග චිත්‍රපටි නරඹන්න කැමතිද ?


ඔබට මතක ඇති අප විසින් මින් පෙර ලිපියකින් ඔබව දැනුවත් කරා Android phones වලට සිංහල  fonts install කරන විදිය. ඔබ දන්නවනේ එය කරන්නනම් phone එක රූට් කරලා තියෙන්න ඕනේ කියල. එක තරමක් අපහසු දෙයක්. ඔබ එසේ සිංහල Fonts Install කරගත්තානම් ඔබට සිංහල Subtitles සමග පහසුවෙන්ම Films බලන්න පුළුවන්. නමුත් මෙම ක්‍රමය මගින් ඔබේ phone එක root කරලා නැති වුනත් Sinhala subtitle සමග films බලන්න පුළුවන්.




Android phone එකක් භාවිතා කරන කෙනෙකුගෙන් විමසුවොත් මොකක්ද ඕනෑම video එකක් නරඹන්න පුළුවන් හොඳම Player එක කියල Android වලට තියෙන. ඔවුන් එක හඬින් කියාවි. ඒ තමයි MX Player එක කියල. එම Player එක පළමුව ඔබ වසින් Download කරගත යුතු වෙනවා. ඒ සඳහා පහත තිබෙන link එක ක්ලික් කරන්න.

 MX Player


සිංහල අකුරු නිවැරදිව බලා ගැනීමට ඔබට අවශ්‍ය වෙනවා මෙන්න මේ Font file එක . පහතින් එක Download කරගන්න. ඉන් පසුව එය Extract කරගන්න 


Sinhala Font
පියවර 1 

පළමුව ඔබේ දුරකතනයට අප විසින් ඉහත සඳහන් කරන ලද MX Player එක Install කරගන්න.




පියවර 2 

දැන් ඉහතදී ඔබ විසින් download කරගත් font file එක phone එකට copy කරගන්න.


පියවර 3 

ඉන්පසුව ඔබ සිංහල උපසිරැසි සමග නැරඹීමට බලාපොරොත්තු වෙන Film එක සිංහල subtitle එකත් සමග එකම Folder එකකට copy කරගෙන. එම folder එක ඔබේ phone එකටත් copy කරගන්න. ඉන්පසුව MX Player එක open කරගෙන එම අදාල folder එක තෝරාගන්න.



පියවර 4 

දැන් එම film එක play කරන්න. එය play වෙන අතරතුර settings menu එකට යන්න.




පියවර 5 

ඉන්පසුව settings menu එක යටතේ තිබෙන subtitle කියන එකට යන්න.




පියවර 6 

මීළඟට Text 




පියවර 7 

දැන් අවසාන වශයෙන් කරන්න තිබෙන්නේ එහි තිබෙන font එක වෙනුවට ඔබ ඉහතදී download කරගෙන phone එකට copy කරගත් font file එක select කිරීම පමණයි.





දැන් ඔබ එය සාර්ථකව කරගෙන අවසානයි. දැන් ඔබට නිවැරදිව සිංහල උපසිරසි පෙනෙනවා ඇති.






Post a Comment

  1. font file eka extract wenne ne. ae mokada

    ReplyDelete
  2. Font file එක download කරන්න බැ ඒක download කරන්නේ කොහොමද

    ReplyDelete

 
Top