0
USB Pen Drive එකක් RAM එකක් විදියට භාවිතා කරමු!


කිසිඳු අමතර මුදලක් වියදම් නොකර ඔබේ පරිගණකයේ RAM මතකය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි මෙම ලිපියෙන් ඔබව දැනුවත්  කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම ක්‍රමය මගින් පරිගණකයේ වේගය වැඩි වෙන බවට සහතිකවම කියන්න පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ Pen Drive එකක් හෝ Flash Drive එකක් පමණයි. එම Pen Drive එක RAM එකක් විදියට භාවිත කරන්න පුළුවන්. හැබැයි Pen Drive එක 1GB වලට වඩා වැඩි වෙනවානම් තමයි වඩාත් උචිත වෙන්නේ.

මෙම ක්‍රමය Windows 7 සඳහා තමයි වලංගු වෙන්නේ. "ReadyBoost" කියන Option එක Windows XP වල නොමැති නිසා. Windows XP සඳහාත් මෙය කරගැනීමට පුළුවන්. නමුත් මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ Windows 7 සඳහා මෙය කරගන්නා ආකාරය පිළිබඳවයි.


පියවර 1 

Pen Drive එක පරිගණකයට සම්බන්ධ කර Format කරගන්න.


පියවර 2 

Pen Drive එක මත Right-Click කර "properties" තෝරන්න.



පියවර 3 

දැන් "ReadyBoost" ටැබ් එක මත ක්ලික් කරන්න. ඉන් පසුව "Use This Device" තෝරන්න.




පියවර 4 


මීළඟට ලබා ගන්න පුළුවන් උපරිම ඉඩ ප්‍රමාණය එයින් ලබා ගන්න. ඉන්පසුව Apply කර OK කරන්න.



දැන් ඔබට ඔබේ Pen Drive එක Virtual RAM එකක් විදියට භාවිතා කරන්න පුලුවන් වෙනවා. ඒ සමගම ඔබේ පරිගණකයේ වේගයේ සැබෑ වෙනසක්ද ඇති වී තිබෙනවා දැක ගන්න පුළුවන්.

Post a Comment

 
Top