0
Facebook එකින් ඔබව Unfriend කරපු අය කව්ද කියල දැනගන්න කැමතිද?




මම සිතන විදියට Facebook විසින් අරගෙන තියෙන වඩාත් වැදගත්ම පියවරක් තමයි. මිතුරන්වී සිටින පුද්ගලයින් කිසිඳු Notification එකක් නොලැබෙන පරිදි රහසේම Unfriend කිරීමට ඇති හැකියාව. නමුත් යම් කිසි පෞද්ගලික හේතුන් නිසා හෝ යම් යම් කරුණු මත ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. Facebook එකේ සිටින මිතුරු මිතුරියන් අතරින් ඔබව Unfriend කර තිබෙන්නේ කව්ද කියා දැනගන්න.මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න එම කරුණ පිළිබඳවයි.





Unfriend Finder කියන්නේ Google Chrome Extension එකක්. එමගින් ඔබට අවස්තාව සලසා දෙනවා. තවදුරටත් ඔබගේ මිතුරෙකු වී සිටීමට කැමැත්තක් නොමැති අය කව්ද කියා දැන ගැනීමට. 

එය Install කරගත් පසුව Facebook Toolbar එකට එය Add වෙනවා. යම් කිසි Friend කෙනෙක් ඔබව Unfriend කල ක්ෂණිකව ඔබට එය විසින් දැනුම් දෙනවා එම පුද්ගලයා කව්ද කියන එක පිළිබඳව. එය ක්ලික් කර පසුව ඔබට දැකගැනීමට හැකියාව තිබෙනවා ඔවුන්ගේ නම්.

එසේනම් එය Download කරගෙන Install කරගන්න. ඉන්පසුව ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා ඔබව Unfriend කල මිතුරන් කව්ද කියා .
 
ඒ විදියට Install කරගත් පසුව. Google Chrome එකෙන් ගොස් එම Extension එක Enbale කරගන්න.  


ඉන් පසුවඔබ Facebook එකට log වුනු පසුව මෙම ආකාරයට එය ඇතුලත් වී තිබෙනවා දැකගන්න පුළුවන් 





වැඩි යමක් දන ගැනීම සඳහා මෙම පහත තිබෙන Video එක බලන්න.


Post a Comment

 
Top