0
කිසිඳු මෘදුකාංගයක් භාවිතා නොකර ඕනෑම Folder එකකට password එකක් දාගමු  




මෙම ක්‍රමය මගින් Windows මෙහෙයුම් පද්දතිය භාවිතා කරන ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා තමන් කැමති ඕනෑම Folder එකක් Password එකක් මගින් ආරක්ෂා කරගැනීමට. සියලුම Windows මෙහෙයුම් පද්දති සමග මෙය අතිශය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. 


පියවර

පළමුව Notepad  එක Open කරගන්න 



පියවර


දැන් ඔබ විසින් Open කරගත් Notepad එකට මෙම පහත තිබෙන code එක copy කර paste කරන්න 


cls
@ECHO OFF
title apps-lanka.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== appslanka goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End


මේ Code එක copy කරගන්න බැරි නම්. මෙතනින් එම code එක download කරගන්න.



පියවර

මීළඟට එම Notepad file එක "lock.bat" ලෙස save කරන්න .bat ලෙස තිබීම අනිවාර්ය වෙනවා.





පියවර

ඔබ විසින් එලෙස සාදාගත් "lock.bat" file එක මත double click කරන්න. එවිට ඔබට දැකගන්න පුළුවන් අලුතෙන් Folder එකක් නිර්මාණය වී තිබෙන අයුරු MyFolder යනුවෙන්.


පියවර

දැන් ඔබට කරන්න තිබෙන්නේ ඔබ password එකක් මගින් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන files MyFolder කියන folder එකට copy කරගැනීමයි.


පියවර


මීළඟට නැවත lock.bat කියන එක මත double click කරන්න. එවිට ඔබට දැකගන්න පුළුවන් command prompt එකක් open වෙලා තියෙනවා. ඉන් පසුව එහි "Y" ලෙස Type කර Enter ඔබන්න.




පියවර 7


ඔබ Enter ඔබනවාත් සමගම MyFolder කියන Folder එක සැඟවී යනවා. නැවත ඔබට එම folder එක ලබා ගැනීමට lock.bat මත double click කරන්න.



පියවර 8


දැන් එම folder එක unlock කිරීමටනම් ඔබ විසින් නිවැරදි password එක ඇතුලත් කල යුතු වෙනවා. මෙහිදී default password එක වෙන්නේ "appslanka" කියන එක. එම password එක command prompt එකේ type කර enter ඔබනවාත් සමගම නැවත එම folder එක ඔබට දැක ගැනීමට පුළුවන් වෙනවා.




ඔබට කැමති password එකක් ඇතුලත් කරගැනීමට හැකියාව තිබෙනවා. අප විසින් ඉහතදී ලබා දුන් code එකේ "appslanka" යනුවෙන් තිබෙන එම තැනට ඔබ කැමති password එකක් ඇතුලත් කරන්න.

Post a Comment

 
Top