0
Dual boot වෙන විදියට Pen එකෙන් Windows 8 install කරමු 


මීට ඉහතදී win 7 pen එකෙන් ඉන්ස්ටෝල් කරන විදිය පිළිබඳව පල කරපු ලිපියේදී වැඩි දෙනෙක් මගෙන් ඇහුව ප්‍රශ්නයක් තමයි මේ විදියට Pen එකෙන් windows 8 install කරන්න බැරිද කියන ප්‍රශ්නය. එම ප්‍රශ්නයට පිළිතුරක් විදියට තමයි මෙම ලිපිය ලිවීමට අදහස් කරන්නේ.


windows 8 එක ඉන්ස්ටෝල් කිරීමට පෙර ඔබට ඇතිවෙන ගැටළුවක් තමයි ඉන්ස්ටෝල් කරන්න ඕනේ 32 bit එකද 64 bit එකද කියන ප්‍රශ්නය. මතක තියා ගන්න එක තීරණය කල යුතු වන්නේ ඔබ නෙවි. ඔබගේ පරිගණකයෙහි තිබෙන පහසුකම් මත තමයි එය තීරණය කල යුතු වන්නේ. ඔබගේ processor එක 64 bit ව්ලාට සහයෝගය දක්වනවානම් පමණක් 64 bit install කිරීමට වග බලා ගන්න. 


පියවර 1


windows 8 වල image එකක් වගේම  Windows 7 USB/DVD tool මෘදුකාංගය අපිට අවශ්‍ය වෙනවා. එම මෘදුකාංගය Download කරගැනීමට පහත තිබෙන ලින්ක් එක click කරන්න.


1. Windows 8 RTM ( click here to download )


2. Windows 7 USB/DVD tool click here to download )


පියවර 2


bootable ආකාරයට usb drive එකක් සාදා ගැනීමට 4Gb හෝ ඊට වැඩි ප්‍රමාණයක usb drive එකක් අවශ්‍ය වෙනවා. Windows 7 usb/ dvd tool එක install කරගන්න. install කරගත් software එක open කරගන්න. දැන් ඔබට පුළුවන් ඔබ සතුව තිබෙන windows 8 image file එක browse කර තිබෙන තැන පෙන්වීමට. මී ලඟට pen එකට win 8 install වීමට පටන් ගන්නවා ඒ සඳහා මිනිත්තු 5ක් පමණ කාලයක් ගත වෙනවා. එය pen එකේ speed එක මත අඩු වැඩි වීමට පුළුවන්.  


පියවර 3

 ඔබ සැලසුම් කරන්නේ ඔබේ දැනට පවතින xp හෝ win7 මෙහෙයුම් පද්දතිය upgrade කිරීම මගින් windows 8 install කිරීමටනම්. මේ ආකාරයට නිවැරදිව install කිරීම කරගන්න. pen drive එකේ ඇතුලට ගොස් එහි තිබෙන setup.exe කියන file එක run කරන්න. දැන් මීළඟට පැමිණෙන window එකේදී ඔබට පුළුවන් කැමති option එකක් මගින් upgrade කිරීම කරගන්න. මෙහිදී පවතින windows  මෙහෙයුම් පද්දතියේ තිබෙන accounts වලට personal files වලට හානියක් නොවෙන පරිදි ඉන්ස්ටෝල් කිරීමට මේ පහතින් දිස් වෙන පින්තූරයේ තිබෙන ආකාරයට settings හදා ගන්න.



දැනට පවතින windows මෙහෙයුම් පද්දතිය සමග windows 8  මෙහෙයුම් පද්දතියත් install කරගැනීමට( dual boot ) අවශ්‍යනම් ඔබට වෙනම Hard Drive එකක් හෝ partition එකක් අවශ්‍ය වෙනවා. ඔබට වෙනමම Hard Drive එකක් තිබේනම් එය නිවැරදිව පරිගණකයට සවි කොට windows install කිරීමේදී එම Drive එක තේරීමෙන් පහසුවෙන් windows 8 dual boot වෙන ආකාරයට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. නමුත් Hard Disk එකක් නොමැතිනම් අලුතෙන් partition එකක් හදා ගන්න වෙනවා. win 7,vista use කරන අයටනම් එලෙස new partition එකක් හදා ගන්න පුළුවන්. Disk management කියන application එකෙන් එය කරගන්න පුළුවන්. Disk management open කරගැනීම සඳහා. (Start > search for Disk Management) start එකේ Disk management ලෙස search කර එය open කරගන්න. දැන් ඔබට බලා ගන්න පුළුවන් තියෙන partition බලා ගන්න. අලුතෙන් partition එකක් හදා ගන්න පහත ආකාරයට එම පියවරවල් අනුගමනය කරන්න.

shrink කිරීම මගින් කරන්නේ ඔබේ partition එකක gb ප්‍රමාණය අඩු කර ලබාගන්න පුළුවන් ප්‍රමාණයක් ලබා ගෙන වෙනම partition එකක් හදා ගැනීමයි. ඒ සඳහා වැඩි පුර free space තිබෙන partition එකක් තෝරා ගන්න සැලකිලිමත් වෙන්න. shrink කිරීම මගින් partition එකේ data වලට හානියක් නොවෙන බව මතක තබා ගන්න. 


1. windows 8 install කිරීමට අවශ්‍ය කරන partition එක උඩ  right click කර "Shrink volume" තෝරන්න  ( අවම වශයෙන් GB 20 වත් තිබීම අවශ්‍ය වෙනව  නිසා එම partition එක 20gb හෝ ඊට වැඩි ගානක් තිබෙන partition එකක් හදා ගන්න)


2. "Unallocated" space කියන තැන right click කර "New Simple Volume" කියන එක තෝරන්න.


3. මී ලඟට එය සඳහා drive letter  එකක් තෝරා NTFS file system එකට quick format කරන්න. එම partition එක සඳහා කැමති නමක් යොදා ගන්න.



ඔබ windows xp user කෙනෙක් නම් ඔබට මේ ආකාරයට partition එකක් සදා ගැනීමට " Ease US Partition Master " වගේ මෘදුකාංගයක් භාවිතා කිරීමට සිදු වෙනවා. මේ ආකාරයට partition එකක් සාදා ගැනීමෙන් පසුව අප සදා ගත් bootable pen drive එකෙන් boot කරන්න. මීළඟට "custom installation" කියන option එක තෝරා ඔබ අලුතෙන් සාදාගත් partition එක තෝරන්න. ඉන් පසුව සාමාන්‍ය ආකාරයට install කරගෙන යන්න. USB drive එකෙන් boot කිරීමේදී ගැටළුවක් ඇති වුව හොත් BIOS වලට පිවිස Boot Order එක නිවැරදිව හදා ගන්න.First boot device එක විදියට usb select කරන්න.


Post a Comment

 
Top