ඔබේ පරණ Android දුරකථනය Security Camera එකක් විදියට භාවිතා කරමු!
අද කාලය වන විට Home Security Camera System එකක් නිර්මාණය කිරීම එතරම් අපහසු දෙයක් නෙවෙයි. . සමහර විට ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් Android මෙහෙයුම් පද්දතිය සහිත පරණ Smart Phone එකක්. එසේනම් ඔබට Security Camera එකක් බවට එය පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කිසිඳු අමතර මුදලක් වැය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය නිවැරදිව කරගන්නා ආකාරය පිළිබඳවයි.
වඩාත් සුදුසු වන Wireless Webcam App එක තේරීම
ඔබේ පරණ Android දුරකථනය භාවිත කර Home Security Camera System එකක් නිර්මාණය කිරීමේදී එහි අපහසුම කොටස වෙන්නේ ඒ සඳහා සුදුසු වන Webcam App එකක් තෝරා ගැනීමයි. කෙසේ වෙතත් Android App Store එකේ විශාල සංඛ්‍යාවක් තිබෙනවා Webcam Apps. ඒවා අතරින් තෝරාගනු ලැබුවා බොහොමයක් පරණ Android දුරකථන සමග සාර්ථකව වැඩ කරන App එකක්. ඒ තමයි IP Webcam කියන App එක. මෙම App එක නොමිලේම ලබා දෙන එකක් නිසා ඔබට එය App Store එක Search කර බලා පහසුවෙන්ම Download කරගැනීමට පුළුවන්.
එම App එක Download කරගෙන ඉන්ස්ටෝල් කරගත් පසුව. එය open කරගෙන "Start Server" කියන තැන ක්ලික් කරන්න.
මෙම App එක තිබෙන Default Settings ඔබට වෙනස් කිරීමට අවශ්‍ය නම්. අපි හිතමු පැය 24 ම සක්‍රීයවම තිබීමට අවශ්‍ය නම් එයට නම් මෙම App එකේ settings වලට පිවිස ඒවා අවශ්‍ය වෙන පරිදි වෙනස් කරගන්න පුළුවන්.
ඔබ කුමන Smart Phone එකක් භාවිතා කලත්, කුමන Webcam app එකක් භාවිතා කරත්.එම App එක දියත් කරනවාත් සමගම Webcam එක පරිගණකයෙන් හෝ තවත් Smart Phone එකකින් එම Cam එක දැකබලා ගැනීමට ( Streaming ) අවශ්‍යකරන IP Address එකක් ඔබට දෙනු ලබනවා. එය එසේ ලබා දුන්නේ නැත්තම් එම IP Address එක ඔබට Settings වලින් පහසුවෙන්ම ලබා ගැනීමට පුළුවන්.
Security Camera ( Smart Phone) එක නිවැරදිව ස්ථානගත කිරීම.
ඉහත ආකාරයට එම IP Address එක ඔබ එම App එකෙන් ලබා ගත් පසුව දැන් ඔබට පුළුවන් එම Security Camera එක ස්ථානගත විය යුතු තැන තේරීමට.
හොඳට මතක තබා ගන්න අපි Security Cam එකක් විදියට භාවිතා කරන්නේ Smart Phone එකක් බව. ඔබට අවශ්‍ය වෙන තැන සවිමත්ව ආධාරකයක් සහිතව එය සවි කරන්න. එවගේම ඔබ තවත් අවධානය යොමු කල යුතු දෙයක් තිබෙනවා ඒ තමයි අපි මෙම සම්බන්ද තාවය ගොඩනගන්නේ Wireless Wifi තාක්ෂනය හරහා බව. ඒ නිසා පහසුවෙන් Signal ලබා ගැනීමට වගේම එය සඳහා අවශ්‍ය කරන බලය පහසුවෙන් සැපයීමට පුළුවන් තැනක එය සවි කරන්න.
Security Camera එක පාලනය කරන පාලක මධ්‍යස්ථානය නිර්මාණය කරගැනීම.
ඒ විදියට සකස් කරගත් Security Cam එක ඔබට පාලනය කිරීමට අවශ්‍ය කරන Software එකක් ඔබ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතු වෙනවා. Webcam Watcher කියන Software එක සඳහා වඩාත් සුදුසු වෙනවා. ඉහත ලින්ක් එකෙන් ඔබට එම මෘදුකාංගය Download කරගැනීමට පුළුවන්. එය බාගෙන install කරගත් පසුව. එම site එකේ දී තිබෙන Code එකී Password එකී පාවිච්චි කරලා Software එක ලියාපදිංචි කරගන්න.
ඔබ පළමු වරට එම මෘදුකාංගය Open කරන විට ඔබට දැකගන්න පුළුවන් හිස් webcam icons 6ක්. ඒ අතරින් ඔබ කැමති එකක් මත Right- Click කර "Edit Current webcam" කියන තැන ක්ලික් කරන්න.
ඔබ Smart Phone එකට Install කරගත් webcam app එකෙන් IP Address එක හොයාගෙන මේ උඩ තියෙන ආකාරයට එම IP එක ලබා දෙන්න. ඇත්තටම මේක Local Network එකක් IP port 8080 න් පටන් අරගෙන "/videofeed" වලින් අවසන් වෙන. ඉහත තිබෙන පින්තූරයේ තිබෙන ආකාරයට "Streaming" කියන option එක තේරීම අත්‍යවශ්‍ය වෙනවා ඔබ Security Cam එකක් විදියට සවි කරන ලද Smart Phone එකෙන් Video ලබා ගැනීමට.
WiFi පහසුකම තිබෙන පරිගණකයට මෙය install කරන්න. මොකද මෙය සම්බන්ද වෙන්නේ Wireless Network එකකින් නිසා.
මෙම පහත තිබෙන පින්තූරයෙන් දිස්වෙන්නේ ඉහත ආකාරයට ඔබ විසින් සදා ගත් Seurity Camera එකේ video දසුන් ලැබෙන ආකාරයයි.
මෙම මෘදුකාංගය මගින් Webcam එකකට වඩා වැඩි ගණනක් වුනත් සම්බන්ද කරගන්න පුළුවන්. ඒවගේම තමයි මෙහි තිබෙනවා තවත් සුවිශේෂී ඉතා වැදගත් feature එකක් ඒ තමයි motion sensing. එකියන්නේ චලනය වෙන දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් කියන එක. එසේ චලනය වෙන සේවල් වල ස්වයන්ක්රීයවම පින්තූර අරගනීමටද පුළුවන්. ඇත්තටම එය වඩාත් වටිනා පහසුකමක්.
තව මේ පිළිබඳව ලියන්න ගොඩක් දේවල් තියෙඅන්ව නමුත් එසේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එම නිසා ඔබ විසින් ඒ පිළිබඳව ස්වයන් අධ්‍යයනයක් කරන්න.
ඔබේ අදහස් Comment එකක් මගින් දක්වන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලිපි පලකිරීමට එය සැබෑවටම අපිට ශක්තියක් වෙන නිසා.
Post a Comment