0
Pen Drive එකෙන් windows 7 ඉන්ස්ටෝල් කරමු ( DVD rom එකක් අවශ්‍ය නැහැ )



windows 7 අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනෙද ඒත් DVD ROMඑක වැඩ කරන්නේ නැද්ද. ප්‍රශ්නයක් නැහැ දැන් windows 7 ඉන්ස්ටෝල් කරන්න DVD ROM එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. pen එකකිනුත් පුළුවන් windows 7 ඉන්ස්ටෝල් කරන්න.


මේ විදියට win 7 ඉන්ස්ටෝල් කරන්න පරිගණක පිලිබදව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උනත් පුළුවන්. කරන්න තියෙන්නේ බොහොම සරල කාරනා ටිකක් විතරයි. pen එකෙන් win 7 ඉන්ටෝල් කරන ක්‍රම ගොඩාක් තිබුනත් මේ ක්‍රමය තමයි පහසුම සහ සරලම ක්‍රමය.




වැඩේ පටන් ගන්න කලින් මෙන්න මේ කියන දේවල් ටික ලැහැස්ති කර ගන්න 





දැන් බලමු කොහොමද win 7 ඉන්ස්ටෝල් කරගන්නේ කියලා


Pen Drive එක පරිගණකයට සම්බන්ධ කිරීමෙන් අනතුරුව  ඔබ විසින් download කරගත් UNetbootin මෘදුකාංගය run කරන්න. දැන් disk image කියන option එක තෝරන්න. දැන් කරන්න තියෙන්නේ ඔබේ පරිගණකයෙහි තිබෙන Windows 7 ISO file එක තිබෙන තැන පෙන්වන එක . Type එක විදියට Usb Drive තෝරන්න. මීළඟට pen එක තිබෙන drive එක select  කරන්න.



ඉහත ආකාරයට සකස් කර ගැනීමෙන් පසුව ok බටන් එක ක්ලික් කරන්න. ඉන්පසුව win 7 iso file එක pen එකට extract වෙන්න මිනිත්තු 10 වගේ කාලයක් ගත වෙනවා. එතකන් ටිකක් වෙලා ඉවසලා ඉන්න.




files ටික pen එකට ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම.පරිගණකය reboot කරන්න. දැන් පරිගණකය start වෙනවාත් සමගම Bios menu එකට පිවිසීමට අදාළ key එක ඔබන්න( F1, F2, F12, ESC, Backspace.Del , or Escape). Boot menu එකට පිවිසීමෙන් අනතුරුව Boot  Order එක මාරු කරන්න. USB එක First boot device එක විදියට හෝ default එක විදියට තෝරන්න. ඒ ආකාරයට තේරීමෙන් පසුව save changes and restart යන්න තෝරන්න.




දැන් ඉතින් සුපුරුදු විදියටම win 7 ඉන්ස්ටෝල් කර ගෙන යන්න.


Post a Comment

 
Top