ඔබේ Smartphone camera එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි කාර්යයන් 6ක්.
ඔබේ Smartphone camera එක භාවිතා කරමින් පින්තූර ගැනීමට වගේම Chat කිරීමටත් පුළුවන්. නමුත් ඔබේ Smartphone camera එකෙන් ඊට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද? සැබෑවටම එය බලවත් උපකරණයක් විදියට භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. එවැනි දේවල් කරගැනීම සඳහා විශේෂයෙන්ම නිපදවපු Apps තිබෙනවා ඒවා මගින් ඔබේ Smartphone එකේ Camera එකට සුවිශේෂී වටිනාකමක් එකතු කරනව.
යම්කිසි භාණ්ඩයක් පිළිබඳව විශේෂයෙන් සොයා බලා එය අන්තර්ජාලයෙන් මිලදී ගැනීම.
යම්කිසි දෙයක් මිලදී ගැනීමට පෙර එය පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම ඉතාමත් නුවනට හුරු දෙයක්. ඒවගේම අන්තර්ජාලයෙන් මිලදී ගැනීම ඉතාමත් ලාබදායී වෙනවා. ඔබ යම්කිසි වෙළඳ පොළකට ගිය විට ඔබට හැකියාව තිබෙනවා ඔබේ Smartphone එකේ තිබෙන App එකක් මගින් යම් කිසි භාණ්ඩයක තිබෙන "Bar-code" එක Scan කර ක්ෂණිකව ඒ පිළිබඳව සොයා බැලීමට.
හැමෝම දන්නවනේ Amazon කියන්නේ Online Shopping කරන්න පුළුවන් වෙබ් අඩවියක් කියල. ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා App එකක් ඕනෑම භාණ්ඩයක Barcode එක Scan කර එහි මිල පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙන. ඔබේ Smartphone එකටද එම App එක Install කර එම සේවාව අත්විඳීමට දැන් ඔබට හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඉහත සඳහන් කර පරිදි අන්තර්ජාලයෙන් මිලදී ගැනීමේදී ඔබට එම භාන්ඩයම වඩාත් අඩු මිලකට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
විදේශ භාශාවන්හී අක්ෂර පරිවර්තනය කිරීම.
ඔබ විදේශ ගත වී සිටින මොහොතක ඔබට අවශ්‍ය වුනොත් මුද්‍රණය කර තිබෙන අක්ෂර ඔබට තේරුම් ගැනීමට හැකියාව තිබෙන ඉංග්‍රීසි භාෂාව වගේ භාෂාවකට පරිවර්තනය කිරීමට ඔබ කුමක්ද කරන්නේ. සමහර විට ඔබ එම අක්ෂර ඔබේ Smartphone එකේ හෝ Laptop එකේ Type කර ඉන්පසුව Google Translate සේවව භාවිතා කොට එය පරිවර්තනය කිරීමට පුළුවන්.
ඔබට වඩාත් පහසවෙන් Google Translate මගින් භාෂා පරිවර්තනය කිරීමට ඔබේ Smartphone Camera එක භාවිතා කිරීමට පුළුවන්. එම අදාළ අක්ෂර වල පින්තූරයක් ලබාගෙන එය පරිවර්තනය සඳහා Google Translate වලට භාර දීමට පුළුවන්. එය සතුව විශේෂ හැකියාවක් තිබෙන පින්තූරයේ තිබෙන අක්ෂර වෙනකොට හඳුනා ගැනීමට. අපි එම තාක්ෂණය (OCR) ලෙස හඳුන්වනවා.ඔබට එය භාවිතා කොට ඔබ නොදන්නා අක්ෂර type කරනවාට වඩා පහසුවෙන් හා වේගෙන් ප්‍රතිපල ලබා ගැනීමට පුළුවන්.
Download Google Translator
Scan and OCR Documents
ඔබට පුළුවන් ඔබේ Smartphone එකේ Camera එක Scanner එකක් විදියට භාවිතා කිරීමට. ඔබ ඒ සඳහා නිවැරදිම App එක භාවිතා කරනවානම් ඔබට පින්තූර ගැනීමටම අවශ්‍ය වෙන්නේ නැහැ. එමගින් OCR තාක්ෂනය භාවිතා කොට එහි තිබෙන අක්ෂර හඳුනා ගෙන ඒවා PDF Document එකක් විදියට සකසනු ලබනවා. නමුත් ඔබ සාමාන්‍ය Scanner එකින් ලබා ගන්නවා වගේ එක සමාන Image Quality එකක් නම් ලැබෙන එකක් නැහැ. ඒ උනත් මේ ක්‍රමය Documents Scan කිරීම සඳහා ඉතාමත් වේගවත් ක්‍රමයක් වෙනවා.
Scan QR Codes
Smartphone එකේ Camera එක QR Code Scanner එකක් විදියට ඔබට භාවිතා කිරීමට පුළුවන්. QR Codes මගින් සිදු වෙන්නේ විශේෂිත වූ ක්‍රමයකට විස්තර ඇතුලත් කර තිබීමයි. සමහර වෙළඳ දැන්වීම්, ව්‍යාපාරික ආයතන වල මෙවැනි Codes දැක ගන්න පුළුවන්. එය Scan කල පසුව එහි අඩංගු දේවල් නැරඹීමට පුළුවන් වෙනවා.උදා හරණයක් විදියට ඔබ විසින් එම code එක Scan කල ක්ෂණිකව web අඩවියකට ඔබව ගෙන යාමට එයට හැකියාව තිබෙනවා. මේ වන විට එය පුළුල්ව පැතිරී යමින් තිබෙනවා. ඔබේ Smartphone එක මගින් එය පහසුවෙන්ම QR Code Scan කරගැනීමට පුළුවන්.
Visual Search
බොහොමයක් Search Apps අවස්තාව හිමි කර දෙනවා ඔබේ Smartphone camera එකෙන් පින්තූරයක් ගෙන එය Search කර බැලීමට. උදාහරණයක් විදියට ඔබ විසින් යම් කිසි Product එකක පින්තූරයක් අරගනු ලබනවා, ඉන්පසුව ඔබට හැකියාව තිබෙනවා එහි විස්තර බලා ගැනීමට. අපි මෙහෙම හිතමුකෝ සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා තිබෙන යම් කිසි දෙයක් කියල. ඔබට එවැනි දෙයක් මෙම ආකාරයට Search කර බලා එහි වැඩි විස්තර සොයා බැලීමට පුළුවන්. Android මෙහෙයුම් පද්දතිය සඳහා Google සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා "Google Googles" නමින් එවැනි Visual Search කිරීමට පුළුවන් වෙන ආකාරයේ App එකක්.
Build a Security Camera
ඔබ Apps Lanka සමග සිටිය කෙනෙක්නම් ඔබේ Smartphone එක Security Camera එකක් බවට පත් කරගන්න ක්‍රමය ඔබට අලුත් දෙයක් නෙවෙයි. එම ලිපිය කියවීමට මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න
Smartphone එකක් කියන්නේ Pocket Size Computer එකක්. Smartphone එකක Camera එකකින් බොහොමයක් දේ කරගැනීමට පුළුවන් අනෙකුත් සාම්ප්‍රදායික Camera එක්ක බලනකොට. ඇත්තෙන්ම එය පුදුමයට පත් නොවිය යුතු දෙයක් මොකද, එම සියලුම කාර්යයන් කිරීම සඳහා එයට බලය ලබා දෙන්නේ ඒ සඳහාම විශේෂයෙන්ම නිපදවපු Software.
මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා
Post a Comment