0
 Virus Guard එක නිවැරදිව වැඩ කරනවාද කියා තහවුරු කරගන්න.




ඔබේ පරිගණකයේ දැනට පවතින Virus Guard එක නිවැරදිව වැඩ කරනවාද කියල තහවුරු කරගන්න පුළුවන් වෙන Trick එකක් තමයි අද අරගෙන අවේ. එමගින් ඔබට දැනගන්න පුළුවන් ඔබේ Virus Guard එකේ ක්‍රියාකාරීත්වය. 

 අපි ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ Notepad එක ආදාරයෙන් හදා ගනු ලබන Fake Virus එකක්. ඒක  ඇත්තටම කිසිඳු හානියක් නොමැති  Virus එකක්. එමගින් කිසිඳු හානියක් ඔබේ පරිගණකයට සිදු වෙන්නේ නැහැ. ඒ ගැන අනියත බියක් ඇති කරගන්න එපා.

පියවර 1

පළමුව Notepad එක open කරගන්න.





පියවර 2

දැන් මෙම පහත තිබෙන code එක notepad එකට copy කරගන්න.


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


 ඉහත තිබෙන code එක copy කිරීමට නොහැකි නම් එය Download කරගැනීමට මෙම පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න  


පියවර 3

දැන් එම Notepad file එක "eicar.com" ලෙස Save කරන්න. 


 ඔබේ Anti Virus මෘදුකාංගය නිසිලෙස ක්‍රියාත්මක වෙනවානම් ඔබ එම File එක Save කරනවත් සමගම. ක්ෂණිකව ඔබ දැනුවත් කරනවා එය Virus එකක් බව. නොමැතිනම් ස්වයන්ක්‍රීයවම එය මකා දමනවා. එයින් ඔබට දැනගන්නට පුලුවන් Virus Guard එක නිරතුරුවම Virus පිළිබඳව අවදානයෙන් සිටිනවාද? නැද්ද ? කියා තහවූරු කරගැනීමට.


Post a Comment

 
Top