USB Drive එකකින් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක්.
මේ වන විට හැම කෙනෙක් සතුවම Pen Drive එකක් තියෙනවා. වැඩි දෙනෙක් Pen Drive එක පාවිච්චි කරන්නේ පරිගණකයේ තිබෙන Files Backup කර තබාගැනීමට, පරිගණක අතර දත්ත හුවමාරු කරගැනීම වගේ දේවල් වලට. නමුත් බොහොමයක් දේවල් Pen Drive එකකින් කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද ? මෙම ලිපිය කියවීමෙන් ඔබට දැනගැනීමට පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි ඇත්තටම ඔබේ Pen Drive එකෙන් කරගන්න පුළුවන් දේවල් මොනවාද කියා.
Lock & Unlock Your Computer
ඔබට අවශ්‍යද ඔබේ Pen Drive එක භාවිතා කරමින් පරිගණකය Lock කිරීමට සහ Unlock කිරීමට. සමහර විට ඔබ එවැනි දේවල් චිත්‍රපටි වල දැකල ඇති. නමුත් ඔබටත් දැන් එය ඔබේ පරිගණකය Lock කිරීමට සහ Unlock කිරීමට පාවිච්චි කරන්න පුළුවන්.නොමිලේම ලබා ගන්න පුළුවන් "Predator" කියන මෘදුකාංගයෙන් ඔබට එය පහසුවෙන් කරගන්න පුළුවන්. එම මෘදුකාංගයෙන් සිදු කරන්නේ USB Pen එක පරිගණකය Lock කිරීමට සහ Unlock කිරීමට හැකියාව තිබෙන යතුරක් ආකාරයට සකසන එකයි.
පරිගණකය භාවිතා කරන අතරතුර ඔබ එයින් ඉවත් වූ විට ඔබ Pen Drive එක පරිගණකයෙන් ගලවන විගසම පරිගණකය Lock වෙනවා. නැවත එය පරිගණකයට සවි කල විට නැවත පරිගණකය Unlock වෙනවා. එය හරියට Windows වල තිබෙන Lock Function එක වගේ, නමුත් මෙහිදී ඔබට Password Type කර කර සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
එම Predator Software එක Download කරගැනීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න
Quickly Connect To Wireless Networks
Windows වල තිබෙනවා පහසුකමක් Wireless Network වල Name, Password සහ වෙනත් තොරතුරු USB Drive එකකට Save කර ගැනීමට. එයින් ඔබට හැකියාව තිබෙනවා වෙනත් පරිගණකයකින් වුනත් ඔබේ Wireless Network එකට නැවත නැවත Password ඇතුලත් කිරීමකින් තොරව ක්‍ෂණිකව සම්බන්ධ වීමට. ඒවගේම ඔබ සතුව Xbox එකක් තිබෙනාවානම් එය සඳහාත් මෙය භාවිතා කිරීමට පුළුවන් ක්‍ෂණිකව ඔබේ Wireless Network එකට ක්‍ෂණිකව සම්බන්ධ වීම සඳහා.
එම WiFi Settings ඔබේ Pen Drive එකට Save කරගැනීම සඳහා. System tray එකේ තිබෙන Wireless Icon එක ක්ලික් කරගෙන මේ වන විට ඔබ භාවිතා කරන Wireless Network එක මත right-click කර Properties තෝරන්න.
දැන් Connection tab එකෙහි තිබෙන " Copy this network profile to a USB flash drive" කියන තැන ක්ලික් කරන්න.
මීළඟට Next බටන් එක ක්ලික් කරන්න. ඒ සමගම Windows විසින් එම අදාළ Information ටික ඔබේ Pen එකට copy කරනවා ඇති. දැන් වෙනත් පරිගණකයකට එම Pen එක සම්බන්ධ කොට එහි තිබෙන "setupSNK.exe" කියන file එක double ක්ලික් කරන්න. එවිට එම අදාළ settings එම පරිගණකයට install කිරීමෙන් ක්‍ෂණිකව ඔබට Wirless Network එකට log වීමට පුළුවන්.
Increase Performance With ReadyBoost
එම සම්පූර්ණ ලිපිය කියවීමට මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.
USB Flash Drive Manager
ඔබ තවමත් Windows XP පාවිච්චි කරන කෙනෙකු නම්. ඔබට මෙම පහසුකම ලබා ගැනීමට පුළුවන්. අවාසනාවකට මෙය Windows Vista, 7, 8 වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
USB Flash Drive Manager කියන පහසුකම මගින් සිදු කරන්නේ Flash Drive Manage කිරීමක්. එයින් ඔබට පුළුවන් ඔබේ Pen Drive එකේ තිබෙන Photos වගේ දේවල් පරිගණකයට Backup කිරීමට, ඒවා නැවත පහසුවෙන් Restore කරගැනීමාට, උස්බ් Stick Label කිරීමට. Windows වල අනෙකුත් සංස්කරණ වල මෙම පහසුකම දැකගන්න ලැබෙන්නේ නැහැ. මෙය ඇත්තටම වඩාත් ප්‍රයෝජන වෙන්නේ වැඩි අත්දැකීමක් නැති Users ලාට තමයි. එයින් හැකියාව තිබෙනවා එකම Window එකක තුලදී Backup සහ Restore පහසුවෙන් කරගැනීමට.
Install A Portable Web Server
ඔබ Web Developer කෙනෙක් නම්. මෙය ඔබට වැදගත් වේවි. ඔබට පුළුවන් Sever2Go කියන Software එක ඔබේ Pen Drive එකට install කරගෙන Portable Web Server එකක් බවට ඔබේ Pen Drive එක පත් කරගන්න . ඉන්පසුව Pen Drive එක ඕනෑම Windows පරිගණකයකට සම්බන්ධ කරගෙන ක්‍ෂණිකව Web Server එක දියත් කර ගැනීමට පුළුවන් වෙනවා. කිසිවක් Install කිරීමාට් අවශ්‍ය වෙන්නේ නැහැ. එම මෘදුකාංගය නොමිලේම ලබා ගැනීමට පුළුවන්.
එම Software එක Download කරගැනීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න
මෙහි සඳහන් නොවුන වෙනත් දේවල් තිබෙනවානම් Comment එකක් මගින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා.
Post a Comment