0
Windows 7 මෙහෙයුම් පද්දතිය Windows 8 වලට upgrade කල යුත්තේ ඇයි


ඔබ මේ වන විටත් භාවිතා කරන්නේ windows 7 මෙහෙයුම් පද්දතිය නම්. මේ ඔබට windows 8 මෙහෙයුම් පද්දතියට මාරු වීමට සුදුසු කාලයයි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ windows 8 මෙහෙයුම් පද්දතිය සතුව තිබෙන ඔබ දැනගතයුතු සුවිශේෂී කාරණා 5 පිළිබඳව ඔබගේ අවදානය යොමු කිරීමයි.


1) You live in the cloud



ඔබ පරිගණකය භාවිතා කිරීමේදී වැඩි කාලයක් ගත කරන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමටනම් windows 8 මෙහෙයුම් පද්දතියට ඔබ බෙහෙවින් ඇලුම් කරාවි.  වෙනස් වූ අන්තර්ජාල සේවාවන් එකිනෙකට සම්බන්ධ කිරීමට windows 8 මෙහෙයුම් පද්දතිය විසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබෙනවා. උදාහරණයක් විදියට SkyDrive සහ නොයෙක් Social Networks එකිනෙකට සම්බන්ධ කිරීමට. ඔබ මීට කලින් ඔබගේ social networks සියල්ල Microsoft account එකට link කර තිබේනම් ඔබට කිරීමට තිබෙන්නේ එම account එකට log වීමට පමණයි. අනෙකුත් accounts සියල්ල ඔබට භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.


Messages app එක මගින් Facebook, MSN වැනි සමාජ ජාලයන් වල chat කිරීමට අවස්තාව තිබෙනවා. ඔබගේ E - Mail සියල්ල ක්ෂණිකව  windows 8 වල තිබෙන Mail app එකට sync කර ගැනීමටත් පුළුවන්.  Facebook සහ Flickr වෙනුවෙන්ම නිර්මාණය කරන ලද photos app එකද ඔබට භාවිතා කිරීමට පුළුවන්. People app එක ගැනත් යමක් කියන්න ඕනේ එමගින් ඔබට පුළුවන් Facebook , Twitter , Linkedin වල තොරතුරු ඔබ කැමති පුද්ගලයෙකු සමග බෙදා ගැනීමට.



Office 2013  මෘදුකාංගය  භාවිතා කිරීමේදී Documents, Preferences, Settings windows 8 මෙහෙයුම් පද්දතිය භාවිතා කරන උපකරණ සමග sync කිරීමට හැකියාව තිබෙනවා. එම කාර්ය සඳහා Skydrive සුවිශේෂී සේවයක් ඉටුකරනවා.


2) Performance improvements


windows 8 මෙහෙයුම් පද්දතිය සැබවින්ම වේගවත්. පරිගනකය boot වීමට ගත වෙන කාලය Win 7 සමග සැසඳීමේදී Win 8 ඉතාමත් වේගවත්. අත්දැකීමෙන්ම කියන්න පුළුවන් win 8 වල වැඩ කිරීමේදී අපි කරන දෙය ඉතාමත්ම වේගයෙන් වගේම ක්ෂණිකව කිරීමට පුළුවන්. app එකකින් app එකකට මාරු වීමේදී අලංකාර විදියට Animation එකක් සමග බොහොම සුමට ආකාරයට ඒ අතර මාරුවෙනවා. app එකක් open කිරීමේදී කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව ක්ෂණිකව open වෙනවා. යමක් scroll කිරීමේදී බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් සුළු හෝ හිරවීමක්වත් නැහැ.

මේ ආකාරයට ක්ෂණිකව ඕනෑම දෙයකට ප්‍රතිචාර දැක්වීමට win 8 මෙහෙයම් පද්දතිය නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා සියලු ගෞරවය Microsoft සමාගමට හිමි වෙනවා.


3) Access to Modern UI apps


මේ අවස්තාව වන විට නම් Modern UI apps විශාල සංඛ්‍යාවක්  නැහැ. නමුත් ඉදිරියේදී අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය වීමට පුළුවන් මොකද පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට Microsoft සමාගම විසින් එය අනිවාර්යයෙන්ම නිර්මාණය කිරීමට පෙළඹෙනවා.Windows store එකේ තිබෙන සියලුම apps නිර්මාණය කරන්නේ පුළුල් තිර වලට ගැලපෙන ආකාරයට. මෙම apps තිරයේ සෑම කොටසකම වාගේ විහිදිලා යන භාවිතා කරන පුද්ගලයාගේ සිත ඇදගන්න විදියට නිර්මාණය කොට තිබෙනවා.

එක එක ආකාරයේ apps windows store එකට පැමිණෙන විට එම apps භාවිතා කිරීමේදී ඔබට නවතම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එම අත්දැකීම ලබා ගැනීමට ඔබ windows 8 ස්ථාපිත කල යුතුම වෙනවා.


4) Useful new features (File History, Storage Spaces, and Refresh/Remove)

windows 8 වල ඔබ දැනගතයුතු කුඩා එහෙත් වඩාත් ප්‍රයෝජනා වන පහසුකම් මිලියන ගණනක් අඩංගු කොට තිබෙනවා. නමුත් මෙම අවස්ථාවේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එයින් 3ක් ගැන පමණයි. ඒවා නම් File History, Storage Spaces, and  Refresh/Remove.

