0
මොකක්ද මේ NFC කියන්නේ, එය භාවිත කල හැක්කේ කුමක් සඳහාද?






NFC (Near Field Communication) කියන තාක්ෂනය බොහොමයක් Devices සඳහා ඇතුලත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම Smartphone සඳහා. නමුත් සමහර Laptop සඳහාත් එය ඇතුලත් කොට තිබෙනවා. NFC කියන තාක්ෂනය අද වන විට වේගයෙන් පැතිරී යන තාක්ෂණයක් බවට පත් වී තිබෙනවා. එම තාක්ෂනය ගෙවීම් (Payments), ආරක්ෂක කේත (Security keys), සහ Boarding passes වගේ දේවල් අද වන විට භාවිතා වෙනවා.

අද වන විට සියලුම දේවල් කරගැනීම සඳහා අවශ්‍ය වෙන Hardware කොටස් අලුත් ජංගම දුරකථන වලට ඇතුලත් කොට තිබෙනවා. බොහොමයක් ජංගම දුරකථන වල දැනටමත් මෙම NFC කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා. නමුත් එම තාක්ෂණයේ තිබෙන හැකියාව පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. 


NFC යනු කුමක්ද ?


NFC කියන්නේ (Near Field Communication) කියන එක. එයින් ඔබට අදහසක් ගන්න පුළුවන් NFC කියන්නේ ළඟ ළඟ සන්නිවේදනය සඳහා භාවිතා කරන්න පුළුවන් තාක්ෂණයක් කියන එක. NFC සහිත Devices දෙකක් ඉතාමත් ආසන්නයේ තිබෙන විට එකිනෙක හා සම්බන්ධ වෙන්නේ Radio Signal හරහා. NFC වල ක්‍රියා කාරීත්වය RFID වලට සමාන කරන්න පුළුවන්. නමුත් NFC වල සන්නිවේදන සීමාව RFID සමග සසඳන විට ඉතාමත් අඩුයි. NFC වල Range එක අඟල් 4ක් වගේ තමයි තිබෙන්නේ. එම හේතුව නිසා එම අතරට සම්බන්ද වී තොරතුරු තවත් කෙනෙකුට ලබා ගැනීමට කසිසේත් නොහැකි වෙනවා.


NFC Hardware ඇතුලත් උපකරණ මගින් NFC -Equipped උපකරණ සමග සම්බන්ධ තාවයක් ගොඩනැගීමට පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට NFC Tag හඳුන්වන්න පුළුවන්. NFC Tags වලට බලය සැපයීම සඳහා එහි කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. එම NFC Tag වල තිබෙන Chip සඳහා බලය ඇදගනු ලබන්නේ ලඟම  තිබෙන NFC සහිත Smartphone එකකින් හෝ එවැනි උපකරණයකින්. එම NFC Tag සඳහා බැටරි බලයක් හෝ බලය සපයන ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම  QR Codes වෙනුවට භාවිතා කරන්න පුළුවන්  හොඳම මාද්‍යයක් විදියට NFC Tag හඳුන්වන්න පුළුවන්.


NFC මගින් සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා  අවශ්‍ය කරන්නේ NFC සහිත උපකරණ දෙකක් එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි. උදාහරණයක් විදියට ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් NFC පහසුකම සහිත Smartphone දෙකක්. එම දෙක අතර සම්බන්ධතාවය ගොඩනැගීමට ඔබ විසින් කලයුතු වෙන්නේ එම Phone දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි. ඒවගේම NFC Tag එකක් සමග සම්බන්ධ තාවයක් ගොඩනැගීමට කල යුත්තේ එම අදාළ NFC සහිත උපකරණය මගින් NFC Tag එක ස්පර්ශ කිරීම පමණයි.



Nexus 4, Galaxy Nexus, Nexus s, Galaxy S 3, HTC One X වගේ Android Devices ඇතුලත්ව බොහොමයක් උපකරණ සඳහා මේ වන විට NFC කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා. NFC Support කරන එකම Platform එක Android පමණක් නෙවි. WIndows OS එක තිබෙන Nokia lumia, Blackberry, HTC Windows 8x Phone වලත් NFC ඇතුලත් කොට තිබෙනවා. නමුත් Apple phone සඳහා නම් NFC තවමත් ඇතුලත් කොට නැහැ. 


