කිසිඳු ගැටලුවක් නැතිව Windows එක්ක Linux භාවිතා කරමු.
windows මෙහෙයුම් පද්දතිය භාවිතා කරන ඔබට Linux මෙහෙයුම් පද්දතිය අත්හදා බැලීමට සිතෙන්න පුළුවන්. මොකද ඔබගේ මිතුරන් ඒ පිළිබඳව ඔබට කියා තිබෙන විශේෂ දේවල් නිසා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්න උත්සහ කරන්නේ Linux මෙහෙයුම් පද්දතිය Windows මෙහෙයුම් පද්දතිය සහිත පරිගණකයක් සමග ක්‍රියා කරවන්නේ කෙසේද කියන කරුණ පිළිබඳවයි.
windows මෙහෙයුම් පද්දතිය සහිත පරිගනකයක Linux භාවිතා කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පලවෙනි ක්‍රමය තමයි windows මෙහෙයුම් පද්දතිය වගේම Linux OS එකත් පරිගණකයට install කිරීම. මෙම ක්‍රමයට ඉන්ස්ටෝල් කිරීමේදී Linux වල තිබෙන සියලුම පහසුකම් ලබා ගැනීමට පුළුවන්, මොකද ඔබේ පරිගණකයේ තිබෙන resources සියල්ල Linux OS එකට භාවිතා කිරීමට හැකියාව තිබෙන නිසා. Linux පිළිබඳව තරමක දැනුමක් තිබෙන අයට මේ විදියට Linux භාවිතා කරන්න පුළුවන්.
දෙවන ක්‍රමයට Linux භාවිතා කිරීමේදී ඇත්තටම කිසිම අවදානමක් නැහැ. මොකද අපි එම Linux OS එක භාවිතා කරන්නේ Virtually. කිසිඳු file එකකට හානියක් නොවෙන පරිදි Linux අත්හදා බැලීමට පුළුවන්. එම ක්‍රම මොනවාද කියා පහතින් විස්තර කරනවා ඇති.
Running Linux with Windows - Your Options
අපි දැන් බලමු windows පරිගණක වල Linux භාවිතා කරන්න පුළුවන් පහසුම ක්‍රම පිළිබඳව. Linux මෙහෙයුම් පද්දති විශාල සංඛ්‍යාවක් තිබෙනවා ඔබේ කැමැත්තට අනුව එයින් ඕනෑම එකක් තෝරා ගන්න පුළුවන්. නමුත් මෙහිදී අපි කතා කරන්නේ Ubuntu වල Desktop edition එක පිළිබඳවයි.
1. Test - Drive Linux Online as a Web App.

මේ විදියට ඔබට Ubuntu පැය දෙකක් වගේ කාලයක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ session එක end වෙනවා. කිසිඳු file එකක් download කිරීමට හෝ install කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ මෙම ක්‍රමයට. Ubuntu desktop edition එකේ තිබෙන features පිළිබඳව යම් කිසි අවබෝදයක් ලබා ගැනීමෙන් පසුව ඔබට පුළුවන් original Linux OS එක download කරගෙන install කරගන්න.
2. Run Linux From a USB Stick or a CD
Windows පරිගනකයක Linux අත්හදා බැලීමට ජනප්‍රියම ක්‍රමය තමයි Live CD කියල කියන්නේ. CD එකක්ම අවශ්‍ය නැහැ USB Flash Drive එකක් උනත් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්.
මුලින්ම download කරගන්න ubuntu වල අලුත්ම version එක. එම download කරගන්න file එක iso file එකක්. සාමාන්‍යයෙන් එම iso file එක 650mb වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. දැන් එම file එක CD එකකට burn කරගන්න. එසේත් නොමැතිනම් ඔබට පුළුවන් bootable විදියට Pen Drive එකක් සකස් කරගන්න. ඒ සඳහා UNetbootin වගේ මෘදුකාංගයක් භාවිතා කරන්න. bootable විදියට සකස් කරගත් pen drive එක නිවැරදිව boot කරගැනීම සඳහා BIOS වලට පිවිස නිවැරදිව settings සකස් කරගන්න.
එලෙස boot කරගැනීමේදී “Try Ubuntu without any change to your computer” කියන option එක තෝරන්න. මේ ආකාරයට ඔබට Linux අත්හදා බැලීමට පුළුවන්.
3. Run Linux in a Virtual Machine
Virtual Machine කියන දෙය ඔබට අමුතු වගේම ගොඩක් සංකීරණ විදියට හිතෙන්න පුළුවන් නමුත් එය එසේ නෙවෙයි . සිංහලෙන්ම කියනවනම් ඔබ දැනට භාවිතා කරන Windows මෙහෙයුම් පද්දතිය මත තවත් මෙහෙයුම් පද්දතියක් virtualization software එකක් මගින් ධාවනය කිරීම තමයි එහි තේරුම.
VMware Player එක download කරගෙන install කරගන්න. මීළඟට ubuntu සඳහා VMware image එකක් download කරගන්න. දැන් ඔබ ubuntu සඳහා download කරගත් ubuntu.vmx කියන file එක මත double click කරන්න ඒ සමගම ඒ file එක VMware Player එකෙන් load වෙනවා. හරිම ලෙහෙසියි.
4. Install Linux like a Windows Software
Windows වල install කරන සාමාන්‍ය software එකක් වගේ Linux install කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Microsoft Office මෘදුකාංගය වගේ. එය භාවිතා කිරීමෙන් පසුව uninstall කරන්නත් පුළුවන්. මේ විදියට Linux install කිරීමේදී Windows programs හෝ System settings වලට බලපෑමක් වෙන්නේ නැහැ.
"Windows-based UBuntu Installer" එක download කරගන්න. එම download කරගත් software එක run කරගැනීමට එම file එක මත Double Click කරන්න. මීළඟට ඔබට තේරීමට පුළුවන් OS එක සඳහා Password එකක්. ඒ විදියට අවශ්‍ය කරන විදියට settings සකස් කරගත් පසුව "Install" බටන් එක මත ක්ලික් කරන්න. දැන් එම අදාළ Linux iso file එක අන්තර්ජාලයෙන් download වීමට පටන් ගන්නවා.
දැන් ඔබ පරිගණකය "Restart" කිරීමේදී ඔබට තේරීමට පුළුවන් ඔබ log වෙන්නේ Windows වලින්ද නැතිනම් Linux වලින්ද කියල. ඔබට Linux Uninstall කිරීමට අවශ්‍යනම් කරන්න තියෙන්නේ Windows වලින් ලොග් වෙලා සාමාන්‍ය Software එකක් remove කරනවා වගේ Add-Remove problems වලින් ඉවත් කර දැමීමට පුළුවන්.
මෙම ලිපියෙන් ඔබ වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගත්තානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මෙවැනි ලිපි ඉදිරියට ලිවීමට ඔබගේ comments ලොකු ශක්තියක් වෙනවා.
Post a Comment