File History


මෙම file history කියන option එකෙන් සිදු වෙන්නේ ඔබ කරන වැඩ continuously back up කරන එක. එම option  එක සක්‍රීය කිරීමේදී ඔබේ files ස්වයන්ක්‍රීයවම backup කරනවා. files history  එක නැරඹීමෙන් ඔබ කැමති දෙයක් නැවත restore කිරීමට පුළුවන්.ඔබෙන් අතපසු වීමක් සිදුවුවහොත් ඔබට නැවත නිවැරදි කර ගැනීමට පුළුවන්.


Storage Spaces


RAID කියල කියන්නේ වඩාත් ප්‍රයෝජනවත් Technology එකක්. නමුත් අවාසනාවකට වැඩි දෙනෙක් දන්නේ නැහැ මොකක්ද RAID කියන්නේ සහ එය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියා. නමුත් Windows 8 එය හොඳින් අවබෝද කොට ගෙන තිබෙනවා. ඔබ සතුව Internal , external Hard disks කිහිපයක් තිබෙනවා නම් එය භාවිතා කිරීම තරමක කරදරකාරී දෙයක් වෙන්න පුළුවන්. එක් එක් disk එකට එකිනෙකට වෙනස් වූ drive letters තියෙනවා, ඒවගේම partition කිරීමෙන් තව තවත් drives හදා ගන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් මෙමගින් මේ සියල්ල එකම disk එකක් විදියට හසුරුවන්න.


Storage Spaces සතුව  free space යම් ප්‍රමාණයක් තිබෙනවානම් ඔබට පුළුවන් ඔබගේ data එහි backup කර තබන්න. මෙය සඳහා drives දෙකක් වත්  තිබිය යුතු වෙනවා එහෙම තුබුනොත් පමණයි එක drive එකක තිබෙන data සියල්ල backup කිරීමට තරම් සෑහෙන ඉඩ ප්‍රමාණයක් ලැබෙන්නේ (redundant copy).


කිසිදාක කනගාටු වෙන්න එපා disk කිහිපයක් හැසිරවීමට සහ ඔබගේ data backup කොට තබා ගැනීමට. ඒ කටයුතු සියල්ල ඔබ වෙනුවෙන් windows 8 හි තිබෙන Storage Space බලා ගනීවි. 


Refresh/Reset



දිගු කාලයක් පරිගණකය එකදිගට භාවිතා කිරීමේදී " bitrot " කියන අවස්ථාවට මුණ දීමට සිදුවෙනවා. Bitrot මගින් සිදුවෙන්නේ පරිගණකයෙහි වේගය අඩාල කිරීමයි. මෙම bitrot කියන දෙය ඇතිවීමට ප්‍රදාන හේතුවක් වෙන්නේ apps install කිරීමේදී වගේම uninstall කිරීමේදී ඒ විසින් මග හරින එහි යම් යම් කොටස් මෙහෙයුම් පද්දතිය මත ගොඩ ගැසීමයි . එනිසා පරිගණකය හිර වෙනවා වගේම වේගය අඩාල වීමකුත් සිදුවෙනවා.windows මෙහෙයුම් පද්දතිය භාවිත කරන බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් විට සිදු කරන්නේ මෙහෙයුම් පද්දතිය නැවත install කිරීමයි.

නමුත් ඔබ windows 8 මෙහෙයුම් පද්දතිය භාවිතා කරන කෙනෙක් නම් bitrot අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමට පුළුවන්. එයට ප්‍රතිකර්මයක් විදියට windows 8 වලට Refresh/Reset කියන option එක හඳුන්වා දී තිබෙනවා. මෙම option එක ක්‍රියාත්මක කිරීමේදී personal data, settings, Modern UI apps,Other files,Desktop programs වගේ දේවල් ක්‍රමවත්ව සකස් කිරීමක් කරනවා.


5) You own a Windows Phone or computer with touch screen


























ඔබ සතුව windows මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතනයක් තිබෙනවානම් windows 8 මෙහෙයුම් පද්දතිය සමග connect කිරීමේදී එය වඩාත් පහසුවෙන් connect කිරීමට පුළුවන්. ඔබට කිසිවිටක දුරකථනය පරිගණකයත් සමගම sync කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. cloud පහසුකම මගින් ඔබගේ දුරකථනය සහ පරිගණකය ස්වයන්ක්‍රීයවම sync වීමක් සිදු වෙනවා.


විශේෂයෙන්ම windows 8 නිර්මාණය කොට තිබෙන්නේ ස්පර්ශක සංවේදී ක්‍රමයට වැඩ කිරීමට. ඔබ සතුව ස්පර්ශක සංවේදී තිරයක් තිබෙනවානම් windows 8 භාවිතා කිරීමේදී සුපිරි අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මේ ඉහතදී සන්ධාන කලේ ඔබ windows 8 භාවිත කල යුතු හේතු කිහිපයක් පමණයි. ඒ වගේම තවත් වැදගත් වටිනාකමකින් යුත් හේතු තව තිබෙන බව ඔබ දැනගත යුතුයි.



Post a Comment

 
Top