0
ප්‍රමාණයෙන් විශාල file එකක් අන්තර්ජාලය හරහා තවත් කෙනෙකුට ලබා දෙන විදිය.

ඔබ සතුව තිබෙන ප්‍රමාණයෙන් විශාල file එකක් තවත් කෙනෙකුට යවන්න ඕන වෙන්න පුළුවන්. නමුත් ඔබට එය නිසිලෙස කරගන්න පුලුවන්ද?. e -mail එකක් මගින් නම් විශාල file එකක් කිසිසේත් යැවිය නොහැකියි මොකද එහි උපරිම යවන්න පුළුවන් ප්‍රමාණය 25mb කට වගේ තමයි සීමා කරලා තියෙන්නේ. (25mb for G mail ). එසේත් නොමැතිනම් ඔබට dropbox wage  Cloud storage service එකක් භාවිතා කරන්න පුළුවන් නමුත් එය වඩාත් සාර්ථක නැහැ. මොකද  ඔබේ හෝ ඔබ file එක යවන පුද්ගලයාගේ අන්තර්ජාල සම්බන්දතාවය තරමක දුර්වල එකක් නම්. සම්බන්දතාවය බිඳ වැටෙන  සෑම අවස්ථාවකදීම ඔබට නැවතත් අලුතෙන් එම file එක download කරගැනීමට සිදුවෙනවා. මෙන්න මේ වගේ කරදරකාරී ක්‍රම වලින් තොර වඩාත් සාර්ථක ක්‍රමයක් තමයි මෙම ලිපියෙන් ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.

වාසනාවකට වගේ අන්තර්ජාලය හරහා විශාල file එකක් තවත් කෙනෙකුට ලබා දීමට වඩාත් පහසු ක්‍රමයක් තිබෙනවා ඒ තමයි uTorrent හරහා. මෙම ක්‍රමය Windows, Mac මෙහෙයුම් පද්දති තිබෙන පරිගණක වලට සඳහා භාවිතා කරන්න පුළුවන්. අන්තර්ජාලය හරහා විශාල file එකක් තවත් කෙනෙකුට ලබා දෙන්නේ Torrents තමයි වඩා විශ්වාසදායි වගේම පහසුම ක්‍රමය. මොකද යම් කිසි මොහොතක සම්බන්දතාවය ගිලිහුනත් නැවත එම තැන සිටම file transfer එක පටන් ගන්න පුළුවන්.

විශාල file එකක් අන්තර්ජාලය හරහා තවත් කෙනෙකුට ලබා දීමට uTorrent setup කර ගත යුතු ආකාරය.

පළමුව ඔබ කර ගත යුතු වන්නේ ඔබගේ පරිගණකයේ වගේම file එක ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ පරිගනකයටද uTorrent install කර ඇත්දැයි සොයා බැලීමයි. ඔබගේ file එක ලබා ගැනීමට ඔබ ලින්ක් එකක් ලබා දෙන පුද්ගලයාට එතැනින්ම uTorrent download කරගැනීමටද option එකක් එහි තිබෙනවා.

මීළඟට ඔබ යැවීමට බලාපොරොත්තු වෙන file එක uTorrent window එකට ඇද දමන්න. එම file එකෙහි ප්‍රමාණය යම් තරමකින් හෝ අඩු කරගැනීමට එය zip කරනවානම් වඩා හොඳයි. ඔබ file එක ඒවිදියට අද දමන කොට එයින් window එකක් පැමිණෙනවා. එම window එකේදී ඔබට හැකියාව තිබෙන file එක rename කිරීමට. අවසානයේ " Get Link " කියන බටන් එක ක්ලික් කරන්න.



link එක සකස් වීමේදී ඔබ යවන file එකේ ප්‍රමාණය අනුව කාලය අඩු හෝ වැඩි වීමට පුළුවන්. එම නිසා මදක් ඉවසා සිටින්න.


ලින්ක් එක සකස් වී ඉවර වූ පසුව. ඔබට දැකගන්න පුළුවන් tiny url ලින්ක් එකක්. එම url එක ඔබ file යවන පුද්ගලයාට ලබා දීමෙන් එම ලින්ක් එක හරහා file transfer එක පටන් ගැනීමට පුළුවන්. මේ විදියට ඔබට එම file එක කිහිප දෙනෙකුට වුනත් ලබා දීමට පුළුවන්.


ඔබ ලබා දුන් link එක මත click කිරීමෙන් පසුව මෙම පහත තිබෙන ආකාරයේ web site එකකට ඔහුව ගෙන යනවා. මේ වනවිටත් ඔහු uTorrent install කර ගෙන නොමැතිනම් එය download කරගැනීමට පුළුවන්. මේ වන විටත් ඔහු uTorrent install කර තිබේනම් " magnet link " එක මත click කිරීමෙන් ක්ෂණිකව file transfer එක ඇරඹීමට පුළුවන්.


මේ විදියට file transfer එක සිදු වෙන අතරතුර සම්බන්දතාවය ගිලිහුනොත් කිසිඳු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එම තැන සිටම එය නැවත ඇරඹීමට පුළුවන් .

මේ විදියට file share කර ගැනීමේදී ඔබ දැනුවත් විය යුතු කරුණක් තිබෙනවා. ඔබ අනෙකුත් පුද්ගලයාට එම ලින්ක් එක ලබා දීමේදී එය බොහොම පෞද්ගලිකව ලබා දීමට වග බලා ගන්න. යම් කෙනෙකු එම ලින්ක් එකට අනවසරයෙන් පිවිස ඔබේ පෞද්ගලික file එක download කරගැනීමට ඉඩ තිබෙන නිසා. file transfer එක ඉවර වුනු පසුව සම්බන්දතාවය නැති කර දැමීමට මතක තබා ගන්න.


මෙම ලිපියෙන් ඔබ වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගත්තානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මෙවැනි ලිපි ඉදිරියට ලිවීමට ඔබගේ comments ලොකු ශක්තියක් වෙනවා.


Post a Comment

 
Top