ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සමගම සැසඳිය හැකි වෙනත් ජංගම දුරකතන සඳහා නිපදවන මෙහෙයුම් පද්දතියක් ලොව නැති තරමට ඇන්ඩ්‍රොයිඩ් ලොව අතිශයින් ප්‍රසිද්දියට පත් වෙලා තිබෙනවා. එසේ ජනප්‍රිය වීමට හේතු ගණනාවක් තිබෙනවා ඒ අතරින් ප්‍රදානම හේතුවක් ලෙස දැක්වීමට පුළුවන් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය "Open Source" වීමයි. "Open Source" වීම නිසා මිලියන ගණනකට වඩා වැඩි වූ apps ප්‍රමාණයක් ඇන්ඩ්‍රොයිඩ් apps store එකේ දැනටමත් තිබෙනවා. apps පමණක් නොවේ songs, games, videos, books වගේ දේවලුත් මිලියන ගණනින් ලබා ගැනීමට අවස්තාව තිබෙනවා. ඔබගේ කාර්යයන් වඩාත් පහසු කරගැනීමට පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ තිබෙන පහසුකම් සියල්ලම ලබා ගැනීමට හැකියාව තිබෙන නොඑක් ප්‍රමාණයන්ගෙන් යුත් ඇන්ඩ්‍රොයිඩ් උපකරණ බිහි වී තිබෙනවා. මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ අලුත්ම version එක විදියට තිබෙන්නේ Jelly Bean කියන version එක.
ඔබ යන හැම තැනකටම "google" රැගෙන යන්න
google සමාගම විසින් මේ වන විට හඳුන්වා දී තිබෙන සියලුම සේවාවන් ඉතාමත් විශිෂ්ට ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සමග ක්‍රියා කරන ආකාරයට තමයි නිර්මාණය කර තිබෙන්නේ. එම නිසා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකථනය රැගෙන යන හැම තැනකදීම ඔබට එම සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට පුළුවන්.
අන්තර්ජාලයේ සැරිසරන්න
ඔබට අවශ්‍ය සෑම විටම අන්තර්ජාලය භාවිතා කරන්න වේගවත් වගේම පහසුම ක්‍රමය විදියට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සමන්විත ජංගම දුරකථනය හඳුන්වා දෙන්න පුළුවන්. Home Screen එක මත තිබෙන google search app එක මගින් ක්ෂණිකව ඔබට කැමති දෙයක් පිළිබඳව සොයා බැලීමට google search engine එක භාවිතා කිරීමට පුළුවන්. ඔබගේ කටහඬ මගින් google එකේ search කිරීමට අවශ්‍ය වන දෙය පැවසීමෙන් එම වචනය ස්වයන්ක්‍රීයවම type වීමක් සිදු වෙනවා. අන්න එවැනි විස්මයානු කූල පහසුකම් ඇන්ඩ්‍රොයිඩ් වල තිබෙනවා.
ඔබේ දේවල් ඕනෑම වෙලාවක පහසුවෙන් ලබා ගැනීමට පුළුවන්(No wires needed )
ඔබගේ ජංගම දුරකතනයෙන් හෝ Tablet එකෙන් google account එකට sign in වීමත් සමගම ඔබේ ( Contacts, Photo, Video ) වගේ දේවල් බොහොම පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ කැමතිම දෙකින් ඔබට විනෝදයක් ලැබීමට පුළුවන් ඇත්තටම wires අවශ්‍ය නැහැ.
ඔබ යන හැම තැනකම විනෝදයෙන් පසුවන්න
ඔබේ ප්‍රියතම දේ සමග විනෝද වීමට Google Play තමයි හොඳම ක්‍රමය. 700,000 පමණ වූ apps සහ games, මිලියන ගණනක් songs, දහස් ගණනින් movies සහ TV Shows, ලෝකයේ තිබෙන විශාලම eBook එකතුව වගේ ඔබ කැමතිම දේවල් Google Play සමගින් ඔබට ලබා ගැනීමට පුළුවන්. මෙම සියලුම දේ ඔබගේ phone එකෙන් හෝ tablet එකෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්, wires අවශ්‍ය නැහැ.
