0
අන්තර්ජාලය මගින් ඔබට සිදු විය හැකි අනතුරු පිළිබඳව ඔබ දැනුවත්ද ?



අන්තර්ජාලයට සම්බන්ධ කොට තිබෙන ඔබේ පරිගණකය තුල රහසිගත යුද්දයක් සිදු වෙමින් පවතිනවා. නමුත් එහි ආරම්බය අද වෙන විට පවතින තත්වයට වඩා හාත්පසින් වෙනස් එකක්.අද වන විට අන්තර්ජාලය මගින් පැමිණෙන Virus වලට හැකියාව තිබෙනවා ඔබේ බැංකු ගිණුම වුනත් හිස් කර දැමීමට. ඔබත් අන්තර්ජාලය භාවිතා කරන කෙනෙකුනම් මෙම ලිපිය කියවීම ඔබට අතිශය වැදගත් වෙනවා.

අන්තර්ජාලයෙන් මගින් පැමිණෙන එවැනි Virus පිළිබඳව මුලික හරි දැනුමක් තිබෙන එක ගොඩක් වැදගත් වෙනවා එවැනි Virus මගින් ආරක්ෂා වීමට. තව ආකාරයකට අන්තර්ජාලය භාවිතා කරන ඔබ විසින්  ඔබේ සතුරා නිවැරදිව හඳුනාගෙන සිටීම වඩා වැදගත් වෙනවා.

Worms


සාමාන්‍යයෙන් Virus එකක පැතිරීම සඳහා පුද්ගලයෙකුගේ සහයක් අවශ්‍ය වෙනවා. නමුත් Worm එකකට  ඉතාමත් වේගයෙන් තමා විසින්ම පැතිරීමට හැකියාවක් තිබෙනවා. 2001 වර්ෂයේදී පැය නමයක් ඇතුලත ලොව පුරා තිබෙන පරිගණක 250000 කට ආසන්න ප්‍රමාණයකට පැතිරී යෑමට සමත් වී තිබෙනවා. එයින් ඔබට සිතා ගැනීමට හැකියාව තිබෙනවා එහි පැතිරීයෑමේ වේගය කෙබඳුද කියා. 

Worm එකක් අපිට සමාන කිරීමට හැකියාවක් තිබෙනවා වේගයෙන් ගමන් කරන පණිවිඩ කරුවෙකුට. වේගයෙන් පැමින සිදු කිරීමට හැකි උපරිම හානිය ඔහු විසින් සිදු කරනු ලබනවා. Worm එකකට ඕනෑම දෙයක් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදියට Keylogger එකක් System එකට ඇතුලත් කොට ඔබ Type කරනු ලබන සෑම Password එකක්ම සොරකම් කිරීමට වුනත් පුළුවන්.


Trojans



එහි නමෙන්ම අදහස් කරනු ලබන්නේ එහි නියම ස්වාරුපයෙන් පෙනී නොසිට ව්‍යාජ පෙනුමකින් පැමිණෙන බවයි. ඔබට අවශ්‍ය කරන Application  එකක් හෝ වෙබ් අඩවියක් ලෙස හඟවා එහි සැබෑ අරමුණ වසන් කරනු ලබනවා. දැන් ඔබට තේරුම් ගැනීමට හැකි වෙන්න ඇති Trojan එකක් පැමිණෙන ආකාරය.

 එවැනි  Program එකක්  ඔබ විසින් ක්‍රියාත්මක කරන විට Trojan එක විසින්  සැඟවී සිට ඔහුගේ රහසිගත සැලැස්ම ක්‍රියාත්මක කොට ඔබගේ පරිගණකයට ආසාදනය වීම සහ Data සොරකම් කිරීම වගේ දේවල් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

Trojan විසින් සැබවින්ම Malware වගේ භයානක දේවල් වලට රැකවරණයක් ලබා දෙනු ලබනවා. එමගින් ඔබගේ බැංකු ගිණුම් වල තොරතුරු වගේ අතිශය පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට හැකියාව තිබෙනවා.


  Botnet




Botnet එකක් කියන්නේ  දුරස්තකව පරිගණක පාලනය කරන Network එකක් . සමහර වෙලාවට එය සතුව පරිගණක මිලියන ගණනක් වුනත් තිබීමට හැකියාව තිබෙනවා.

එමගින් සිදු කරනු ලබන්නේ ඔබේ පරිගණකය පිල්ලියක් (Zomby) බවට පත් කරන එකයි. එමගින් Hacker කෙනෙකුට ඉඩ සලසා දෙනවා ඔබගේ අනුදැනුමක් නැතිව වුනත් ඔබේ පරිගණකය පාලනය කිරීමට.

