0
පරිගණක virus වල ක්‍රියාකාරීත්වය මගින් ඒවා නිවැරදිව පහසුවෙන් වෙනකොට හඳුනා ගනිමු !


Virus අතරින් Malware කියන Virus වඩාත් භයානකම වීමට හේතුව තමයි බොහොමයක් පරිගණක භාවිතා කරන අය විසින් ඒවා හඳුනා ගැනීමට අපොහොසත් වීම. එවැනි virus වේලාසනින්ම හඳුනාගැනීමට හැකිනම් එයින් සිදු වෙන හානිය විශාල වශයෙන්ම අවම කරගැනීමට හැකියාව තිබෙනවා. ඒවා program කර තිබෙන්නේ එකිනේකට වෙනස් ආකාරයට වීම නිසා හඳුනා ගැනීමට අතිශය අපහසු වෙනවා. කොහොම වුනත් එවැනි Virus වර්ග වල ලක්ෂණ මගින් ඒවා පහසුවෙන්ම හඳුනා ගැනීමට පුළුවන්. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.



1. Programs හදිසියේ Start වීමක් හෝ Crash වීමක් වගේ දෙයක්.


කිසිඳු පැහැදිලි හේතුවක් නොමැතිව Task Manager, Registry Editor වගේ System Programs හදිසියේම නතර වීම, අහඹු ලෙස Crash වීම වගේ දේවල් සිදු වෙනවානම් එය worm ගණයට වැටෙන virus එකක බලපෑමක් වෙන්න පුළුවන්. එමගින් සිදු කරනු ලබන්නේ නොඑක් Programs වලට Attach වී එම programs වල codes දුෂිත කිරීමයි. ඒවගේම Registry Entries වෙනස් කොට එම Programs Start වීම නැවත්වීමට කටයුතු කරනවා.


2. අසාමාන්‍ය ලෙස Network Traffic එකක් දැකගන්නට ලැබීම.

ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිට ඔබේ web browser එක close කර දැමුවත් ඔබට දැකගන්නට ලැබෙන්න පුළුවන් වෙනත් Application එකක් මගින් අන්තර්ජාලය භාවිතා කරනවා. ඒවගේම යම් කිසි දෙයක් Download කරනවා හෝ Upload කරනවා වගේ අසාමාන්‍ය තත්වයක්. එවැනි දෙයක් ඔබේ පරිගණකයේත් සිදු වෙනවානම් එය Spyware ගණයට වැටෙන Virus එකක බලපෑමක් මගින් සිදු වෙන දෙයක් වෙන්න පුළුවන්. එවැනි Virus වලට හැකියාව තිබෙනවා වෙනත් virus වර්ග ඔබේ පරිගණකයට download කිරීමට හා වැදගත් ඔබගේ තොරතුරු ඔවුන්ගේ Remote Computer එකට upload කිරීමට. 


3. අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වීම හෝ එහි වේගය ඉතාමත් අඩු වීම.

හදිසියේම, ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය නැවතුනොත් සහ වේගය ඉතාමත් අඩු වුනොත් එය malware වගේ Virus එකක බලපෑමක් විය යුතු වෙනවා. කොහොම වුනත් මෙවැනි දෙයක් Internet Service Provider ගේ දෝෂයක් නිසා වුනත් සිදු වෙන්න පුල්වන බව මතක තබා ගන්න.


4. පරිගණකය Boot වීම නැවතීම.

ඔබේ පරිගණකය හදිසියේම boot වීම නැවතුණහොත් එය malware වගේ virus එකක් මගින් System files වෙනස් කිරීම නිසා සිදු වුන අතුරු ප්‍රතිපලයක් වෙන්න පුළුවන්.එවැනි තත්වයකදී එකම විසඳුම වෙන්නේ නැවත මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීම පමණක් වෙනවා.


5. කරදරකාරී popups පැමිණීම, හදිසියේම වෙනත් වෙබ් අඩවියකට redirect වීම. 

ඔබ අන්තර්ජාලයේ සිටින වෙලාවට කරදකාරී popups පැමිණීම වෙනදාට වඩා වැඩි වීමක් තිබෙනවා නම් හෝ හදිසියේම වෙනත් වෙබ් අඩවියකට ඔබව යොමු වෙනවානම් එය adware ගණයට වැටෙන virus එකක බලපෑමක් විය යුතුයි.


6. පරිගණකයේ වේගය අසාමාන්‍ය ලෙස අඩු වීම 

සමහර Virus වර්ග විශේෂයෙන්ම මේ සඳහාම නිපදවා තිබෙනවා. Malware Virus නිර්මාණය කරන අය විසින් පරිගණකයේ CPU එකේ usage එක 100% වැඩි කිරීමට පුළුවන් වෙන ආකාරයේ virus නිර්මාණය කරනවා. Task Manger එක විවුර්ත කරගෙන බැලුවොත් එය පහසුවෙන් දැකගන්න පුළුවන් වෙනවා .


7. Programs ස්වයන්ක්‍රීයවම ක්‍රියාත්මක වීම.

සමහර virus සහ adware මගින් programs හදිසියේම ක්‍රියාත්මක කරනු ලබනවා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරවීමට සහ අනවශ්‍ය කරන අසැබ් දේවල් වලට ඔබව පොළඹවා ගැනීමට.


8. Security Software අක්‍රීය වීම

බොහොමයක් Malware Virus මගින් Antivirus Software සහ Firewall Disable කර දමනු ලබනවා එම Virus වලට නිදහසේ තමන්ගේ කටයුතු කරගෙන යෑම සඳහා.


9. පරිගණකයේ නොමනා හැසිරීම.

ඔබේ පරිගණකය ස්වයන්ක්‍රීයවම Emails යැවීම, අමුතු ආකාරයේ Applications ක්‍රියාත්මක වීම. පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට වෙනස්ව එවැනි අමුතු ක්‍රියාකාරකම් ඔබගේ මැදිහත් වීමකින් තොරව සිදු වෙනවානම් malware වගේ Virus ඔබේ පරිගණකයට ඇතුල් වී තිබෙනවා වෙන්න පුළුවන්.


මෙම ඉහත ආකාරයේ අසාමාන්‍ය සිදුවීමක් ඔබේ පරිගණකයේ ඔබට දැකගන්නට ලැබුනොත් ඔබට හඳුනා  ගැනීමට හැකියාව තිබෙනවා ඔබේ පරිගණකය Virus එකක් හෝ කිහිපයක ගොදුරක් වී ඇති බව.

Post a Comment

 
Top