1
ඔබේ පරිගණකය WiFi Hotspot එකක් බවට පත් කරගන්න කැමතිද?




ඔබට අවශ්‍ය වුනහොත් Wireless සම්බන්ධතාවයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ වීමට ඔබ කුමක්ද කරන්නේ. උදාහරණයක් විදියට ඔබේ Smart Phone, Tablet, Ipad, Laptop එක වගේ. එසේනම් ඔබට සිදුවෙනවා  WiFi Hotspot එකක් සොයා ගෙන යෑමට. නමුත් ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් WiFi පහසුකම තිබෙන Desktop පරිගණකයක් හෝ Laptop එකක්. එසේනම් ඔබට WiFi Hotspot සොයා සොයා රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ පරිගණකය WiFi Hotspot එකක් බවට පත්කරගෙන එහි තිබෙන අන්තර්ජාල සම්බන්ධතාවය අන්කෙත් Wireless පහසුකම තිබෙන Devices සමග බෙදා ගැනීමට පුළුවන්.

මෙම ක්‍රමය Windows 7, Windows 8 මෙහෙයුම් පද්දති දෙකටම සාර්ථකව භාවිතා කරන්න පුළුවන්. ඉන්පසුව ඔබට හැකියාව තිබෙනවා ඕනෑම Wireless Device එකක් භාවිත කොට අන්තර්ජාලය පිවිසීමට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ Wireless Adapter එකක් සවි කර තිබෙන පරිගණකයක් පමණයි.


පියවර 1 

ඔබ විසින් පළමුව  කරගත යුතු දෙයක් තිබෙනවා ඒ තමයි Virtual Router Plus  කියන Software එකේ Free Copy එකක් Download කරගැනීමයි.





එම Download කරගත් Software එක Install කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ "Virtual Router Plus.exe" කියන file එකRun කිරීම පමණයි. ඒ Software එක ලැබෙන්නේ Zip file එකක් විදියට එම නිසා පළමුව ඔබ විසින් එය Extract කරගත යුතු වෙනවා.
 
ඉහත සියල්ල ඔබ විසින් කරගත් පසු. ඔබ අනෙකුත් Devices සමග Share කිරීමට බලාපොරොත්තු වෙන අන්තර්ජාල සම්බන්ධතාය ඔබේ පරිගණකයේ තිබෙනවාද? කියන දෙය පිලිබඳ අවධානය යොමු කරන්න. දැන් "Virtual Router Plus.exe" File එක මත Double ක්ලික් කරන්න.




පියවර 2 

ඔබේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාවය Virtual Router Plus මෘදුකාංගය භාවිතාකොට Share කිරීමේදී අලුතෙන් Network එකක් හදාගන්න වෙනවා. ඒවගේම අනෙකුත් Network වලින් එය වෙනකොට හඳුනාගැනීම සඳහා එයට නමක් ඇතුලත් කිරීමට සිදු වෙනවා. SSID කියන තැනට ඔබ කැමති නමක් ඇතුලත් කිරීමට පුළුවන්.




ඔබ එසේ සකස් කරගනු ලබන WiFi Hotspot එකට වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීමට නොහැකි වෙන ලෙස Password එක දැමීමට පුළුවන්.




අවසාන වශයෙන් ඔබට කරන්න තිබෙන්නේ ඔබ Share කිරීමට බලාපොරොත්තු වෙන Network එක තේරීමයි. එලෙස Network එක තේරීමේදී නිවැරදිව එය තේරීමට වගබලා ගන්න. උදාහරණයක් විදියට ඔබ Dongle එකක් මගින් වෙන්න පුළුවන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. එවිට නිවැරදිව එම network එක තෝරන්න.


පියවර 3 


ඉහත විදියට නිවැරදිව Settings ටික ඇතුලත් කරගත් පසුව Network එක share කරගැනීම සඳහා "Start Virtual Router Plus" කියන බටන් එක ක්ලික් කරන්න. ඉන් පසුව සුළු වෙලාවකින් ඔබට හැකියාව තිබෙනවා ඕනෑම WiFi Device එකකින් ඔබ විසින් Share කල Network එකට ඇතුලත් වී අන්තර්ජාලයට සම්බන්ධ වීමට.






මෙම Connection එක එක Share වෙන්නේ WiFi හරහා එම හේතුව නිසා ඔබ භාවිත කරන පරිගණකයේ WiFi තිබීම අත්‍යවශ්‍ය වෙනව.ඔබ සතුව තිබෙන්නේ Laptop එකක් නම් ගැටළුවක් නැහැ මොකද එහි Wifi පහසුකම අන්තර්ගත කොට තිබෙන නිසා. නමුත් ඔබ සතුව තිබෙන්නේ Desktop පරිගණකයක් නම් එම පරිගණකයට Wifi පහසුකම ලබා ගැනීම සඳහා WiFi Adapter එකක් පාවිච්චි කරන්න පුළුවන්.


මේ පිළිබඳව ඔබට ඇතිවෙන ගැටළු සහ අදහස් Comment එකක් මගින් දක්වන්නටත් අමතක කරන්න ඒපා.  

Post a Comment

 
Top