Botnet එකක් මගින් කෘතීම පිල්ලි  හමුදාවක් නිර්මාණය කරනු ලබනවා මහත් විනාශයක් සිදු කිරීමට හැකියාවක් තිබෙන. එවැනි  එක් පරිගණකයක් මගින් විශාල E-Mail ප්‍රමාණයක් යවනු ලබන්නේ නැහැ, නමුත් botnet එකක් සතුව එවැනි පරිගණක මිලියන ගණනක් තිබෙන අවස්තාවක එයට හැකියාව තිබෙනවා විශාල ලෙස Spam කිරීමට. එවැනි මිලියන ගණනක් වූ පරිගණක මගින් Ads ක්ලික් කිරීමට සැලැස්වීම මගින් එම පුද්ගලයාට හැකියාව තිබෙනවා ඩොලර් මිලියන ගණනක් වුනත් එක විනාඩියකට සෙවීමට. දැන් ඔබට තේරෙනවා නේද Botnet එකක  අරමුණ කුමක්ද කියා.


Rootkits




මෙය "Rootkit" ලෙස නම් කොට තිබෙන්නේ එමගින් Hackers ලාට පරිගණකය "Root Access" කිරීමට අවස්තාව ලබා දෙන නිසා. වෙනත් විදියකින් කියනවානම් සම්පූර්ණ පාලනයක් ලබා දීම.

Botnet ආසාදනයකදී සිදු වෙන්නේ Hacker සඳහා පරිගණකයේ සීමිත පාලනයක් ලබාදීමයි. නමුත් Rootkit ආසාදනයකදී Hacker ට අවස්තාව හිමිවෙනවා පරිගණකය සම්පූර්ණවම පාලනය කිරීමට.

මෙහි තිබෙන නරක ප්‍රතිපලය තමයි. එය හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට අපහසු වීම. එමගින් Hacker කෙනෙකුට රිසිසේ ඔබගේ වටිනා තොරතුරු සොරකම් කිරීමට සහ වෙනත් Malware ඔබගේ පරිගණකයට install කිරීමට ඉඩ සලසා දෙනවා . බොහොමයක් දෙනෙක් ප්‍රථම වරට Rootkit පිළිබඳව දැනගනු ලැබුවේ Sony සමාගම විසින් ඔවුන්ගේ CD Copy කිරීම වළක්වාලීමට රහසේම එම CD සමග Rootkit ඇතුලත් කර තිබීම සමගයි.



Scareware and Ransomware 





මෙමගින් සිදු කරන්නේ ඔබේ පරිගණකයේ විශාල  දෝෂයක් ඇති බව 
ඔබට මවා පෙන්වා ඔබව බිය කිරීමයි. මැඩපැවැත්වීමට අපහසු ආකාරයෙන් pop-up message මගින් පරිගණකයේ දෝෂයක් ඇති බව පෙන්වීමට උත්සහ කරනු ලබනවා. ඉන් පසුව ඔබට ඉදිරිපත් කරනු ලබනවා විසඳුමක්. මුදල් ගෙවා මෙම Anti Virus මෘදුකාංගය Download කරගන්නා ලෙස.

Ransomware  තමයි මෙමගින් භායනකම වෙන්නේ. එයට හැකියාව තිබෙනවා ඔබේ පරිගණකයේ තිබෙන Files Encrypt කර ඒවා නැවත භාවිතා කිරීමට නොහැකි වෙන විදියට සකස් කිරීමට. ඉන් පසුව ඔවුන් විසින් නැවත එම Files භාවිතා කිරීමට හැකි වෙන ආකාරයට Decrypt කිරීම සඳහා ඔබගෙන් යම් කිසි මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටිනවා.



Protect Yourself



අන්තර්ජාලයෙන් පැමිණෙන මෙවැනි අහිතකර බලපෑම් පරිගණක වලට පමණක් සීමා වුන ඒවා නෙවෙයි. එම නිසා Anti Virus මෘදුකාංගයක් පරිගණක වලට වගේම ඔබේ Smartphone එකටත් අවශ්‍ය වෙනවා. ඔබේ Smartphone එක , Tablet, Gaming System වගේ දේවල් වලටත් මෙයින් බලපෑමක් එල්ල වෙනවා. එම හේතුව නිසා අන්තර්ජාලයට සම්බන්ධ කොට තිබෙන සෑම  උපකරනයකටම අවදානමක් තිබෙනවා.

එයට විසඳුම තමයි, පළමුව එවැනි අවදානම් තත්වයන් පිළිබඳව දැනුමෙන් සන්නද්ධ වී සිටීම. ඒ වගේම වඩාත් විශ්වාසය තිබිය හැකි Security Software එකක් භාවිතා කිරීම මගින් මෙවැනි අවදානම් තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.  



Post a Comment

 
Top