0
Android වල අලුත්ම මෙහෙයුම්  පදද්තිය වන "KitKat" වලට ඔබේ දුරකථනය හෝ ටැබ්ලට් එක update කරගන්නේ මෙහෙමයි.



ඔබට දැනගන්න අවශ්‍යද ඔබේ Android දුරකතනයට හෝ ටැබ්ලට් එකට "KitKat" ස්ථාපිත කරගන්න ක්‍රමය පිළිබඳව. update ක්‍රියාවලිය දුරකථන සහ ටැබ්ලට් නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා. නමුත් හැම Android උපකරණයක්ම Update කිරීම සඳහා අනුගමනය කරන්නේ එක සමාන පියවරවල් කිහිපයක්. 

සැ.යු - ඔබේ Android දුරකථනය හෝ ටැබ්ලට් එකට මෙම Update එක ලබා ගැනීමට හැකි වෙන දවස තීරණය වෙන්නේ උපකරණයේ මොඩල් එක සහ "Service Provider" මතයි. ඔබට ඔබේ දුරකතනයට හෝ ටැබ්ලට් එකට "KitKat" Update එක ලබා ගැනීමට පුළුවන් බවට දැනුවත් කිරීමේ පණිවිඩයක් ලැබුනානම්. ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.

update කිරීමේදී දත්තයන් මැකීයාමට ඇති අවදානමට මුහුණ දීම සඳහා පළමුව ඔබේ දත්තයන් සියල්ල Backup කරගන්න.


 Android Update කිරීම


1. ඔබේ දුරකථනය හෝ ටැබ්ලට් එක සම්පූර්ණයෙන්ම Charge කර තිබෙනවාද කියා සැලකිලිමත් වෙන්න. මොකද Update ක්‍රියාවලියට තරමක වෙලාවක් ගත වෙන නිසා අතරමගදී එයට බාධාවක් එල්ල විය යුතු නැති නිසා. 

2. ඔබේ දුරකථනය හෝ ටැබ්ලට් එකේ "Settings" වලට යන්න.




3. ඉන් පසුව "About Phone Or About Tablet" කියන එක තෝරන්න..




4. දැන් "System Update" කියන එකට යන්න. නැතිනම් ඊට සමාන එකක්. 



 

 5. මීළඟට "Restart & Install"තෝරන්න. 




දැන් ඔබේ Android දුරකථනය හෝ ටැබ්ලට් එක අලුත්ම සංස්කරණයට යාවත්කාලීන වී හමාරයි.

Post a Comment

 
Top