Offline Update CD එකක් මගින් windows update කරමු.
අන්තර්ජාල පහසුකම් නොමැති පරිගණකයක් Update කිරීම සඳහා හොඳම ක්‍රමය තමයි Offline Update CD එකක් නිර්මාණය කර ගැනීම. එලෙස සකස් කරගත් CD එකක් මගින් windows වේගයෙන් update කිරීමට පුළුවන් .ඒ වගේම පරිගණක කිහිපයක් උනත් update කරන්න පුළුවන්.
පියවර 1
Offline Update මෘදුකාංගය මගින් තමයි අපි මෙම Update CD එක හදා ගන්නේ. පළමුව ඔබ එය download කරගත යුතු වෙනවා. එම මෘදුකාංගය download කරගැනීමට පහත තිබෙන link එකක් ක්ලික් කරන්න. එම ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසුව උඩ තිබෙන Download බටන් එක ක්ලික් කරන්න. එලෙස ක්ලික් කිරීමෙන් පසුව වම් පස තිබෙන තීරුවෙන් අලුත්ම version එක download කරගන්න.
පියවර 2
download කරගත් rar file එක extarct කරගැනීමෙන් පසුව එම folder එකේ තිබෙන “UpdateGenerator.exe” file එක ක්ලික් කරන්න. Offline Update CD එකක් හදා ගැනීමට ඔබට කැමති OS එකක් තේරීමට පුළුවන්. OS එක වගේම System Type එකත් තේරීමට පුළුවන්. අලුත්ම OS එක වෙන Windows 8 සඳහාද Update download කරගැනීමට පුළුවන්. ඔබට අවශ්‍ය කරන ලෙස settings තේරීමෙන් පසුව " Start" කියන බටන් එක ක්ලික් කරන්න.
පියවර 3
මෙලෙස Offline Update එක download වෙලා ඉවර උනාට පස්සේ. එම file එක download උන තැනට ගොස් එම iso file එක CD, එකකට හෝ DVD එකකට burn කරගන්න.
පියවර 4
burn කරගත් CD එක හෝ DVD එක ඇතුලත් කරගෙන එහි තිබෙන “UpdateInstaller.exe” file එක run කරන්න. දැන් “Automatic reboot and recall” option එක තෝරන්න. ඒ වගේම මෙම මෘදුකාංගයෙන් ඔබට update එක කිරීමට ප්‍රථම files backup කර තැබීමට පහසුකම් සලසා තිබෙනවා. backup කරගැනීමට අවශ්‍යනම් එම දේවල් තෝරන්න. අවසානයේ "Start " බටන් එක ක්ලික් කරන්න.
දැන් Offline Update විසින් ඔබගේ පරිගණකය පරික්ෂා කර බලනවා ඔබට අවශ්‍ය කරන update මොනවාද කියල. ඊට පසුව එම update පමණක් ඉන්ස්ටෝල් කරනු ලබනවා.
මෙම ලිපියෙන් ඔබ වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගත්තානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මෙවැනි ලිපි ඉදිරියට ලිවීමට ඔබගේ comments ලොකු ශක්තියක් වෙනවා.
Post a Comment