0
laptop බැටරියේ ආයුකාලය නිවැරදිව ඇස්තමේන්තු කරගැනීම සඳහා එය ක්‍රමාංකනය (Calibrate) කරගමු 




ඔබේ laptop පරිගනකයේ බැටරියට  ඔබ හොඳින් සැලකුවත් කාලයත් සමග එහි ධාරිතාව අඩුවෙනවා.  එහි තිබෙන "power meter" එක මගින් ඇස්තමේන්තු කරනු ලබනවා ඔබ කොපමණ ධාරිතාවක් භාවිතා කරාද? තව කොපමණ ධාරිතවක් භාවිතා කිරීමට තිබෙනවාද යන්න පිළිබඳව. නමුත් සමහර වෙලාවට එම ගණනය කිරීම් වැරදි වෙන්න පුළුවන්.


බැටරිය ක්‍රමාංකනය (Calibrate) කිරීම අවශ්‍ය වෙන්නේ ඇයි

ඔබ වඩාත් නිවැරදි ආකාරයට ඔබේ laptop පරිගනකයේ බැටරිය රැක බලා ගන්නවානම්. ඔබ විසින් එයට  ඉඩදිය යුතු වෙනවා යම් ප්‍රමාණයක් හෝ එහි බැටරි බලය ඉක්ම ගිය පසුව නැවත Charge කිරීම සඳහා. නමුත් ඔබ ඉඩදිය යුතු නැහැ එහි සම්පූර්ණ බැටරි බලය ඉක්මවා යෑමට හෝ ඉතාමත් අඩු මට්ටමකට බැටරි බලය පැමිණීමට ඉඩදීමට  ඔබ පරිගනකය භාවිතා කරන විට. බැටරියේ ආයු කාලය වැඩි කරගැනීම සඳහා ඔබ කල යුතු වෙන්නේ සාමාන්‍ය මට්ටමකින් බැටරි බලය පිරිහී ගිය පසුව නැවත එය Charge කිරීමයි.

කොහොම නමුත්. මෙවැනි ආකාරයේ හැසිරීමක් නිසා laptop පරිගනකයේ බැටරි මීටර් එක අවුල් සහගත තත්වයකට පත් වීමට පුලුවන්, ඔබ කෙසේ ඔබේ laptop පරිගනකයේ බැටරිය රැක  බලා ගත්තත් . එහි ධාරිතාව කෙමින් අඩු වෙමින් පවතිනවා නොවැලක්විය හැකි සාධකයන් නිසා.ඒවානම්  Usage, Heat, Age වගේ දේවල්. බැටරිය විසින් ඉඩ  දෙනු ලබන්නේ නැතිනම් එහි බැටරි බලය 100% සිට 0% දක්වා භාවිතා කිරීමට. බැටරියේ power මීටර් එක දන්නේ නැහැ තව කොපමන ප්‍රමාණයක් "Battery Juice" ප්‍රමාණයක් එහි තිබෙනවාද යන්න පිළිබඳව. 




කොපමණ කාලයකට වරක් ඔබ විසින් බැටරිය ක්‍රමාංකනය (Calibrate) කල යුතුද?

laptop පරිගනකය නිෂ්පාදනය කළ නිෂ්පාදකයන් විසින් නිර්දේශ කරනු ලබනවා මාස දෙකකට තුනකට හෝ සැරයක්වත් බැටරිය ක්‍රමාංකනය කලයුතු බව. එය උපකාරී වෙනවා නිවැරදිව බැටරිය කියවීමට. 

නමුත් යතාර්ථය නම්. ඔබ විසින් Calibrate කල යුතු වෙන්නේ නැහැ ඔබේ බැටරිය වැරදි ලෙස කියවීම කරන තාක් කල්. කොහොම නමුත් ඔබ සාමාන්‍යයෙන් ඔබේ laptop පරිගනකයේ බැටරිය ක්‍රමාංකනය (Calibrate) කරනු ලබන්නේ නැතිනම්. ටික කාලයක් පරිගනකය භාවිත කිරීමේදී ඔබට දැකගන්නට ලැබේවි බැටරියේ බලය වේගයෙන් පිරිහෙන බව  සහ බැටරිය පිළිබඳ පෙන්වන තොරතුරු තරමක් අවුල් සහගත බව  . එය සිදු වෙන විට, එය තමයි වඩාත් සුදුසුම කාලය බැටරිය ක්‍රමාංකනය (Calibrate) කරගැනීම සඳහා.

බැටරිය ක්‍රමාංකනය (Calibrate) කිරීම සඳහා මුලික උපදෙස්


සමහර laptop නිෂ්පාදකයන් විසින් ඇතුලත් කරනු ලබනවා මෘදුකාංග බැටරිය ක්‍රමාංකනය කිරීම සඳහා ඔබට උදව් වෙන. එවැනි මෘදුකාංග මගින් තහවුරු කරගනු ලබනවා පරිගණකයේ බැටරිය සම්පූර්ණයෙන්ම පිරී තිබෙනවාද යන්න පිළිබඳව, "Power Management Settings" Disable කර තිබෙනවාද යන කරුණු පිළිබඳව. ඒවගේම එයින් ඉඩ හරිනවා බැටරිය සම්පූර්ණයෙන්ම හිස් වීමට, එයින් බැටරියේ ඇතුලත තිබෙන විද්‍යුත් පරිපත වලට අදහසක් ගැනීමට පුළුවන් වෙනවා කොපමණ ප්‍රමාණයක් දක්වා බැටරිය භාවිතා කිරීමට පුලුවන්ද යන කරුණ පිළිබඳව. ඔබේ laptop පරිගනකය නිෂ්පාදනය කරන ලද ආයතනයේ නිල වෙබ් අඩවියෙන් එවැනි මෘදුකාංගයක් ලබා ගැනීමට තිබෙනවාද යන්න පිළිබඳව තොරතුරු සොයා බලන්න.


