0
ඔබව සාදරයෙන් යුතුව පිලි අරගන්නා ආකාරයට පරිගණකය සකස් කරගමු.

ඔබ දැක ඇති විද්‍යා ප්‍රභන්ධ ගණයට ඇතුලත් වෙන සමහර චිත්‍රපටි වල තිබෙන පරිගණක එම පරිගණකය භාවිතා කරන පුද්ගලයාගේ නම කියා ඔහුව සාදයෙන් යුතුව පිලි අරගන්නා ආකාරය. කිසිඳු සැකයක් නැහැ ඔබත් අනිවාර්යයෙන්ම කැමති ඇති ඔබේ පරිගණකයත් ඔබේ නම කියා ඔබව සාදරයෙන් යුතුව පිලි අරගන්නවානම්. එසේනම් මෙම ලිපිය  ඔබට අතිශය වැදගත් එකක් වෙනවාට නොඅනුමානයි. මොකද මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය සිදු කරගන්න පුළුවන් ක්‍රමය පිළිබඳවයි.


පියවර 1 

මෙම පහත තිබෙන ආකාරයට Notepad එක open කරගන්න.  

Start / All Programs/ Accessories/ Notepad


පියවර 2 

මෙම පහත තිබෙන Code එක copy කොට Notepad එකට Paste කරගන්න. 


Dim speaks, speech
speaks="Welcome to your PC, Username"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks


copy කරගැනීමට නොහැකිනම් එම code එක ඇතුලත් Notepad එක පහතින් Download කරගන්න.


පියවර 3 

දැන් "Username" කියන තැනට ඔබේ නම ඇතුලත් කරන්න.


පියවර 4 

මීළඟට එම Notepad file එක "Welcome.vbs" ලෙස save කරගන්න. මතක තබා ගන්න ".vbs" ලෙස තිබීම අනිවාර්ය වෙනවා.



පියවර 5

එලෙස Save කරගත් file එකේ copy එකක් අරගන්න.


පියවර 6 

දැන් එම file එක මෙම පහත තිබෙන එම අදාළ තැනට ගොස් එම file එක paste කරන්න.


Windows XP Users

C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup 


Windows 8, 7, Vista Users

C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup 


පියවර 7 

Windows 7 සහ Vista වලදී AppData කියන Folder එක Hidden වෙලා තමයි තියෙන්නේ. එම නිසා ඔබට සිදු වෙනවා Hidden Folders Show කියන Option එක Enable කරගැනීමට. 



දැන් ඔබ එය සාදාගෙන අවසානයි. ඔබ පරිගණකය On කරන හැම අවස්තාවකදීම ඔබේ නමින් ඔබ අමතන ඔබේ පරිගණකය ඔබව සාදරයෙන් යුතුව පිලි අරගන්නවා ඇති.


වඩාත් හොඳ ප්‍රතිපලයක් ලබා ගැනීම සඳහා Sound Scheme එක No Sounds ලෙස තේරීම වඩාත් වැදගත් වෙනවා. මෙම පහත පිළිවෙලට ගොස් එය සකසා ගන්න.

1. Control Panel

2. Switch to Classic View

3. Sounds and Audio Devices 

4. මීළඟට Sound Scheme Option වලින් ගොස් No Sound ලෙස තෝරන්න.

5. ඔබේ කලින් තිබු Sound Scheme එක Save කිරීමට අවශ්‍ය නම්. පැමිණෙන Popup Window එකේදී yes ලෙස තේරීමෙන් එය පහසුවෙන්ම කරගන්න පුළුවන්.

6. අවසානයේදී OK ක්ලික් කරන්න.



ඔබ වසින් මෙම ක්‍රමය අත්හදා බලන්න. මේක ගොඩක් සිත් ඇදගන්නා සුළු trick එකක් ඔබේ මිතුරන් පුදුමයට පත් වේවි ඔවුන් ඉදිරියේදී ඔබේ පරිගණකය ඔබ සාදරයෙන් යුතුව පිලි ගැනීමේදී.

Post a Comment

 
Top