ඇන්ඩ්‍රොයිඩ්වල play කරන games දැන් ඔබට බගේ පරිගණකයේත් play කරන්න පුළුවන්
හැමෝම වගේ කැමතියි නේ ඇන්ඩ්‍රොයිඩ් games play කරන්න. නමුත් දැන් ඇන්ඩ්‍රොයිඩ් games play කරන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ පරිගණකයේත් මෙම games play කරන්න පුළුවන්. පුදුමයි නේද?. දන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් market එකේ ඇති විශාල සංක්‍යාවක් ලස්සන ලස්සන games තියෙන බව, දැන් ඒ හැම game එකක්ම හිතේ හැටියට ඔබට ඔබගේ පරිගණකයෙන් play කරන්න පුළුවන්. games විතරක් නෙවෙයි apps පවා run කරන්න පුළුවන් මේ ක්‍රමේට
ඇන්ඩ්‍රොයිඩ් games සහ apps පරිගණකයෙහි play කරන්න ගොඩාක් ක්‍රම තියෙනවා නමුත් එවැනි ක්‍රම අතරින් මේ ක්‍රමය තමයි වඩාත් පහසු වගේම නිවැරදිම ක්‍රමය එක නිසා තමයි ඔයාලට අද මේ ක්‍රමය කියල දෙන්නේ.
ඇන්ඩ්‍රොයිඩ් games සහ apps පරිගණකයෙන් play කරන කොට අමතර වාසින් කිහිපයක්ද ඔබට තියෙනවා. එකක් තමයි ලොකු තිරයක play කරන්න පුළුවන් වීම, ඒ වගේම mouse එක සහ keyboard එක පාවිච්චි කරලා පහසුවෙන් හැසිරවීමටද හැකියාව ලැබෙනවා
මෙන්න මේ විදියට ඉන්ස්ටෝල් කරගන්න
01. මුලින්ම අපිට ඕනේ වෙනවා BlueStacks කියන මෘදුකාංගය, එය download කරගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න
Download BlueStacks for Windows
02. ඉහත මෘදුකාංගය download කර ගැනීමෙන් පසුව ඉන්ස්ටෝල් කරගන්න
03. ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව එම මෘදුකාංගය open කරගන්න
04. මෙන්න මේ විදියට තමයි open කිරීමේදී මෙම මෘදුකාංගය දිස් වෙන්නේ
05. My Apps කිල්ක් කිරීමෙන් පසුව app search කියන තැන ක්ලික් කරන්න
06. දැන් කරන්න තියෙන්නේ ඔබගේ gmail ලිපිනය භාවිතා කරලා sign in වෙන්න
07. දැන් ඔබට ඔබ කැමති game එකක් app එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්
මෙම Bluestacks මෘදුකාංගය run කිරීමට අඩුම තරමේ 2gb වත් RAM එක අවශ්‍ය වෙනවා. එම නිසා Download කිරීමට පෙර ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න
Post a Comment