පළමුවෙන් ඔබ පරික්ෂා කර බැලිය යුතු වෙනවා laptop පරිගනකයේ මැනුවල් එක හෝ Help Files. මොකද එක් එක් නිෂ්පාදකයන් විසින් නිර්දේශ කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලියක් නිසා. ඒවගේම තමයි බැටරිය නිවැරදිව ක්‍රමාංකනය වී තිබෙනවාද කියා තහවුරු කරගැනීමට භාවිතා කරන tool ද එකිනෙකට වෙනස් වෙනවා. තවදෙයක් තමයි සමහර laptop නිෂ්පාදකයන් බැටරිය ක්‍රමාංකනය කිරීමට විරුද්ධත්වය පල කරනවා. Apple සමාගම පවසන්නේ ඔවුන්ගේ අලුත් laptop පරිගණක වල බැටරි සඳහා මෙම ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය වෙන්නේ නැහැ කියා. නමුත් ඔවුන්ගේ පරණ අනෙකුත් laptop පරිගණක සඳහානම් එය අවශ්‍ය වෙනවා.





බැටරිය ක්‍රමාංකනය (Calibrate) කරගන්නා ආකාරය 


හොඳම විදිය තමයි ඔබේ laptop පරිගණකයටම පැමිණෙන ක්‍රමාංකනය කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක උපදෙස් මත එය කරගැනීම. නමුත් ඔබට හැකියාව තිබෙනවා එවැනි විශේෂිත මෘදුකාංගයක් භාවිතා නොකර බැටරිය ක්‍රමාංකනය කරගැනීමට. 


  • laptop පරිගනකයේ බැටරිය 100% දක්වා Charge කරගන්න.

  • ඉන්පසුව බැටරියට පැය දෙකක් වගේ කාලයක් Rest කරන්න දෙන්න, දිගටම ආරෝපණය වීමට ඉඩහරින්න. එය ආරෝපණය වෙන අතරතුර ඔබට සාමාන්‍ය ආකාරයට පරිගනකය භාවිතා කිරීමටද අවශ්‍යනම් පුළුවන්. 

  • දැන් පරිගනකයේ "Power Management Settings" වලට ගොස් බැටරි ප්‍රමාණය 5% වගේ තිබියදී ස්වයන්ක්‍රීයවම Sleep වීමට හෝ Hibernate වීමට සකසන්න. 


  • බැටරිය ආරෝපණ වීම වැලක්වීමට power plug එක ඇද දමන්න. ඉන්පසුව ස්වයන්ක්‍රීයවම Sleep හෝ Hibernate වීමට ඉඩ හරින්න.ඔබ ඉහතදී සකස් කරගත් ආකාරයට බැටරිය බලය 5% දක්වා අඩුවූ විට එය ස්වයන්ක්‍රීයවම  Sleep හෝ Hibernate වෙනවා.

සැ.යු - ඔබට අවශ්‍ය නම් බැටරිය ක්‍රමාංකනය කරගන්න ඔබ laptop පරිගනකය භාවිතා නොකරන විට. ඕබ විසින් සහතික කරගත යුතු වෙනවා ඔබේ පරිගනකය ස්වයන්ක්‍රීයවම Sleep ,Hibernate හෝ Display එක off වෙන විදියට සකස් කර නොමැති බවට. ඔබේ පරිගනකය ස්වයන්ක්‍රීයවම Power-saving mode එකකට ඇතුල් වෙනවානම් ඔබ පරිගනකය භාවිතා නොකරන විට. එමගින් බැටරියේ බලය Save කරනු ලබනවා මිසක් නිවැරදිව Discharge වීමක් සිදු වෙන්නේ නැහැ. 





  • පරිගනකයට ඉඩ හරින්න පැය  5ක් පමණ හෝ ඊට වඩා කාලයක් ගොස් ස්වයන්ක්‍රීයවම Shutdown වීමට. 

  • නැවත 100% දක්වා බැටරිය නැවත Charge කරගන්න. ඒ අතර සාමාන්‍ය විදියට පරිගනකය භාවිතා කරන්නත් පුළුවන්.

  • තහවුරු කරගන්න "Power Management Settings" සාමාන්‍ය අගයන් වලට සකස් කර ඇති බවට. උදාහරනයක් විදියට ඔබට සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන් ඔබ පරිගණය භාවිතා නොකරන විට display එකේ off වී ඉන් අනතුරුව Sleep වීමට. එයින් බැටරි බලය ඉතුරු කරගැනීමට පුළුවන් වෙනවා. 



දැන් ඔබේ පරිගනකය නිවැරදි ආකාරයට බැටරිය පිළිබඳව සියලු තොරතුරු සැපයිය යුතු වෙනවා. මොකද ඔබ එය ක්‍රමාංකනය (Calibrate) කරගෙන තිබෙන නිසා 

Post a Comment

 
Top