Mobile Payments


NFC මගින් ගෙවීම් කරනු ලබන ක්‍රමය tap-to-pay contact-less කියන පහසුකම තිබෙන Mastercard හෝ Credit Card වලින් ගෙවීම් කරනු ලබන ක්‍රමයට සමාන කරන්න පුළුවන්. NFC පහසුකම තිබෙන Smarphone එකක් මගින් Payment Terminal එක ස්පර්ශ කිරීම මගින් හෝ ඒ අසලින් ඇල්ලීමෙන් යමක් සඳහා ගෙවීමක් කරන්න පුළුවන්.


San Francisco වල මේවන විටත් NFC Parking Meter එකක් තිබෙනවා. එමගින් එහි වෙසෙන ජනතාවට අවස්තාව තිබෙනව NFC පහසුකම් තිබෙන තමන්ගේ Smartphone එකෙන් එම Meter එක ස්පර්ශ කිරීමෙන් ඔවුන් ලබා ගත් සේවාවට මුදල් ගෙවීමට.



රැහැන් රහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීම (Wirelessly Transferring Data )




NFC පහසුකම  සහිත Smartphone දෙකක් මගින් රැහැන් රහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව තිබෙනවා. Android දුරකථන වල තිබෙනවා Android Beam කියල Option එකක්. එමගින් හැකියාව තිබෙනවා Smartphone දෙකක් අතර ක්ෂන්කිව  web page, contact, photo, Video, සහ අනෙකුත් තොරතුරු පහසුවෙන් Share කරගැනීමට. phone දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කොට එක Phone එකක තිබෙන දෙයක් අනෙක් Phone එකට යැවීමට පුළුවන්. සාමාන්‍යයෙන් අපි Blutooth මගින් File share කරනවා විට phone දෙක pair කරගත යුතු වෙනවා. එය තරමක සංකීර්ණ භාවයකින් යුක්තයි. නමුත් මෙම ක්‍රමය අතිශයින් පහසුයි. Pairing process එක සඳහා කරන්න තිබෙන්නේ phone දෙක එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.


එහා සමාන Share කරගැනීමේ ක්‍රම Blackberry, Windows phone වලත් තිබෙනවා.


NFC Tags 

ඕනෑම කෙනෙකුට අඩු මුදලකට NFC Tag එකක් මිලදී ගැනීමට පුළුවන්. ඉන්පසුව ඔබට සාදාගැනීමට පුළුවන් එහි ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද යන්න පිළිබඳව. ( ඔබේ Smartphone එකින් එම Tag එක ස්පර්ශ කල විට ). 


උදාහරයක් මගින් එය පැහැදිලි කරනවානම්. අපි කියමු ඔබට අවශ්‍ය වෙනවා කියල ඔබේ දුරකථනය ඔබ නින්දට යන විට Silent කල යුතුයි කියල. එය ඔබට ඔබ විසින්ම වුනත් කරගැනීමට පුළුවන්. ඔබට පුළුවන් ඔබේ ඇඳ ළඟ කුමන හෝ තැනක එම NFC Tag එක එල්ලා තබන්න. දැන් ඔබට නින්දට යන විට ඔබට කරන්න තිබෙන්නේ ඔබේ phone එකෙන් එම Tag එක ස්පර්ශ කිරීම පමණයි. එවිට ස්වයංක්‍රීයවම ඔබේ Phone එකේ Silent Mood එක Enable වෙනවා. ඒ සඳහා ඔබ කලින් එම Tag එකේ ක්රියාකාරීත්වය සැකසිය යුතු වෙන බව මතක තබා ගන්න.


තවත් කල හැකි දේවල් 


1. ක්‍ෂණිකව තොරතුරු Download කරගැනීම - බොහොමයක් Business, Advertisements, සහ නොයෙක් Products සතුව තිබෙනවා QR Codes. ඒවා Smartphone එකක Camera එකකින් Scan කල යුතු වෙනවා. නමුත් NFC මගින් සෑදීමට හැකියාව තිබෙනවා වඩා බලවත් QR Codes. එම තොරතුරු පරිහරණය කිරීම සඳහා NFC සහිත Smartphone එකකින් එම QR Codes සහිත NFC Chip එක ස්පර්ශ කිරීමෙන් එම තොරතුරු පරිහරණය කිරීමට හැකියාව තිබෙනවා.


2. Transit and Boarding Passes - NFC සහිත Smartphone භාවිතා කිරීමට හැකියාව තිබෙනවා Airport වල තිබෙන Transit System වලට සහ Boarding Passes වෙනුවට.


3. Security Passes -  මෝටර් රථ නිපදවන ආයතන විසින් NFC - Equipped Car Keys නිර්මාණය කර තිබෙනවා.




 මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා.

Post a Comment

 
Top