0
කිසිඳු මෘදුකාංගයක් භාවිත නොකර ඔබේ Windows 8 Laptop පරිගනකය "WiFi  Hotspot" එකක් බවට පත් කරගමු.



බොහොමයක් ආයතන මගින් ඔබට යන යන තැන ගෙනියන්නට හැකියාව තිබෙන "Portable 3G Routers" නිෂ්පාදනය කරනවා.නමුත් ඒවා තරමක් මිලෙන් අධික වෙනවා.  ඔබ සතුව WiFi පහසුකම තිබෙන Windows 8 Laptop එකක් තිබෙනවානම්  කිසිඳු  මෘදුකාංගයක් ස්ථාපිත නොකර නොමිලේම ඔබේ  Windows 8 Laptop එක "WiFi Hotspot" එකක් කරගැනීමට හැකියාව තිබෙනවා කියා ඔබ දන්නවාද? 


ඔබේම "WiFi Hotspot" එකක් හදා ගන්නා ආකාරය 
 
Windows + R  යන බටන් දෙක  එක වර ඔබන්න. දැන් එම Box එකේ " ncpa.cpl" යනුවෙන් Type කර enter ඔබන්න.




දැන් Open වී තිබෙන " Network Connections " වලින් "Wireless Network Adapter" එක තෝරා ඒ  මත right-click කර එහි "Properties" යන්න තෝරන්න.




දැන් "Sharing Tab" එකට පිවිසෙන්න. ඉන්  පසුව මෙම පහත  පින්තූරයේ තිබෙන "Option" එකට පමණක් හරි ලකුණ දමා "OK" බටන් එක ක්ලික් කරන්න.


මීළඟට ඔබේ Screen එකේ පහලම වම් කෙලවරේ right-click කර, "Administrative Command Prompt" කියන එක තෝරන්න.



මීළඟට "Wireless Network" එක හදාගැනීම සඳහා මෙම පහත තිබෙන "Command Line" එක අපිට භාවිතා කිරීමට සිදු වෙනවා. එහිදී  ඔබට අවශ්‍ය කරන නමක් "Network" එක සඳහා  යොදා ගැනීමට පුළුවන් "Apps Lanka" කියන තැනට ඔබ කැමති නමක් ඇතුලත් කොට. ඒවගේම "Password" කියන තැනට ඔබ කැමති Password එකක් ඇතුලත් කරන්නත් පුළුවන්. මතක තබා ගන්න ඔබ විසින් ඇතුලත් කරනු ලබන "Password" එක සඳහා අවම වශයෙන් "Characters" 8ක්වත් තිබිය යුතු වෙනවා 


netsh wlan set hostednetwork mode=allow ssid=”Appslanka” key=”Pa$$w0rd”


මෙහි "Encryption Method" එක වෙන්නේ " WPA2-PSK (AES). එමනිසා ආරක්ෂාවද යහපත් මට්ටමක පවතිනවා. 

ඉහත Code එක "Command Prompt" එකට ඇතුලත් කොට enter ඔබන්න.




දැන් සියල්ල ලැහැස්තියි අපේ Network එක Broadcast කිරීම සඳහා. ඒය කරගැනීමට මෙම පහත තිබෙන code එක නැවත enter කරන්න.

netsh wlan start hostednetwork




මේ පහතින් ලබා දෙන "Code" එක මගින් ඔබට හැකියාව තිබෙනවා දැන ගැනීමට ඔබේ Network එකට සම්බන්ධ අය පිලිබඳ විස්තර.

                                  netsh wlan show hostednetwork





Windows 7 සඳහා "WiFi Hotspot" එකක් හදා ගන්න විදිය මින් පෙරලිපියකින් අපි ඔබව දැනුවත් කරා.එය කියවීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න 



දැන් ඔබට පුලවන් වෙනවා ඔබේ Smartphone එක , Tab එක වගේ උපකරණ වලින් මෙම Network එකට සම්බන්ධ වී අන්තර්ජාලයට පිවිසීමට.

Post a Comment

 
Top