0
ඔබේ පරිගණකයේ Game එකක් Play කරන්න පුලුවන්ද? බැරිද ? කියා නිවැරදිව සොයා බලන ක්‍රමය.




පරිගණකයෙන් Game play කරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවි. මොකද ඔබ සතුව තිබෙන්නේ තරමක් පරණ දුර්වල Hardware කොටස් වලින් සමන්විත Laptop එකක් හෝ Desktop පරිගණකයක් නම් Game එකක් install කිරීමේදී ඔබට කිහිප වරක් සොයා බැලිය යුතු වෙනවා නේද එම Game සාර්ථකව වැඩ කිරීමට පුලුවන්ද නැද්ද කියන එක ගැන. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ක්ෂණිකව  game එකක් play කිරීමට පුලුවන්ද? බැරිද? කියන එක ගැන පෙර නිගමනයකට එන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි.



Beware Intel Graphics


පළමුවන ඒවගේම ලොකුම අනතුරු ඇඟවීම තමයි ඔබේ පරිගණකයේ තිබෙන්නේ වෙනමම  සවි නොකරන ලද Nvidia, AMD වගේ Graphic Card එකක් වෙනුවට Motherboard එකේම නිර්මාණය කර තිබෙන (Onboard)  Graphics නම්. අලුතෙන් නිපදවන ලද Games Play කරද්දී  ගැටළු වලට මුහුණ දීමට සිදු වෙන එක හැමෝටම පොදුවේ මුහුණ දීමට සිදු වෙන තත්වයක්.
බොහොමයක් Laptop වල තිබෙන්නේ Intel Onboard Graphic වගේ බාල තත්වයේ අඩු බලයක් තිබෙන ඒවා .ඒවගේම  Intel සමාගම විසින් අලුතෙන්ම නිර්මාණය කරන ලද Intel Graphics Hardware උපාංග  Nvidia, AMD වගේ Graphic Hardware නිපදවන සමාගම වල නිෂ්පාදන වලට වඩා ගොඩක් බලයෙන් අඩුයි. එම නිසා ඔබ භාවිතා කරන්නේ Intel Graphics නම් අලුතින් නිර්මාණය කර තිබෙන Games ඔබට Play කිරීමට පුළුවන් වෙන එකක් නැහැ.

Intel සමාගම විසින් ඔවුන්ගේ Graphic Performance වැඩි කිරීමට Hshwell Graphics මගින් උත්සහයක් දරා තිබෙනවා නමුත් එය ප්‍රමාණවත් මට්ටමක නැහැ. එම Haswell Chips වලට ලඟා විය නොහැකි තරමට ඒවා මිලෙන් අධිකයි. 


Check your PC'S Specifications Manually 




ඔබගේ පරිගණකයේ දැනට සවි කොට තිබෙන Hardware කොටස් පිළිබඳව ඔබ විශේෂයෙන් දැනසිටිය යුතු වෙනවා. ප්‍රදාන වශයෙන්ම CPU එකේ speed එක, RAM ගණන, Graphic Card පිළිබඳව විස්තර. එම Hardware කොටස් පිළිබඳව විස්තර ඔබට සොයා ගන්න පුළුවන් ක්‍රම බොහොමයක් තිබෙනවා. අන්තරජාලයෙන් ඔබේ Laptop එක  පිළිබඳව විස්තර සොයා බැලීමත් ඇතුලත්ව.

කොහොම වුනත්.  System එක පිළිබඳව සියලුම විස්තර සොයා බැලීමට පුළුවන් System Tool එක මගින්. ඒ සඳහා අප විසින් නිර්දේශ කරනු ලබනවා Speccy කියන සුපිරි Software එක. මෙය CCleaner නිෂ්පාදකයින් විසින් නිර්මාණය කරන ලද Software එකක්.


මෙන්න ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වියයුතු ප්‍රදාන දේවල් 3 ක්.


1. CPU එකේ Speed එක, එය පිළිබඳව සියලුම විස්තර සොයා බැලීම සඳහා Speccy මෘදුකාංගය Download කරගෙන Install කරගත් පසුව එහි තිබෙන "CPU" කියන ටැබ් එක ක්ලික් කරන්න 

2. ඔබේ පරිගණකය සතුව තිබෙන RAM ගණන.

3. පරිගණකයේ Graphics Card එකේ model එක. එහි වේගය. ඔබ AMD, Nvidia වගේ graphic card එක නම් භාවිතා කරන්නේ සමහර විට ඔබේ Onbaord Graphic එකත් මෙහිදී පෙන්වන්න පුළුවන් එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.



මීළඟට ඔබ Play කරන්න බලාපොරොත්තු වෙන Game එකේ System Requirements සොයා බැලිය යුතු වෙනවා.එය පහසුවෙන්ම අන්තර්ජාලයෙන් සොයා බැලීමට පුළුවන්.එම Requirements ඔබේ පරිගණකයේ Requirementsසමග සසඳා බලා තීරණය කරන්න Game එක Play කරන්න පුලුවන්ද නැද්ද යන බව.



Automatically Compare  Your PC'S Specifications to a Game


ඇත්තටම අපිට මෙය තීරණය කිරීම තරමක් අපහසුයි. එම නිසා එය තීරණය කිරීමේ වගකීම අපි පරිගණකයටම භාරදෙමු. 

Game එකක් Play කිරීම සඳහා අවශ්‍ය වෙන සුදුසුකම්  ඔබගේ පරිගණකය සතුව ඇත්දැයි ස්වයන්ක්රීයවම සොයා බැලීම සඳහා මෙම Website එක ඔබට භාවිතා කරන්න පුළුවන් " Can You Run It? "


එම Website එක භාවිතා කල පසුව. අප විසින් නිර්දේශ කරනු ලබනවා System Requirements ස්වයන්ක්‍රීයවම හඳුනා ගැනීමට හැකියාවක් තිබෙන Desktop App එකක්. එය මෙතනින් Download කරගන්න. එය බාගෙන install කරගත් පසුව එය විසින් ඔබේ පරිගණකය සම්පූර්ණ පරික්ෂාවකට ලක් කොට ඔබේ පරිගණකයේ තිබෙන  Hardware කොටස් වල විස්තර එකතු කර ගනු ලබනවා. ඉන් පසුව ඔබ web අඩවියකට ගෙන යනු ලබනවා. 



දැන් ඔබට පුළුවන් එම web අඩවියේදී ඕනෑම Game එකක් search කර බලා ඔබේ පරිගණකයේ එම Game එක Play පුලුවන්ද පුළුන්ද? නැද්ද? යන්න සොයා බැලීමට.




ඔබේ අදහස් Comment එකක් මගින් දක්වන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලිපි පලකිරීමට එය සැබෑවටම අපිට ශක්තියක් වෙන නිසා.



Post a Comment

 
Top