0
Windows වල අමතකවූ Password එක නැවත Reset කරගන්නා ආකාරය.


Password එක අමතක වීම එතරම් සුළු දෙයක් නෙවෙයි. නමුත් වාසනාවට එලෙස අමතකවූ Password එකක් Reset කරගන්න පුළුවන් පහසුම ක්‍රමයක් තිබෙනවා කියල ඔබ දන්නවද. ඒ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ Windows Installation Disk එකක් සහ සරල Command Line Trick එකක් පමණයි.


අමතක වූ password එක නැවත Reset කරගන්න ආකාරය 


Windows Installation Disk එක Boot කරන්න ඉන්පසුව "Repair Your Computer" තෝරන්න.




මෙම පහත තිබෙන ආකාරයේ Options ටික දිස් වෙනකන් ඉදිරියට යන්න. දැන් " Command Prompt " කියන Option එක තෝරන්න.



Command Prompt එක open කරගත් පසුව Original Sticky Keys file Backup කරගැනීම සඳහා මෙම පහත තිබෙන ආකාරයට Command Prompt එක මත Type කර Enter ඔබන්න.

copy c:\windows\system32\sethc.exe c:\

දැන් නැවත මෙම පහත තිබෙන ආකාරයට Type කර නැවත Enter ඔබන්න.

copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe




 දැන් පරිගණකය Restart කරන්න 


Password එක Reset කිරීම 

Login Screen එක පැමිණිය පසු "Shift" key එක 5 වතාවක් ඔබන්න.ඉන් පසුව ඔබට දැකගන්න පුළුවන් Adminstator Mode එකේ තිබෙන Command Promt එක.


දැන් ඔබ කැමති User Name එකකින් සහ Password එකකින් පෙර තිබු එක ඒවා Replace කිරීමට මෙම Command එක Type කර Enter ඔබන්න.

net user username  MyNewPassword




දැන් පෙර තිබු User Name සහ Password වෙනුවට ඔබ විසින් අලුතෙන් එකතු කරනලද User Name එකෙන් සහ Password එකෙන් ඔබට Windows වලට Log වෙන්න පුළුවන්.

නැවත ඔබට පෙර තිබු Original sethc.exe file එක නැවත අවශ්‍ය නම්, Windows CD එක boot කරලා. Command Prompt එක Open කරගෙන මෙම Command එක type කරලා Enter ඔබන්න.

c:\sethc.exe file back to c:\windows\system32\sethc.exe


ඔබේ අදහස් Comment එකක් මගින් දක්වන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලිපි පලකිරීමට එය සැබෑවටම අපිට ශක්තියක් වෙන නිසා.

Post a Comment

 
Top