Android දුරකතනයට සිංහල Fonts දාගන්න
Android දුරකතනයට සිංහල Fonts ඇතුලත් කරගැනීමට නම් ඔබගේ දුරකතනය Root කර තිබීම අත්‍යවශ්‍ය වෙනවා. Android දුරකතනයක් Root කරනවා කියන්නේ කුමක්ද කියා දැනගන්න අප විසින් මින් පෙර ඉදිරිපත් කරන ලද එම ලිපිය කියවීමට පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.
පියවර 1
මෙම පහත තිබෙන ලින්ක් දෙක ක්ලික් කර අවශ්‍ය කරන දේවල් ටික බාගන්න.
1. Download Root Explorer ( Click Here )
2. Sinhala font pack ( Click Here )
පියවර 2
ඉහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් ඔබ Download කරගත් font pack එක Unzip කරගෙන එම files ටික SD Card එකට Copy කරගන්න.
පියවර 3
Root Explorer install කරගෙන එය Run කරන්න ( ඔබ මින් පෙර එ සඳහා Super User Permission ලබා දී නොමැති නම් ඒ සඳහා Super User Permission ලබා දෙන්න )
පියවර 4
Root Explorer මගින් සිංහල font file එක තිබුනු තැනට ගොස් එහි copy එකක් අරගන්න.
පියවර 5
දැන් ඔබගේ දුරකතනයේ System/fonts folder වෙත ගොස් දකුණු පස උඩම තිබෙන (Mount/RW) Option එක මත ක්ලික් කරන්න.
පියවර 6
දැන් එම folder එක මත ඔබ ලබා ගත් font file එකේ copy එක Paste කරන්න. Paste කිරීමේදී ඔබගෙන් අසනු ලබන පැනයට "Yes" ලෙස සඳහන් කරන්න.
පියවර 7
දැන් ඔබගේ දුරකතනය Reboot කරන්න. මුලු System එකටම දැන් සිංහල fonts ස්ථාපිත වී ඇති අයුරු ඔබට දැක ගන්න පුලුවන්.
Post a Comment