0
තවදුරටත් "Screen Savers" අවශ්‍ය නොවෙන්නේ ඇයි!



" Screen Savers" කියන්නේ  යල් පැනගිය තාක්ෂණික ක්‍රමවේදයක්. මොකද " Screen Savers"මගින් තවදුරටත් කිසිවක් "Save" නොකරන බැවින්. එමගින් සිදු කරනු ලබන එකම දෙය නම් විදුලි බලය නිකරුනේ නාස්ති කිරීමයි. අද වෙන විට " Screen Savers" වල කිසිඳු අවශ්‍ය තාවයක් ඇත්තේ නැහැ. 

ඔබ පරිගනකය භාවිතා  නොකරන වේලාවන් වලදී ස්වයන්ක්‍රීයවම "Display"එක Off වෙනවානම්, එය තමයි නුතන ලෝකයට ගැලපෙන "Screen Saver"එක වෙන්නේ.මොකද එමගින් විදුලි බලය "Save"කරන නිසා.එම හේතුව නිසා ඔබේ විදුලි බිලද අඩු වෙනවා.තවත් දෙයක් තමයි ඔබ භාවිතා කරන්නේ Laptop එකක් නම් ඔබේ බැටරි බලයද සැලකිය යුතු ලෙස ඉතිරිකර ගැනීමට පුළුවන් වෙනවා.

 "Screen Savers" හඳුන්වා දීමට හේතු වුනේ කුමක්ද?
  
පරණ "CRT Monitors" වල තිබුනා  දෝෂයක් "burn in" යනුවෙන් හඳුන්වන. ඕනෑම පින්තූරයක් Monitor එකෙන් වැඩි වෙලාවක් දර්ශනය වීම නිසා Screen එක පිළිස්සුන ස්වභාවයකට පත් වෙන. ඔබ විසින් "Monitor" එක ක්‍රියා විරහිත කරත්. ඔබට  එහි තිරයෙන් දැකගන්නට ලැබෙන්නේ (Ghost Image) කිසිවක් පැහැදිලි නැති පිළිස්සුනු ස්වභාවයකින් යුතු පින්තූරයක් පමණයි.


එම හේතුව නිසා පරිගණක  තිරයේ තිබෙන සාමාන්‍යයෙන් වෙනස් නොකරන පින්තූර සඳහා එය සැබෑවටම නරක ප්‍රතිපලයක් ගෙන දෙන දෝෂයක් වෙනවා. උදාහරණයක් විදියට "Windows Task Bar" එක හඳුන්වන්න පුළුවන්. එක දිගටම පරිගනකය ක්‍රියාත්මක කරගෙන සිටීම නිසා එලෙස වෙනස් නොකරන පින්තූර නිසා මොනිටර් තිරය පිළිස්සුනු අපැහැදිලි එකක් බවට පත් වෙනවා.

අන්න එම දෝෂය නිරාකරණය කරගැනීම සඳහා තමයි "Screen Savers" හඳුන්වා දෙනු ලැබුවේ. එය සැබෑවටම බෙහෙවින් උපකාරී වුනා ඒ කාලය තුල පරිගණක භාවිතා කරන්නන්ට.  පරිගනකය භාවිතා නොකරන වේලාවන්හී ස්වයන්ක්‍රීයවම ක්‍ "Screen Savers" ක්‍රියාත්මක වෙනවා. එම "Screen Savers" වල තිබෙන පින්තූර දිගින් දිගටම වෙනස් වෙමින් පවතින නිසා මොනිටර් තිරය පිළිස්සීමට ලක් වීම එයින් වැළකෙනවා. 



CRT vs LCD Displays

අදවෙන විට පරිගණක සඳහා භාවිතා කරන නවීන "Monitors"  සහ රූපවාහිනී "CRT" ගණයට වැටෙන්නේ නැහැ.  ඒවා වල තිබෙන "LCD" තිර ක්‍රියාකරන්නේ "CRT" වලට වඩා වෙනස් විදියකටයි.එම නිසා  "CRT" මොනිටර් වල තිබු පිළිස්සීමේ දෝෂය LCD වල ඇත්තේ නැහැ. එකම පින්තූරයක් දීර්ඝ වෙලාවක් වෙනස් නොකර පැවතුනත් LCD තිරයට කිසිඳු හානියක් වෙන්නේ නැහැ. 

නමුත් තවමත් බොහොමයක් පරිගණකවල මේ වන විටත් පරිගනකය භාවිතා නොකර සිටීමෙන් ස්වයන්ක්‍රීයවම "Screen Savers" ක්‍රියාත්මක වෙන ලෙස සකස් කොට තිබෙනවා. ඇත්තටම එය අනවශ්‍ය දෙයක් කියල දැන් ඔබට තේරෙනවා ඇති කියල හිතනවා. 



