පරිගණකයෙහි Windows මෙහෙයුම් පද්දතිය දැඩි ලෙස හානි වෙලාද, එහි තිබෙන අත්‍යවශ්‍ය files ලබාගැනීමට නොහැකිද, Administrator Password එක මතක නැද්ද? format හෝ delete කරන ලද files නැවත ලබා ගැනීමට අවශ්‍යද. මේ සියල්ල සඳහා එකම විසඳුම Active Boot Disk.
Active Boot Disk කියල කියන්නේ bootable cd එකක්. මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ windows 7 මෙහෙයුම් පද්දතියට සමාන ආකාරයට. නමුත් මෙම මෘදුකාංගයේ තියෙන්නේ cd එකකට දාන්න පුළුවන් තරම් කුඩා ඉඩ ප්‍රමාණයක්. data recovery, password resetting, data erasure and network access tools. වැනි විශීශාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංගය බෙහෙවින් ප්‍රයෝ ජනවත් එකක්. මොකද මේ සියල්ලම එකම තැනකින් කරගන්න පුළුවන් කම තියෙන නිසා.
මෙම මෘදුකාංගය WinPE 3.0 කියන මෙහෙයුම් පද්දතිය මත තමයි ක්‍රියා කරන්නේ. සම්පූර්ණයෙන්ම වාගේ RAM එක මත තමයි මෙය දාවනය වෙන්නේ. Hard Disk එකක් නොමැති පරිගනකයක වුවද මෙම Software එක ක්‍රියාත්මක කිරීමට පුළුවන්.
මෙම මෘදුකාංගය WinPE 3.0 කියන මෙහෙයුම් පද්දතිය මත තමයි ක්‍රියා කරන්නේ. සම්පූර්ණයෙන්ම වාගේ RAM එක මත තමයි මෙය දාවනය වෙන්නේ. Hard Disk එකක් නොමැති පරිගනකයක වුවද මෙම Software එක ක්‍රියාත්මක කිරීමට පුළුවන්.
මේ පහතින් දිස් වෙන්නේ Active Boot Disk එක සතු tools කිහිපයකි
· Active@ Disk Image
Imaged-based data backup and restoration tool
· Active@ File Recovery
Deleted data recovery software
· Active@ Partition Recovery
Lost partition recovery software
· Active@ Hex Editor
Tool for editing disk in a binary format
· Active@ Password Changer
Windows password resetting tool
· Active@ KillDisk
Secure data erasure and disk wiping software
· PC Disk Partition Manager
Add, edit, delete, format and manage the partitions in your computer
· Active@ CD/DVD Data Burner
CD/DVD burning software
· Network operations utilities
· Map Network Drive
· Remote Desktop Connection
· Web browser
· FTP Client
· Telnet Client
· Network Configuration Utility
මේ පහතින් දිස් වෙන්නේ boot කල පසුව මෙම software එක පෙනෙන ආකාරයයි
බොහෝ දෙනෙක් මම කලින් Recuva කියන මෘදුකාංගය පිළබඳ කරපු පොසට් එකේදී අහපු ප්‍රශ්න කිහිපයක් තමයි මීට වඩා හොඳ Recovery software නැද්ද කියල. දැන් මම කියන්න කැමති මෙම මෘදුකාංගය file recovery කිරීමටද භාවිතා කල හැකි ප්‍රබලම මෘදුකාංගයක් විදියටත් භාවිතා කරන්න පුළුවන් බව .
මෙම software එක use කරලා Administrator password පවා කඩා බිඳ දැමීමට පුළුවන්,
මේ software එකේ තියෙන iso image file එක cd එකකට write කරගෙන සාමාන්‍ය xp, win 7 cd, dvd එකක් වගේ බූට් කිරීමට පුළුවන්. එසේ boot කල පසුව ඔබට ඉහතදී සඳහන් කල ක්‍රියාවන් සියල්ල කිරීමට හැකියාව තිබෙනවා
Post a Comment