ප්‍රබලයි, පහසුයි, ලස්සනයි
මිලියන ගණනක් ජනතාව ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නේ එහි තිබෙන කාර්යක්ෂම තාවය වගේම සරල භාවය නිසා.Home Screen, Apps සහ widgets භාවිතා කිරීමට හරිම පහසුයි හරියට පෙට්ටියක් ඇතුලේ තියෙන දෙයක් එලියට ගන්නවා වගේ. ඒ වගේම අවශ්‍ය විදියකට සකස් කරගැනීමටත් පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියත් සමග ඔබටම අවේනික වූ සුපිරි අත්දැකීමක් විඳ ගැනීමට පුළුවන්.
Widgets
ඔබේ ප්‍රියතම දේවල් වගේම වැදගත් දේවල් වලට පහසුවෙන් ලඟා වීමට ඒවා widget එකක් විදියට home screen එක මත සකස්කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට latest sport scores, ඔබේ ප්‍රියතම photos, ඒ වගේම කාලගුණ වාර්තාව, gmail inbox. වගේ දේවල්.
Multi-tasking
ඇන්ඩ්‍රොයිඩ් සමග ඔබට හැකියාව තිබෙනවා apps අතර පහසුවෙන් මාරු වීමට වගේම ඔබ යෙදී සිටි වැඩේ බොහොම පහසුවෙන් එතැන් සිට නැවත පටන් ගැනීමට. එක වර වැඩ කිහිපයක් කිරීම ජංගම දුරකථන සඳහානම් බොහෝ දුෂ්කර දෙයක්. නමුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියකින් සමන් විත දුරකතනයට එය බොහෝ පහසු දෙයක්.
Voice typing and actions
ඔබේ කටහඬින් ජංගම දුරකථනය පාලනය කරන්න. ඒ සඳහා කරන්න තිබෙන්නේ keyboard එක මත තිබෙන microphone එක ස්පර්ශ කිරීම පමණයි. e -mail, sms ලිවීම සඳහාත් මෙම ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ඒ සඳහා භාෂා 30 ක් පමණ සයෝගය දක්වනවා. එම වෙලාවේදීම type වීම සිදුවෙනවා කිසිඳු ප්‍රමාදයක් සිදු වෙන්නේ නැහැ.
Photos and videos
ඔබේ ජීවිතයේ වැදගත් අවස්තාවන් ඉහල ගුණාත්මක තාවයකින් යුතුව චායාරූප ගත කිරීමට සහ video ගත කරගැනීමට, ඒවා පහසුවෙන් නැරඹීමට තවත් අයෙක් සමග බෙදා ගැනීමට ඇන්ඩ්‍රොයිඩ් විසින් අවස්තාව හිමිකර දී තිබෙනවා.
ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සැබෑවටම smart. එය තව තවත් smart වෙනවා. face unlock වගේ සුපිරි තාක්ෂනයන් ප්‍රථම වරට ලොවට හඳුන්වා දුන්නේ ඇන්ඩ්‍රොයිඩ්. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියෙන් යුතු දුරකථන නිපදවන ලොව ප්‍රසිද්දම සමාගමවල් තමයි Samsung, HTC, LG, Motorola, Sony, Asus කියන්නේ. එම දුරකථන එක එක ප්‍රමාණයන් ගෙන් ලබා ගැනීමට පුළුවන්. මෙම දුරකථන අතරින් ඔබේ වත්කමට ගැලපෙන දුරකතනයක් මිලදී ගැනීම මගින් ඔබට හැකියාව තිබෙනවා ලොව ප්‍රසිද්දම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ සුපිරි පහසුකම් අත්විඳීමට.
Post a Comment