Screen Savers vs Power Saving

තවමත් මිත්‍යා මතයක්ව පවතින දෙයක් තමයි "Screen Saver" මගින් බල ශක්තිය ඉතුරු කරනවා කියන එක. නමුත් "Screen Saver" බල ශක්තිය ඉතුරු කරනු ලබන්නේ නැහැ, එයින් සිදු වෙන එකම දෙය තමයි තිරය "On" එකේ තබා ගැනීමට සහ "Animation" ක්‍රියාත්මක කරවීමට තවත් අමතර බල ශක්තිය භාවිතා කිරීම.  "3D Screen Savers" ක්‍රියාත්මක වීමට ඔබේ "Graphics Hardware" භාවිතා කරනු ලබනවා එම නිසා තවත් වැඩි වශයෙන්  ඒ සඳහා බලශක්තිය භාවිතා කරනු ලබනවා. ඔබ පරිගනකය භාවිතා නොකරන විට එය ස්වයන්ක්‍රීයවම ක්‍රියාත්මක වී ඔබේ පරිගනකය "Gaming Mood" එකට දමා විදුලි බලය නිකුරුනේ නාස්ති කරනු ලබනවා. "Screen Savers" මගින් සිදු කරනු ලබන්නේ එයයි. 

"Modern Display" සතුව තිබෙනවා "power-saving" කියන පහසුකම. පරිගනකය භාවිතා නොකරන වෙලාවට විදුලි බලය නිකරුනේ නාස්ති කරන "Screen Saver" එකක් ක්‍රියාත්මක වීමට සකසනවා වෙනුවට ඔබට හැකියාව තිබෙනවා මොනිටර් තිරය ස්වයන්ක්‍රීයවම Off වෙන ආකාරයට සැකසීමට. එයින් ඇත්තටම විදුලි බලය සහ ඔබේ Laptop පරිගනකයේ බැටරි බලය ඉතිරි කරනු ලබනවා. 

Windows මෙහෙයුම් පද්දතිය මගින් මොනිටර් තිරය ස්වයන්ක්‍රීයවම Off වීමට සැලැස්වීමට අවශ්‍ය කරන පහසුකම් සපයා තිබෙනවා. ඒසඳහා පළමුව "Windows Key" ඔබන්න, ඉන්පසුව එහි "Turn off display" යනුවෙන් type කර enter ඔබන්න. Windows 8 වලදී නම් Enter එබීමට ප්‍රථමව "Settings" යන්න ක්ලික් කර යුතු වෙනවා. නැවත පරිගනකයේ තිරය ක්‍රියාත්මක කරගැනීමට නම් කරන්න තිබෙන්නේ ඕනෑම  "Key" එකක් එබීම හෝ "Mouse" එක සෙලවීම පමණයි. 


ඒවගේම තමයි ඔබට අවස්තාව තිබෙනවා පරිගනකය ස්වයන්ක්‍රීයවම Lock කිරීමට "power-saving" mode එකට යන අතරතුර . ඒක හරියට පරිගනකය භාවිතා නොකරන අතරතුර "Screen Saver" එක මගින් පරිගනකය Lock කරනවා වගේ. 


ඔබ මේ වන විටත් "Screen Saver" භාවිතා කරනවානම් එය ඔබේ කැමැත්ත විය හැකියි. නමුත් අප විසින් ඔබව දැනුවත් කරනු ලබනවා එමගින් විදුලි බලය නිකරුනේ නාස්ති වීමක් වෙන බවට. ඒවගේම ඔබට පුළුවන් සම්මුතියකට පැමිණීමට, ටිකවෙලාවක් "Screen Saver" එක ක්‍රියාත්මක වීමට සහ ඉන් පසුව ස්වල්ප මොහොතකින් "Display" එක Off වෙන ලෙස සකස් කිරීමට. උදාහරණයක් මගින් පැහැදිලි කරොත් පරිගනකය  භාවිතා නොවෙන අවස්තාවේදී විනාඩි පහකින් පසුව "Screen Saver" එක ක්‍රියාත්මක වීමට සකස් කොට විනාඩි දහයකින් පසුව මොනිටර් තිරය Off වෙන විදියට සකස් කරගැනීමට පුළුවන්.

ඔබේ දැනුමට මෙම ලිපියෙන් වටිනා යමක් එකතු වුනා කියා ඔබ සිතනවානම් "Comment" එකක් මගින් අපිව දිරීමත් කිරීම සඳහා ඔබේ අදහස් දක්වන ලෙස කරුණාවෙන් යුතුව ඔබ දැනුවත් කර සිටිනවා.

Post a Comment

 
Top