0
Android දුරකථනය හෝ ටැබ්ලට් එක boot නොවුනත් Factory Reset කරමු!


"Safe Mode' මගින් බොහොමයක් දෝෂ ඔබට නිරාකරනය කරගැනීමට පුළුවන් වෙනවා Android දුරකථන වල සහ ටැබ්ලට් වල ඇතිවෙන .ඔබේ දුරකතනය හෝ ටැබ්ලට් එක boot වෙන්නේ නොමැති වුනත් මෙමගින් හැකියාව තිබෙනවා එය Factory Reset කිරීමට. එය බොහොමයක් ගැටළු විසඳීමට උපකාරී වෙනවා. උදාහරණයක් විදියට "Pattern Lock" එක මගින් ඔබේ දුරකථනය Lock වුනොත් මේ ආකාරයට Factory Reset කිරීමෙන් නැවත එය යතා තත්වයට ගන්න පුළුවන් පහසුවෙන්ම 

සැ.යු - Factory Reset කිරීමෙන් ඔබේ පෞද්ගලික දත්තයන්  සම්පූර්ණයෙන්ම මැකී යනවා.


 දුරකථනය හෝ ටැබ්ලට් එක Boot වෙන්නේ නොමැතිනම්


 "Safe Mode" මගින් දෝෂය නිරාකරණය කර ගැනීමට නොහැකි නම්. ඔබේ දුරකථනය හෝ ටැබ්ලට් එක විශේෂ "Recovery Mode" එකකට යොමු කොට "Hard Reset " කිරීමට පුළුවන් වෙනවා. පළමුව දුරකතනය "Shut Down" කරගන්න.

මෙම පහත තිබෙන විදියට නිවැරදිව එම Keys එබිය යුතු වෙනවා. එම keys උපකරණයෙන් උපකරණයට වෙනස් වෙනවා. මේ පහත තිබෙන්නේ ඒවා වලින් සමහරක්.

  • Nexus 7: Volume Up + Volume Down + Power
  • Samsung Galaxy S3: Volume Up + Home + Power
  • Motorola Droid X: Home + Power
  • Devices With Camera Buttons: Volume Up + Camera

එක හා සමාන දුරකථන වල බොහෝ විට මෙවැනි Keys සමාන වෙනවා. උදාහරනයක් විදියට "Nexus 4" දුරකථනය හඳුන්වන්න පුළුවන් (Volume Up + Volume Down + Power)


ඔබේ Android දුරකතනය හෝ ටැබ්ලට් එක මෙම list එකේ නැතිනම්. ඔබට පහසුවෙන්ම ඔබේ දුරකතනයේ නම අගට "Recovery Mode" යනුවෙන් සඳහන් කර Google එකේ පරික්ෂා කර බලන්න. එයින් ඔබට පහසුවෙන්ම ඊට අදාළ උපදෙස් ඇතුලත් වෙබ් අඩවියක් සොයා ගැනීමට පුළුවන් වෙනවා.


ඔබ විසින් එලෙස ඔබාගෙන සිටින Keys දුරකතනය ක්‍රියාත්මක වෙන විට නිදහස් කරන්න. ඉන් පසුව ඔබට මෙම පහත තිබෙන ආකාරයේ පින්තූරයක්  දැක ගන්නට ලැබේවි.



ඉන්පසුව ඔබට පුළුවන් "Volume Up සහ Down" keys වලින් Options අතර එහා මෙහා යෑමට. 




එලෙස "Recovery Mode" එක තෝරා Power බටන් එක ඔබන්න "Recovery Mode" එකට Restart කරගැනීම සඳහා. ටික වෙලාවකින් පසුව රතු පාට ත්‍රිකෝණයක් සමග Android ලාංචනය දැක ගැනීමට පුළුවන්.



දැන් power බටන් එක ඔබා ගෙන Volume up බටන් එක ඔබන්න. ඉන්පසුව මෙම පහත පින්තූරයේ තිබෙන පරිදි "System Recovery Menu" එක දැකගන්නට ලැබේවි.



එහිදී "Wipe data/ Factory Reset" තෝරන්න. ඒ සඳහා Volume keys භාවිතා කරන්න. තෝරා ගත පසුව enter කිරීම සඳහා power බටන් එක ඔබන්න.

ඉන් පසුව "Yes" තෝරාන්න. දැන් ඔබේ දත්තයන් සියල්ලයන් මැකී දුරකතය හෝ ටැබ්ලට් එක ඔබ මිලදී ගත මොහොතේ තිබු තත්වයට පැමිණෙනවා ඇති.


මෙය සිදු කරගන්නා ක්‍රමය සමහර දුරකථන වල සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ තිබෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය එක සමානයි. ඇත්තටම මෙය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදියට "Pattern Lock" එක මගින් ඔබේ දුරකථනය Lock වුනොත් මේ ආකාරයට Factory Reset කිරීමෙන් නැවත එය යතා තත්වයට ගන්න පුළුවන් පහසුවෙන්ම 

Post a Comment

 
Top