0
Credit Card මගින් අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම ආරක්ශිතද ?


බොහොමයක් දෙනෙක් තමන්ගේ Credit Card එක මගින් අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම සඳහා උනන්දුවක් දක්වන්නේ එමගින් කාලය සහ අනවශ්‍ය ගමන් බිමන් අවම කරගැනීමට පුළුවන් වෙන නිසා. පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩය තමන්ගේ රටේ නොමැති වුනත් වෙනත් රටකින් වුනත් ඇනවුම් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් එලෙස ගනුදෙනු කිරීමේදී එම වෙබ් අඩවිය ආරක්‍ෂිත එකක් හෝ අනාරක්ෂිත එකක් වීමට ඉඩ තිබෙන්න පුළුවන්. එම හේතුව නිසා යම් කිසි වෙබ් අඩවියක් සමග ගනුදෙනු කිරීමට ප්‍රථම එම වෙබ් අඩවිය ආරක්‍ෂිත එකක් දැයි තහවුරු කරගත යුතු වෙනවා නේද ?



Encryption Protection 




අන්තර්ජාලයෙන් ගනුදෙනු සිදු කරන වෙබ් අඩවියක් මගින් එම වෙබ් අඩවිය "Encrypted" යැයි පිළිගත හැකි ලෙස කරුණු ඉදිරිපත් කර තිබෙනවානම්. එයින් අදහස් කරන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු (Credit Card Details) වලට ආරක්ෂාවක් සලසා ඇති බවයි. එවැනි ගනුදෙනු සිදු කරන ආයතන සහ වෙබ් අඩවි වලට අවශ්‍ය කරනවා තමන්ගේ පාරිභෝගිකයාට ඔවුන් යම්කිසි ගනුදෙනුවක් සිදු කරනවිට ඔවුන්ගේ අතිශය රහසිගත තොරතුරු වලට ඔවුන් විසින් ඉතාමත් දැඩි ආරක්ෂාවක් Encryption Software මගින් සලසා තිබෙන බවට තහවුරු කරවීමට. එවැනි Encryption Software මගින් පාරිභෝගිකයින් විසින් ඇතුලත් කරනු ලබන තොරතුරු අතිශය රහසිගත ලෙස පවත්වාගෙන යනු ලබනවා බලය නොලත් කිසිඳු පුද්ගලයෙකුට බැලීමට  නොහැකි වෙන ලෙස.

Safety Verification 

Credit Card එක භාවිතා කොට අන්තර්ජාලයෙන් ගනුදෙනුවක් සිදු කිරීමට ප්‍රථම, එම Credit Card එක අයිති පුද්ගලයා මගින් තහවුරු කරගත යුතු වෙනවා එම ගනුදෙනුවේ ආරක්‍ෂිත භාවය පිළිබඳව. අන්තර්ජාලයට පිවිසීම සඳහා භාවිතා කරනු ලබන Windows Internet Explorer, Netscafe Nevigator වගේ Browsers මගින් පහතින් තිබෙන icon එකක් මගින් Credit Card එක අයිති පුද්ගලයාට දැනුම් දෙනවා ගනුදෙනුවේ ආරක්‍ෂිත භාවය පිළිබඳව. එම Icon එක වැහිලා තිබෙන lock එකක් ලෙස දිස් වෙනවානම් එම වෙබ් අඩවිය ගනුදෙනු කිරීම සඳහා ආරක්‍ෂිත වෙනවා. ඒවගේම විවුර්ත වුන lock එකක් ලෙස එම icon එක දිස් වෙනවානම් එම වෙබ් අඩවිය ආරක්‍ෂිත එකක් වෙන්නේ නැහැ.




 ඒවගේම තමයි ඔබ ගනුදෙනුවක් කිරීමට ප්‍රථම අවදානය යොමු කරන්න Browser එකේ උඩම තිබෙන Address bar එක වෙත එහි එම Address එක පටන් ගන්නේ "http" ලෙස බම එය ආරක්‍ෂිත නැහැ, එය "https" ලෙස පටන් ගන්නවානම් එය ඉතාමත් සුබ ලකුනම් ලෙස සලකන්න පුළුවන් ගනුදෙනුව කිරීම් සඳහා.


Public Computers



පොදු ස්ථාන වල තිබෙන පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසීමේදී ඔබගේ අතිශය රහසිගත Credit Card Details වගේ දේවල් අන්තර්ජාලයේ save කරතැබීම එතරම් හොඳ දෙයක් නෙවි. මොකද  බොහෝ දෙනෙක් එම පරිගණක නිතර නිතර භාවිතා කරන නිසා.එම රහස්ගත තොරතුරු තවත් කෙනෙකුට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.  ඒවගේම  තමයි ස්වයන්ක්රීයවම සමහර පරිගණක වල Browsers වල Username සහ Password save වෙන විදියට සකසා තිබෙනවා. එවැනි අවස්තාවකදී එම තොරතුරු තවත් කෙනෙකුට පහසුවෙන් ලබා ගැනීමට පුළුවන් වෙනවා. එම නිසා සැම විටම ගනුදෙනු කිරීමේදී තමන්ගේ පෞද්ගලික පරිගණකය භාවිතා කරන්න.


Online vs Store


Credit Card එක භාවිතා කොට අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම Credit Card මගින් ගනුදෙනු කිරීමට හැකි Store සමග ගනුදෙනු කිරීමට වඩා ආරක්ෂිත වෙනවා.Credit Card එකින්  එකවරක් අන්තර්ජාලයෙන් මිලදී ගැනීමක් කිරීමේදී, එම පුද්ගලයා විසින් නැවත වරක් ගනුදෙනු කිරීමේදී Credit Card Number එක නැවත සම්ප්‍රේෂණය වීමක් වෙන්නේ නැහැ. නමුත් Store එකකදී හෝ Restaurant එකකදී ගනුදෙනුවක් කිරීමේදී එහි සිටින ලිපිකරු, අයකැමි වරයා,  භෝජනාගාර සේවකයා, සේවිකාව වගේ පුද්ගලයින්ට හැකියාව තිබෙනවා එම පුද්ගලයා තමන්ගේ ගනුදෙනුව නිම කර ගිය පසුව වුනත් Credit Card Number එක සහ එය කල් ඉකුත්වෙන දිනය පරිශීලනය කිරීමට.


Tracking Fraud 


Credit Card Number එක සහ එම තොරතුරු අනත්ර්ජාලයේදී කෙසේ හෝ යම්කිසි කෙනෙකු විසින් සොරකම් කර ගෙන තිබුනොත්. එම Credit Card එක අයිති පුද්ගලයා විසින් වගකිවයුතු වෙන්නේ එහි තිබෙන මුදල් ප්‍රමාණයෙන් තරමක සීමා සහිත මුදල් ප්‍රමාණයක් දක්වා පමණයි. සාමාන්‍යයෙන් 50$ වගේ මුදලක්. එම Card එකේ තොරතුරු සොරකම් කරනු ලැබූ පුද්ගලයා විසින් එහි Number එක මගින් ගනුදෙනුවක් කල පසුව එම Credit Card නිකුත් කරනු ලැබූ ආයතනයට හැකියාව තිබෙනවා Internet Protocol (IP) මගින් එම පුද්ගලයාගේ පරිගණකයේ ලිපිනය සොයා ගැනීමට . එමගින් හැකියාව තිබෙනවා ඔහු විසින් සිදු කරනු ලැබූ ගනුදෙනුව සහ වංචාව සිදු වුනේ  කොහෙදීද යන්න සොයා බැලීමට.



මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා

Post a Comment

 
Top