0

වෙනසකටත් එක්ක ඔබගේ පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් ඉන්ස්ටොල් කරමුද?


මම හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් ගැන නොදන්නා කෙනෙක් නැතිව ඇති මොකද ඇන්ඩ්‍රොයිඩ් කියල කියන්නේ ලෝකප්‍රසිද්ද මෙහෙයුම් පද්දතියක් ජංගම දුරකථන සඳහා නිපදවපු. මෙම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා නිපදවපු විශිෂ්ට මෙහෙයුම් පද්දතියේ අත්දැකීම විඳගැනීමට ඔබට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් තිබිය යුතුම  නැහැ. මොකද පරිගණක සඳහා ස්ථාපිත කල හැකි version එකක් ඔවුන් දැනටමත් එලි දක්වා හමාරයි.

මෙය ඉන්ස්ටෝල් කිරීමට ඔබ කිසිඳු බියක් ඇති කර නොගන්න මොකද ඔබගේ දැනට පවතින මෙහෙයුම් පද්දතියට මෙයින් කිසිඳු හානියක් සිදු වෙන්නේ නැහැ.අපි ඇන්ඩ්‍රොයිඩ්  ඉන්ස්ටෝල් කරන්න යන්නේ virtual box කියන මෘදුකාංගය හරහා. virtual box කියන මෘදුකාංගය ඔබට අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් මෙම මෘදුකාංගය සමග වැඩ කිරීම අපහසු නැහැ එය ඉතාමත් සරලයි.

මේ සඳහා ඔබට අවශ්‍ය කරන්නේ මොනවාද කියල බලමු 

01. Virtual Box            = click hereto download

02. Android-x86 ISO = click here to download

දැන් අපි බලමු Virtual Box හරහා කොහොමද කියල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරන්නේ කියල.

Virtual Box ඉන්ස්ටෝල් කර ගැනීමෙන් පසුව එය open කර ගන්න. Open කර ගැනීමෙන් පසුව New  බටන් එක ක්ලික් කරන්න. ඉන් අනතුරුව පැමිණෙන අතුරු මෙනුව සඳහා පහත සදහන් වන පරිදි settings ඇතුලත් කරන්න.

·         Operating System: Linux – Linux 2.6
·         Memory Size: 512 MB
·         Hard Drive Size: 3 GB or More


මීලගට virtual box එකේ power on කරන්න. ඉන් පසුව ඔබ බාගත කර ගත් ඇන්ඩ්‍රොයිඩ් iso file එක පෙන්වන්න. file එක පෙන්වූ සමගම ඇන්ඩ්‍රොයිඩ් os එක boot වෙන්න පටන් ගන්වනවා.

installation option එක තෝරා එන්ටර් බටන් එක ඔබන්න 


අපිට දැන් අවශ්‍ය වෙනවා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියට ගැලපෙන ආකාරයට partition සාදා ගැනීමට. ඒ සඳහා Create/Modify partitions තෝරා එන්ටර් ඔබන්න. 


Arrow keys බාවිතා කරමින් new කියන option එක තෝරන්න. free space කියන තැන එන්ටර් ඔබන්න


මීලගට primary කියන option එක තෝරා එන්ටර් ඔබන්න. patition එක සඳහා මුළු ඉඩම ලබා ගැනීමට නැවත එන්ටර් බටන් එක ඔබන්න.



partition එක bootable කර ගැනීම  සඳහා bootable කියන option එක highlight කර එන්ටර් ඔබන්න, නැවත write option එක තෝරා එන්ටර් ඔබන්න.writing changes තහවුරු  වීමට ඔබ yes ලෙස type කර එන්ටර් එබිය යුතු වේ.


partition screen එකට පිවිසීමට quit option එක තෝරන්න. ඉන් පසුව ඔබට දිස් වේවි ඔබ සාදා ගත්  partition එක. එම partition එකට ඇන්ඩ්‍රොයිඩ් ඉන්ස්ටෝල් කර ගැනීමට partition එක තෝරා එන්ටර් ඔබන්න.


format කිරිමට ext3 කියන file system එක තෝරා yes කියන බටන් එක එන්ටර් කරන්න.


GRUB bootloader ඉන්ස්ටෝල් කිරීමට yes ඔබන්න. නැවත yes ඔබන්න system directory as read-write ඉන්ස්ටෝල් කර ගැනීමට.


දැන් ඔබට පුළුවන් iso file එක remove කර virtual mechine එක reboot කිරීමට 


දැන් ඔබ ඉන්ස්ටෝල් කර ගත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය phone එකක හෝ tablet එකක ඉන්ස්ටෝල් කර තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියක් වගේ සාමාන්‍ය ආකාරයට සාර්ථකව boot වේ. මීලගට ඔබට දැන් කිරිමට තිබෙන්නේ settings ටික සාර්ථකව සාදා ගැනීමයි. ඒ සඳහා ඔබගේ google account එක ඇතුලත් කරන්න.wifi setup screen එක skip කරන්න. ඔබගේ mechine එක සතුව පවතින internet connection එක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය විසින් ක්ෂණිකව අඳුර ගැනීමට හැකියාවක් තිබෙනවා


ඔබගේ mouse cursor එක වැඩ කරන්නේ නොමැති නම්, mechine menu ක්ලික් කොට Disable Mouse Integration කියන option එක තෝරන්න. mouse cursor එක virtual mechine එකෙන් නිදහස් කර ගැනීම සඳහා Right Ctrl ඔබන්න


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය නිර්මාණය කර තිබෙන්නේ touch කියන system එකට වැඩ  කිරීම සඳහා. නමුත් ඔබට mouse and  keyboard පාවිච්චි කරලා පහසුවෙන් වැඩ කිරීමට හැකියාව තිබෙනවා


ඔන්න එහෙනම් ඔයාලට මම ඉන්ස්ටෝල් කරන විදිය ගොඩක් සරල විදියට කියල දුන්න.ගැටළු තිබෙනවානම් comment එකක් මගින් දැනුම් දෙන්නත් අමතක කරන්න එපා.

Post a Comment

 
Top