0
Windows 8 වල Apps Screen එකට Shutdown Icon එකක් එකතු කරමු.


Windows 8  පරිගනකයක් Shutdown කිරීමේදී තරමක වෙහෙසක් දැරීමට සිදු වෙනවා. එ මොකද Windows 8 නිර්මාණය කර තිබෙන්නේ විශේෂයෙන්ම  ටැබ්ලට් පරිගනක සඳහා වීම නිසා. කිසිඳු වෙහෙසක් නොදරා Apps Screen  එකට Shutdown Icon එකක් එකතු කර ගැනීම මගින් වඩාත් පහසුවෙන් එම කාර්ය සිදු කර ගැනීමට පුලුවන්. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය පිලිබඳවයි.


පියවර 1

ඔබ කැමති Folder එකක ඇතුලට ගොස් එහි Right-Click කර new යන්න තෝරා Shortcut එකක් හදා ගන්න



පියවර 2

එලෙස Shortcut එකක් සාදා ගැනීමේදී ඔබගෙන් අසනවා ඔබ Shortcut එකක් සෑදීමට බලාපොරොත්තු වෙන්නේ කුමක් සඳහාද කියලා, එවිට මෙම පහත තිබෙන Texts ටික Copy කර එම Box එකට Paste කර Next button එක ක්ලික් කරන්න.

%systemroot%\system32\shutdown.exe /p



පියවර 3

දැන් ඔබට එම Shortcut එකට කැමති නමක් ලබා දීමට පුලුවන්. නමක් ලබා දීමේදී එය හඳුනා ගැනීමට පහසු වීම පිනිස " Shutdown " වගේ නමක් ලබා දෙන්න. 



පියවර 4

සාදාගත් Shortcut එක මත Right-Click කර Properties තෝරන්න.





පියවර 5

Shortcut tab එක Highlight කර " Change Icon " තෝරන්න.




පියවර 6

දැන් ඔබට පුලුවන් කැමති පින්තූරයක් තේරීමට. එය තෝරා " Ok " බටන් එක ඔබන්න.




පියවර 7

අප විසින් සාදා නිම කර ගත් Shutdown Shortcut එක Start Screen එකට ඇතුලත් කර ගැනීමට, එම Shortcut එක මත Right-Click කර " Pin to Start " තෝරන්න.





දැන් අපි සාදාගත් Shutdown Shortcut එක Start Screen එකේ තිබෙන සාමාන්‍ය Tile එකක් විදියට එහි දැක ගන්න පුලුවන්.

Post a Comment

 
Top